Related Posts Plugin for WordPress, Blogger...

Pages

Total Pageviews

Adverts

Hair Transplant Surgical Techniques.

Popular Posts

Sunday, 11 September 2016

ශ්‍රී ලංකා දුම්රිය සේවයට සුවිශේෂී සම්ප්‍රදායන් එදිනෙදා සිරිලක



 Sat 3 September 2016 2:25 pm

  
Staff Writer
ශ්රී ලංකා දුම්රිය සේවය, නැතිනම් SLR එක කියන්නේ අපේ රටේ තියෙන එකම දුම්රිය සේවාව. ශ්රී ලංකාවේ බස් සේවා වලට සෑහෙන කාලයක ඉඳලා පෞද්ගලික අංශය සම්බන්ධ වෙලා හිටියත් දුම්රිය සේවය ක්රියාත්මක වෙන්නේ තනිකරම රාජ් ආයතනයක් විදිහටයි. සමහර පෞද්ගලික සමාගම් වලින් දුම්රිය පෙට්ටි යොදවලා තිබුණත් දුම්රිය ධාවනය, මාර්ග සැකසීම වගේ හැම වැදගත් දෙයක්ම පූර්ණවම රාජ් වශයෙන් තමයි සිදු වෙන්නේ.
රාජ් ආයතනයක් වෙන එක රටේ මිනිස්සුන්ගේ පොකට් වලට හොඳ වුණත් ඒකෙන් දුම්රිය සේවයේ දියුණුවට ආයෝජන ලැබෙන්නේ නම් හරිම අඩුවෙන්. ටිකට් වලින් ලැබෙන ආදායම එදිනෙදා නඩත්තු වලටත් මදි. නිසාම පැරණි යටිතල පහසුකම් සහ යල් පැනගිය තාක්ෂණය පාවිච්චි කරලා තමයි අදටත් ලංකාවේ දුම්රිය ධාවනය වෙන්නේ. ලෝකයේ ප්රධාන දුම්රිය සේවා එක්ක බැලුවාම අපේ දුම්රිය සේවය විහිළුවක් වගේ.
හැබැයි නිසාම පැරණි කාලයට අයත් බොහෝ දේවල් අදටත් අපේ දුම්රිය සේවයේ ඉතිරි වෙලා තියෙනවා දකින්න පුළුවන්. අද අපි මේ කතා කරන්න යන්නේ නවීන ලෝකයේ දුම්රිය සේවා වල තරම් දකින්න නොලැබෙන අපේ දුම්රිය සේවයේ අමුතු අංග කිහිපයක් ගැනයි.
ශ්රී ලංකා දුම්රිය සේවයේ සංඥා පද්ධතිය
ඉන්දියානුවන් කියන්නේ කවදත් සරල දේවල් වලින් ලොකු ප්රයෝජනයක් ගන්න පිරිසක්. මේක ඔවුන්ගේ රටේදී හඳුන්වන්නේජුගාද්” (Jugaad) [එකක්] කියලයි. මොකක් හරි වැඩකට යොදා ගන්නේ තාක්ෂණිකව සුදුසුම, නිවැරදිම දෙයක් නොවුණත් අවශ් වැඩේ සිද්ධ වෙන එක තමයි මේ ජුගාද් පිළියමක මූලික ලක්ෂණය. වගේම සරල පිළියමක් වුණු ක්රමයක් දුම්රිය ධාවනය වගේ වැදගත් සේවාවකට මේ තරම් කාලයක් පාවිච්චියට ගන්න අපිත් ඇත්තටම බැලුවොත් ඔවුන්ට දෙවැනි නැහැ.
ඕනෑම දුම්රිය සේවාවක් ආරක්ෂිතව පවත්වා ගෙන යන්න නම් යම් විදිහකට සංඥා ලබා දෙන්න පුළුවන් ක්රමයක් තියෙන්න අවශ්යයි. ශ්රී ලංකාවේ බස්නාහිර පළාත ආශ්රිතව දුම්රිය ධාවනයට විදුලි ආලෝකයෙන් සංඥා දෙන ක්රම තිබුණත් (ට්රැෆික් ලයිට් වගේ) පිට පළාත් වල බොහෝ දුරට පාවිච්චියට ගැනෙන්නේ පැරණි ක්රමයක්. මේක හඳුන්වන්නේසෙමෆෝ ක්රමයකියලයි. (Semaphore) මේකෙදී සංඥාව ලබා දෙන්නේ ඈතක ඉඳන් උඩට පහළට කරන්න පුළුවන් ලෝහ බාහුවකින්. ටිකක් දුරට අතකින් සංඥා නිකුත් කිරීමක් වගේමයි. පහළින් තියෙන රූපය බැලුවොත් මේක වඩා හොඳින් වැටහෙයි.

