Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Sunday, 28 August 2016

ගුවන් විදුලියේ පුරෝගාමී ස්ත්රී භූමිකාවකට ජීවය දුන් නන්දා ජයමාන්න. කොළඹින් කතා කරයි.

ගුවන් විදුලියේ පුරෝගාමී ස්ත්රී භූමිකාවකට ජීවය දුන් නන්දා ජයමාන්න. කොළඹින් කතා කරයි. ලිපි මාලාවෙන් මෙවර හමුවන්නේ ශ්රී ලංකා ගුවන් විදුලියේ දෙවැනි සිංහල නිවේදිකාවයි. දශක හයකට වැඩි කාලයක් තිස්සේ අදටත් ක්රියාකාරීව සන්නිවේදන කටයුත්තේ නිරතවන ඇය ප්රවීණ මාධ්යවේදිනී නන්දා ජයමාන්නයි. වසර හැටපහක් අඛණ්ඩව මාධ්යයේ නිරත ඇය ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පුරෝගාමී චරිතයකි. මේ ඇගේ අතීත මතකයයි.


මම ගුවන් විදුලියට සම්බන්ධ වෙන්නේ 1951 අවුරුද්දේ. මම කොළඹ විශ්වවිද්යාලයේ සිංහල ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කරන්න ආසන්න දවස්වල පත්තරේ තිබුණු දැන්වීමකට ඉල්ලුම්පතක් දාලා තමයි ගුවන් විදුලියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. ආසාවට ඉල්ලුම් කළා මිසක් ගැන කිසිම දෙයක් දැනගෙන නෙවෙයි හිටියේ. සම්මුඛ පරීක්ෂණයට එන්න කිව්වම ගියා. ඒකෙදි විශේෂයෙන් බැලුවෙ පරිවර්තන කටයුතුවලට තිබුණු හැකියාව. මොකද අපට පැවරිලා තිබුණු මූලික රාජකාරිය තමයි ඉංග්රීසි ප්රවෘත්ති නිවේදනය, සිංහලට පරිවර්තනය කරගෙන ඉදිරිපත් කරන එක. ඒකට පරිවර්තනය කිරීමේ හැකියාව අත්යවශ්යයි. වගේම සිංහල, ඉංග්රීසි භාෂා දෙකේම හුරුව තියෙන්න ඕනෑ. මේවා තමයි විශේෂ සුදුසුකම් වුණේ. සම්මුඛ පරීක්ෂණයේදී පරිවර්තන කොටසක් දුන්නා කරන්න. මම ඒක හොඳට කළා. ස්වදේශීය සේවයේ ඩිරෙක්ටර් විදියට ඉඳපු ඉංග්රීසි මහත්තයෙක් තමයි මාව පරීක්ෂාවට ලක් කළේ.

සමුගත් ආසියාවේ සාඩම්බරය මිල්ලන්ගොඩ රාජා



                               "රාජා කැලෙන් අල්ලගන්න කොට උගේ වයස අවුරුදු පහක්විතර ඇති. පුංචි කාලෙ ඉඳලම එයා වතුරට හරිම ආසයි. වතුරට දැම්මාම ටිකක්අකීකරුයි. දඟකාරයා. අන්තිම වෙනකං ගඟට ගෙනිහිං නාවනකොටත් අතේ පයේ දම්වැල් දාල ගැටගහල තමයි නෑව්වේ. නැත්තං ඉතිං ඇත්ගොව්වනට කීකරු නෑ.
රාජා බලා කියාගන්න ඇත්ගොව්වන් දෙන්නෙක්හිටියා. මෙයා කොහොමත් ටිකක්අකීකරුයි. සාමාන් මිනිස්සුන් ඕන කෙනෙකුට ළමයෙක්වගේ කීකරුයි. අවුරුදු ගාණක්පෙරහැරේ දැලෙ ගියෙත්, කරඬුව වැඩමෙව්වෙත් හින්දනෙ. ඒත් ඉතින් ඇත්ගොව්වන් එක් තරහෙන් තමයි හිටියෙ. එයාල කියන දේ අහන්න අකමැතියි. මිල්ලන්ගොඩ අලි ගාලෙ අනිත් අලින්ට සාත්තු සප්පායම් කරනවට මෙයා අකමැතියි. එයාට පෙනි පෙනී අනිත් අයට කෑම දෙනකොට එයාට කොළ අත්තක්වත් දෙන්නෙ නැතිනම් සාත්තු කරන අයට ලී කැබලිවලින් දමල ගහනවා."

Related Posts Plugin for WordPress, Blogger...