මහනුවර දුම්රිය ස්ථානය අසල තියෙන සෙමෆෝ සංඥා. නිතර කෝච්චි වල යන අය මේවා ඕනෑ තරම් දැකලා ඇති. රූපය : RailPictures.net – Phil Cotteril මේ විදිහට පාට කරලා තියෙන බාහුව පොළොවට සමාන්තරව තියෙනවා නම් කෝච්චිය නතර කරන්න ඕන

රූපය : විකිපීඩියා
මේක දුම්රිය මාර්ගයට උඩින් හරි පැත්තකින් හරි හදපු කණුවක් වගේ දෙයක තමයි තියෙන්නේ. ලෝහ බාහුවක් පාට දෙකකින් (සාමාන්යයෙන් රතු සහ සුදු) පාට කරලා එක කොණකින් උඩට පහළට කරන්න පුළුවන් විදිහට සවි කරලා තියෙනවා. වගේම පාට කරපු වීදුරු කෑලි දෙකක් තියෙන කොටසකුත් බාහුවට පිටිපස්සෙන් දකින්න ලැබෙනවා. ඊට යටින් තියෙන විදුලි බල්බ් එකට නිවැරදි පාට වීදුරු කෑල්ල සමපාත වුණාම රියදුරුට රතු හෝ කොළ පාට එළියක් දකින්න පුළුවන්.
මේ වීදුරු දෙකෙන් එකක් රතු පාටයි. හැබැයි අනික ඇත්තෙන්ම කොළ පාට නෙවෙයි නිල් පාටයි. (ඉහළින් තියෙන රූපය ආපහු බලන්න) මේකට ප්රධාන හේතුව තමයි දවස් වල තිබුණු තාක්ෂණය. මුල් දවස් වල විදුලිය නොතිබුණු නිසා දිගටම දැල්වෙන ගෑස් ලාම්පුවක් තමයි භාවිත වුණේ. හැබැයි මේකෙන් විහිදුණේ තද කහ පාට ආලෝකයක්. නිසා නිල් පාට වීදුරුව ඇතුලෙන් බොහොම ලස්සන කොළ පාටක් දකින්න ලැබුණා. මේ ගෑස් ලාම්පු වෙනුවට පසුකාලීනව විදුලි බල්බ් සවි කෙරුණත් ඉස්සර තිබුණු සූත්රිකා බල්බ් වලත් එළිය කහ පාට නිසා ගැටළුවක් වුණේ නැහැ. රතු සහ කොළ පාට ආලෝකය විහිදුවන්න රතු සහ නිල් වීදුරු පාවිච්චි වුණේ සාමාන් වර්ණ සංයෝජන නීති වලට අනුවම තමයි.
මේ සෙමෆෝ පද්ධතිය බ්රිතාන් යුගයේදී අපේ රටට හඳුන්වලා දුන්නු ක්රමයක්. ඔවුන් අපිට නිදහස දීලත් අවුරුදු හැට ගාණක් වුණත් තවමත් අපි ක්රමය ප්රධාන දුම්රිය මාර්ගයේ පවා ප්රයෝජනයට ගන්නවා. (කොළඹ බදුල්ල – Main Line) රටේ ප්රධානම දුම්රිය මාර්ග වල මේ ක්රමය පාවිච්චි කරන්නේ අපි ඇතුළුව රටවල් කිහිපයක් විතරයි. ඉස්සර බ්රිතාන් යටත් විජිත වෙලා තිබුණු රටවල් ගණනාවක් දැන් පූර්ණ විදුලි ආලෝක සංඥා වලට මාරු වෙලා.
ටැබ්ලට් ක්රමය
ටැබ්ලට්”. දැන් ටැබ්ලට් කිව්වාම කට්ටියටම මතක් වෙන්නේ ටැබ්ලට් පරිගණක ගැන වුණත් මීට අවුරුදු ගාණකට කලින් මේ වචනේ ඇහුවාම කාටත් මතක් වුණේ බෙහෙත් පෙති. කොහොම වුණත් අපි මේ කතා කරන ටැබ්ලට් ක්රමය ඔය දෙකටම වඩා වෙනස්. මෙතැනදී ටැබ්ලට් එකක් කිව්වේ ලොකු යතුරු ඉබ්බෙක් (padlock) තරමේ ලෝහ ගුලියකට. තනි මාර්ගයේ දෙපැත්තටම දුම්රිය ධාවනය වෙනකොට එකිනෙක ගැටෙන්න තියෙන අවස්ථා වළක්වා ගන්න එක තමයි මේ ටැබ්ලට් ක්රමයෙන් සිදු වෙන්නේ. බොහෝ විට ආර්ථික හේතු නිසා ඕනෑම රටක දුෂ්කර ප්රදේශවලට ඉදි කෙරෙන්නේ තනි දුම්රිය මාර්ගයක් විතරයි. (ද්විත්ව දුම්රිය මාර්ග තියෙන්නේ නිතරම දුම්රිය යන්න අවශ් වන නාගරික පැති වල) 1874 අවුරුද්දේ එඩ්වඩ් ටයිලර් කියන ඉංජිනේරුවා තමයි තනි මාර්ගයක ආරක්ෂිතව දෙපැත්තටම දුම්රිය ධාවනය කරන්න මේ සරල උපක්රමය නිර්මාණය කළේ.
මේකට තියෙන සංකල්පය හරිම සරලයි. තමයි දුම්රිය ධාවනය කරන්න නම් දුම්රිය රියදුරා සතුව ටැබ්ලට් එකක් තිබිය යුතුයි කියන එක. මේ නිසා යම් දුම්රියක් මාර්ගයට ඇතුළු කරන්න නම් අදාළ රියදුරා දුම්රිය ස්ථානයෙන් ටැබ්ලට් එකක් ඉල්ලා ගන්නම ඕනේ. වගේම නවත්වන හැම දුම්රිය ස්ථානයකදීම මේ ටැබ්ලට් එක ලබා දෙන්න ඕනේ. රියදුරාට මතක තියා ගන්න තියෙන්නේ එච්චරයි.
හැබැයි මේ ක්රමය නිසා ලොකු ප්රතිඵලයක් ලැබෙනවා. ටැබ්ලට් එකක් ගත්ත දුම්රිය රියදුරෙක් ටැබ්ලට් එක ඊළඟ දුම්රිය ස්ථානයට භාර දෙනකල් වෙන කිසිම දුම්රියකට අනිත් පැත්තෙන් අදාළ දුම්රිය මාර්ග කොටසට ඇතුළු වෙන්න බැහැ. මොකද එහා කෙළවරේ දුම්රිය ස්ථානයට ටැබ්ලට් එකක් ලැබෙන තුරු මේ කෙළවරේ දුම්රිය ස්ථානයෙන් ටැබ්ලට් එකක් නිකුත් කරන්නේ නැහැ. නිසා ටැබ්ලට් ක්රමය තියෙන දුම්රිය මාර්ගයක කවදාවත් දුම්රිය ගැටීමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. ඕනෑම මොහොතකදී යම් දුම්රිය මාර්ග කොටසක තියෙන්නේ එක කෝච්චියක් විතරයි.
හැබැයි මේක ප්රයෝගිකව යොදා ගනිද්දී මීට වඩා තරමක් සංකීර්ණ වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම දුම්රිය මංසන්ධි, මාර්ග කිහිපයක් හෝ දුම්රිය විශාල ගණනක් යන්න තියෙන වෙලාවල් වල මේක සාර්ථකව ක්රියාත්මක කරගන්න නම් දෙපැත්තේම දුම්රිය ස්ථාන වල අය මනා සහයෝගයකින් වැඩ කරන්න ඕනේ. සම්පූර්ණ ටැබ්ලට් ක්රමයම පැහැදිලි කරන්න මේ ඉඩ ප්රමාණයේ අපහසුයි. ඒත් මේ ගැන ඔබට වැඩිදුර තොරතුරු අවශ් නම් මේ විකිපීඩියා ලිපියේ මේ ක්රමය ඉතා පැහැදිලි විග්රහයක් තියෙනවා.
ප්රායෝගිකව ටිකක් සංකීර්ණ වුණත් අදටත් අපි මේ ක්රමය පාවිච්චියට ගන්නවා. නවසීලන්තයේ පවා ටැබ්ලට් ක්රමය භාවිත වෙන දුම්රිය මාර්ග කොටස් දකින්න පුළුවන්. අද කාලේ එඩ්වඩ් ටයිලර් මහත්තයා ජීවත් වෙලා හිටියා නම් ඇත්තටම සතුටු හිතේවි. ඔහුගේ ක්රමය අපි අදටත් පාවිච්චියට ගන්නවා. අලුත් අලුත් තාක්ෂණික ක්රම කීයක් තිබුණත් ඔහු නිර්මාණය කරපු ක්රමය අදටත් ගැලපෙන හොඳ ක්රමයක්. පරණ හැම දේම නරක නැහැ කියන්නේ ඒකයි.
එඩ්මන්සන් ටිකට් නිකුත් කිරීමේ ක්රමය
ලෝකයේ කොයි දුම්රිය සේවාවක වුණත් ගමන් කරන්න නම් ටිකට් එකක් ලබා ගන්න එක අනිවාර්යයි. ශ්රී ලංකාවේ වුණත් මේ තත්වයේ වෙනසක් නැහැ. ලංකාවේ දුම්රියක යන්න ඔබට ලැබෙන්නේ මෙන්න මේ රූපයේ වගේ ටිකට් පතක්.
අපි කවුරුත් දැකලා තියෙන කෝච්චි ටිකට්
රූපය : NewsFirst.lk
ලංකාවේ කෝච්චි ටිකට් එකක් දිහා බැලුවාම කිසිම නිර්මාණශීලී බවක් පෙනෙන්නේ නම් නැහැ. හැබැයි ඇත්තටම මේ විදිහට ලංකාවේ කෝච්චි ටිකට් එක නිර්මාණය වෙලා තියෙන්නේ ඒක සුප්රසිද්ධ එඩ්මන්සන් ටිකට් නිකුත් කිරීමේ පද්ධතියට අනුව සකස් වුණු නිසයි. මේ පද්ධතිය නම් කරලා තියෙන්නේ මේකේ නිර්මාණකරු තෝමස් එඩ්මන්සන්ගේ නමින්. ටැබ්ලට් ක්රමය දක්ෂ ඉංජිනේරුවෙක්ගේ නිර්මාණයක් වුණත් මේ එඩ්මන්සන් නම් බ්රිතාන්යයේ දුම්රිය ස්ථානයක සාමාන් ලිපිකරුවෙක් විදිහට සේවය කරපු කෙනෙක්. දක්ෂයාට කොතන හිටියත් තැන ලැබෙනවා කියන්නේ ඒකයි.
දවස් වල පාවිච්චි වුණු ක්රමයේදී හැම දෙයක්ම අතින් ලියලා දෙන්න තමයි එඩ්මන්සන් වගේ ලිපිකරුවන්ට සිද්ධ වුණේ. ( කාලේ තිබුණේ බෝල් පොයින්ට් පෑන්වත් නෙවෙයි) මේ ක්රමයේ කාර්යක්ෂමතාව අඩුයි වගේම ලිපිකරුවන්ටත් වෙනුවෙන් නිකරුණේ මහන්සි වෙන්න සිදු වුණා. කාලයක් මේ ක්රමයටම පුරුදු වෙලා එපා වෙලා හිටිය එඩ්මන්සන් ඒකට පිළියමක් විදිහට තමයි තමන්ගේ ක්රමය ඉදිරිපත් කළේ.
ටිකට් දෙන වැඩේ කාර්යක්ෂම කරන්න බොහෝ දෙනෙක් ක්රම ඉදිරිපත් කළත් එඩ්මන්සන් ක්රමය ජනප්රිය වුණේ වැදගත් හේතු කිහිපයක් නිසා. ඔහුගේ ක්රමයේ විතරයි ටිකට් එකකට කේත අංකයක් තිබුණේ. වගේම මේසයක තියෙන බටයක් ඇතුලේ ටිකට් ටික එක පෙළට ගොඩ ගහලා පහසුවෙන් ගන්න පුළුවන් විදිහටත් ඔහු තමන්ගේ ක්රමය සකසා තිබුණා. කාඩ්බෝඩ් එකෙන් වැඩි ටිකට් ගාණක් කපන්න පුළුවන් විදිහට අඟල් 2×1 වගේ කුඩා ප්රමාණයේ ටිකට් ලබා දීමත් ඔහුගේ අදහසක්. ටිකට් එකේ අලංකාරත්වය වෙනුවට ප්රයෝජනවත් බව ගැන සැලකිලිමත් වුණු ක්රමයක් විදිහට එඩ්මන්සන් ක්රමය ප්රසිද්ධයි.දැක්කම අපේ කෝච්චි ටිකට් එක්ක සමානකමක් පේනවා නේද?


 c                                                           රූපය : EdinPhoto.org.uk
එඩ්මන්සන් ක්රමයට මුද්රණය කරපු ටිකට් එකතු කරන එකත් මුද්දර එකතු කරනවා වගේම බොහොම ජනප්රිය විනෝදාංශයක්. මේ හැම එකක්ම පාට කොහොම වුණත් අඟල් 2×1 ප්රමාණයේ නිසා එකට ගොඩ ගහන්න ලේසියි. කෝච්චි ටිකට් එකතු කරන එක ඉස්සර අපේ රටේ උදවියත් ඕන තරම් කරන්න ඇති. නිකමට eBay එකේ බැලුවා නම් ලංකාවේ පරණ කෝච්චි ටිකට් කලෙක්ෂන් එක එක ගණන් වලට හොයා ගන්න පුළුවන්. කොහොම වුණත් මේවා මිලට ගන්නේ ටිකක් පරිස්සමෙන්.
ටිකක් තොරතුරු හොයලා බලනකොට අපිට එඩ්මන්සන්ගේ ජීවිත කතාව විස්තරාත්මකව ලියැවුණු මේ ලිපියත් හමු වුණා. කැමති නම්, වෙලාවක් තියෙනවා නම් කියවලා බලන්න.
ගමන් කරන තැපැල් කාර්යාල
ගමන් කරන තැපැල් කාර්යාල, නැතිනම් ඉංග්රීසියෙන් Travelling Post Offices (TPO) කියලා හඳුන්වන්නේ කෝච්චි පෙට්ටි තුල තියෙන තැපැල් කාර්යාල වලටයි. ඉස්සර ඉඳන්ම කෝච්චි තැපැල් භාණ්ඩ ගෙනියන්න පාවිච්චි වුණත් මේ විදිහට තැපැල් භාණ්ඩ නියමිත ප්රදේශය අනුව බෙදා වෙන් කරන එකත් කෝච්චි පෙට්ටි ඇතුලේ කෙරෙන්න ගත්තේ ටිකක් පස්සේ. ඉස්සර කාලයේ හරි විදිහට බෙදා වෙන් කරපු මලු ගෙන ගියත් පස්සේ මේ ක්රමයෙන් කාර්යක්ෂමතාව ගොඩක් වැඩි කර ගන්න පුළුවන්. මේ අදහස මුලින්ම ආවේ බ්රිතාන්යයන්ටයි. බ්රිතාන් යටත් විජිතයක් වුණු අපිටත් ඒක ඉක්මණින්ම උරුම වුණා. බ්රිතාන්යයේ පිළිගත් සම්මතයන්ට අනුව තමයි අදටත් TPO වල තැපැල් භාණ්ඩ බෙදා වෙන් කරන වැඩේ සිද්ධ වෙන්නේ.
එඩ්මන්සන් ටිකට් කැබිනට් එකක්. මේක 1930 විතර කාලයේ පාවිච්චියට අරගත්තු එකක්.

                                                                   රූපය : railwaymuseaum.lv
TPO එකේ සිද්ධ වෙන්නේ සාමාන්යයෙන් තැපැල් කාර්යාලයක ඇතුලේ කාමරයේ සිද්ධ වෙන වැඩේමයි. ලැබෙන ලිපි සහ තැපැල් භාණ්ඩ සේරම යවන්න ඕන තැන අනුව වර්ග කෙරෙනවා. කෝච්චි ගමන අතරතුරදී තමයි මේ වැඩේ කෙරෙන්නේ. කෝච්චිය නවත්වන දුම්රිය නැවතුම්පොළ වල ඉන්න තැපැල් නියෝජිතයන් අදාළ ප්රදේශයේ බෙදා හරින්න නියමිත තැපැල් මල්ල ලබා ගන්නවා. පාරවල් වැඩිදියුණු වෙන්න කලින් බොහෝ වෙලාවට බදුල්ල වගේ කොළඹින් දුර ප්රධාන නගර වලට වුණත් දුරබැහැර ලියුම් ලැබුණේ කෝච්චියෙන් තමයි.
ශ්රී ලංකා දුම්රිය සේවයේ කවුරුත් දන්නා දුම්රියක් තමයි රාත්රියේ කොළඹ ඉඳන් බදුල්ලට යන තැපැල් දුම්රිය. “බදුල්ල නයිට් මේල් එකකියලා කවුරුත් හඳුන්වන මේ කෝච්චිය තරම් ප්රසිද්ධ තවත් තැපැල් කෝච්චියක් නැති තරම්. කොහොම වුණත් ඔබ මේ කෝච්චියේ යනවා නම්, විශේෂයෙන්ම තනියෙන් යන නුපුරුදු කෙනෙක් නම් ටිකක් පරිස්සම් වෙන එක ඇඟට ගුණයි. හොරකම් කරන අය සහ බිය වද්දා සල්ලි කඩා ගන්න අය මේ කෝච්චියේ බහුලයි කියලා කතාවක් තියෙනවා. කෝච්චි වල නිතර ගිය ආව ටිකක් පරණ කාලේ මාමා කෙනෙක්ගෙන් ඇහුවා නම් බදුල්ලේ තැපැල් කෝච්චිය ගැන ඕන තරම් බය හිතෙන කතා කියලා දේවි. කාලෙට වඩා අද කාලේ ආරක්ෂාව ටිකක් වැඩි වුණත් විමසිල්ලෙන් ඉන්න එක කෝකටත් හොඳයි නේද?

සෑහෙන පුරාණ කාලෙට අයත් වෙලා තිබුණු මේ වගේ තවත් කාරණා ශ්රී ලංකා දුම්රිය සේවය ඇතුලේ හැංගිලා තියෙනවා ඇති. අපිට දැන ගන්න ලැබුණු අමුතුම දේවල් හතරක් ගැන තමයි අපි මේ ලිපියෙන් ඔබට කිව්වේ. කලාපීය වශයෙන් ශ්රී ලංකාව සන්නිවේදනය වගේ අංශ වලින් මොන තරම් දියුණුවක් ලබා තිබුණත් ප්රවාහනය අතින් නම් අපි තවමත් ඉන්නේ හරිම පිටුපසින්.
ඒත් ඇත්තටම එහෙමද? ලංකාවේ දුම්රිය සේවය නවීකරණය වෙලා හරිම කාර්යක්ෂම, වෙලාවට වැඩ කරන, දියුණු රටවල දුම්රිය සේවයක් වගේ වුණා නම් සමහරවිට මේ වගේ දේවල් අද අපිට බලා ගන්න ඉතිරි නොවෙන්න පුළුවන්. අපිට අපේ පැරණි පෙනුමක් තියෙන දුම්රිය පෙට්ටි විහිළුවක් වුණත් විදේශිකයන්ට මේවා කෞතුක භාණ්ඩ වගේ හරිම වටිනා දේවල්. පිටකොටුව, මහනුවර, බදුල්ල වගේ දුම්රිය ස්ථාන වල ආසාවෙන් ඡායාරූප ගන්න විදේශිකයෝ මොන තරම් ඉන්නවාද?
පැයට කිලෝමීටර් තුන් හාර සීය වේගයෙන් කිලෝමීටර් ගණන් දිග පාලම් උඩ යන දුම්රිය තියෙන රටවලින් එන මිනිස්සු පවා දෙමෝදර ආරුක්කු නවයේ පාලමේ සුන්දරත්වයට වශී වෙන්නේ අන්න වටිනාකම නිසයි. හැම දේම වේගවත්, කාර්යක්ෂම, සංකීර්ණ වෙන ලෝකයක ඉපැරණි දේවල් වල තියෙන ආකර්ෂණීයත්වය දැන් ආපහු කාටත් දැනෙන්න පටන් අරන් තියෙනවා.
කවුරු ලඟත් දැන් ස්මාට් ෆෝන් එකට අමතරව බොත්තම් තියෙන පුංචි ෆෝන් එකක් තියෙන්නේ, කවුරුත් හෑන්ඩ් ලූම් රෙදි අඳින්නේ, ස්වභාවික දේවල්වලින් හදපු ආභරණ දාන්නේ, පෙම්වතුන් අතින් ලියපු ලියුම් හුවමාරු කර ගන්නේ, හැමෝම ස්වභාවික ආහාර හොයන්නේ, ෆ්රෙෂ් මිල්ක්, ෆ්රෙෂ් ෆ්රුට් ජූස් බොන්නේ, දේශීය වෙදකම් ගැන උනන්දු වෙන්නේ, පරණ සින්දු හොයාගෙන අහන්නේ, තට්ටු ගෙවල් උඩ ගස් වවන්නේ, කඩ්ඩ පැත්තක තියල සිංහලෙන් දෙමළෙන් අදහස් හුවමාරු කර ගන්නේ ඉස්සර කාලේ තිබුණු සරල බවේ සුන්දරත්වය දැන් ආයෙත් දැනෙන්න පටන් අරගෙන තියෙන නිසයි.
හැබැයි ලංකාවේ දුම්රිය සේවය තුල තිබුණු ඉපැරණි වටිනා කම සුරැකිලා තියෙන්නේ ඔය අලුත් අලුත් ට්රෙන්ඩ් කොයි එකටත් කලින් ඉඳන්. එහෙම වෙන්න එකම හේතුව වුණේ දුම්රිය සේවයේ ආදායම අඩු කම. නිසා අනාගතයේදී ආර්ථික වශයෙන් ශ්රී ලංකාව දියුණු වුණත් මේ වගේ සුන්දර තැන් වල ඉපැරණි ගුණය විදිහටම පවත්වා ගෙන යන එක වගකිව යුත්තන්ගේ ලොකු යුතුකමක්. ඔබත් ලංකාවේ සුන්දරම දුම්රිය ගමනාන්ත වලට ගිහින් තියෙනවා නම් මේ කතාවට එකඟ වෙනවාට සැකයක් නැහැ.
කවරයේ පින්තුරය: lanka-holidays.com
පරිවාර්තනය: ඉන්ද්රජිත් ගමගේ


Related Posts Plugin for WordPress, Blogger...