Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Sunday, 11 September 2016

“ඔබේ නිර්මාණශීලී සිතුවිල්ලක වටිනාකම” – බුද්ධිමය දේපල නීතියට කෙටි හැඳින්වීමක්

ඔබේ නිර්මාණශීලී සිතුවිල්ලක වටිනාකම” – බුද්ධිමය දේපල නීතියට කෙටි හැඳින්වීමක්

 Wed 14 September 2016 8:23 pm

  
බුද්ධිමය දේපල හෙවත් Intellectual property යනු මේ වන විට මුළු ලොව පුරාම මෙන්ම මෙරට තුළද විශාල වශයෙන් කථාබහට ලක්වන නීතිමය විෂය ක්ෂේත්රයකි. මෙහි විශේෂතම ලක්ෂණය වන්නේ තුලින් මිනිස් මනසෙහි හටගන්නා නිර්මාණයන් සඳහා නෛතික අයිතිවාසිකමක්, ආර්ථිකමය වාසියක් මෙන්ම ඇගයීමක් හා සුරක්ෂිත භාවයක් ලබා දීමට උත්සාහ දැරීමයි. දැනට සමස්ථ ලෝක ප්රාජාවම දැනුමට මුල් තැන දෙමින්, එකී දැනුම් පදනම් කරගත සංවර්ධිත ආර්ථිකයක් කරා යොමු වෙමින් පවතී (මෙය knowledge based economy නමින්ද හැඳින්වේ). ගෝලීයකරණය හරහා විවිධ භූගෝලීය දේශ සීමාවන් හරහා මුළු ලෝකයම එකිනෙක අනුබද්ධිතව පවතින මෙවන් යුගයක මිනිස් දැනුම, අදහස් හා නිර්මාණශීලී ප්රකාශනයන (creative ideas and expressions) වැනි අස්පෘශ් දේපල පවා සුරක්ශිත කිරීමේ අවශ්යතාව අපට කිසිසේත්ම නොසලකා හැරිය නොහැක.

ශ්‍රී ලංකා දුම්රිය සේවයට සුවිශේෂී සම්ප්‍රදායන් එදිනෙදා සිරිලක



 Sat 3 September 2016 2:25 pm

  

ශ්රී ලංකා දුම්රිය සේවය, නැතිනම් SLR එක කියන්නේ අපේ රටේ තියෙන එකම දුම්රිය සේවාව. ශ්රී ලංකාවේ බස් සේවා වලට සෑහෙන කාලයක ඉඳලා පෞද්ගලික අංශය සම්බන්ධ වෙලා හිටියත් දුම්රිය සේවය ක්රියාත්මක වෙන්නේ තනිකරම රාජ් ආයතනයක් විදිහටයි. සමහර පෞද්ගලික සමාගම් වලින් දුම්රිය පෙට්ටි යොදවලා තිබුණත් දුම්රිය ධාවනය, මාර්ග සැකසීම වගේ හැම වැදගත් දෙයක්ම පූර්ණවම රාජ් වශයෙන් තමයි සිදු වෙන්නේ.
රාජ් ආයතනයක් වෙන එක රටේ මිනිස්සුන්ගේ පොකට් වලට හොඳ වුණත් ඒකෙන් දුම්රිය සේවයේ දියුණුවට ආයෝජන ලැබෙන්නේ නම් හරිම අඩුවෙන්. ටිකට් වලින් ලැබෙන ආදායම එදිනෙදා නඩත්තු වලටත් මදි. නිසාම පැරණි යටිතල පහසුකම් සහ යල් පැනගිය තාක්ෂණය පාවිච්චි කරලා තමයි අදටත් ලංකාවේ දුම්රිය ධාවනය වෙන්නේ. ලෝකයේ ප්රධාන දුම්රිය සේවා එක්ක බැලුවාම අපේ දුම්රිය සේවය විහිළුවක් වගේ.

ගලබැද්ද - සුගලාදේවි පොකුණ.











https://www.facebook.com/rsrc.php/v3/yB/r/-pz5JhcNQ9P.png
ගලබැද්ද - සුගලාදේවි පොකුණ.
කොළඹ සිට ලංකාවේ නැගෙනහිර බලා යන්නෙකු බොහෝ විට A4 මාර්ගයේ ගමන් කරයි. දියලුම ඇල්ල වැල්ලවාය බුත්තල යුදගනාව ආදී ස්ථාන නරඹා මොනරාගල නගරය පසුකර අම්පාර හෝ පොතුවිල් ආරුගම්බේ බලා යන ගමනේ දී බොහෝ දෙනා නොදන්නාකම නිසා හෝ නොසලකා හැරීම නිසා අත්හරින, නමුත් වැදගත් ස්ථානයක් ගැන සඳහන් කරන්නම්.
මොනරාගල සිට අම්පාර පොතුවිල් මාර්ගයේ ගමන ආරම්භ කරන විට දකුණු පසින් ඇත්තේ මොනරාගල කඳුවැටියයි.
මේ මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ යන විට පාරේ දකුණු පැත්තේ මෙම සුගලාදේවි පොකුණ යන අඩිපාර හමුවේ. අඩිපාරට හැරෙන තැන දැන්වීම් පුවරුවක් ඇත.පාර අයිනේ වාහනය නවත්වා බලනවිට නැරඹුම් ස්ථානය පෙනේ. එතැන ඇත්තේ සුගලාදේවි පොකුණයි. පොකුණට අමතරව සුගලාදේවිය වෙනුවෙන් තැනූ වැසිකිලියක පාදම දක්නට ලැබේ.
පොකුණට ජලය සැපයෙන්නේ පොකුණේ සිවු දිශාවෙන් තනා ඇති සිංහ කටවල් හතරකිනි. ඉහල කඳුවැටියෙන් ජලය ගලා එන මාර්ගයක් තිබෙන්නට ඇත.
මෙම ප්රදේශය පෙර කල හඳුන්වා ඇත්තේ අට දහස් රට ලෙසිනි.
අටදහස් රට ඉතා සුවිශේෂී ආරක්ෂිත ප්රදේශයකි. බටහිරින් කිරිඳිඔයත් දකුණෙන් මුහුදු තීරයත් ,උතුරින් මහවැලි නදියත් අට දහස් රටේ සුවිශේෂිත විය. වර්තමාන වෙල්ලස්ස ලෙස හැඳින්වෙන මෙම ප්රදේශයේ එදා අගනුවර වුයේ උදුන් දොරයි.
ගලබැද්ද නමින් හඳුන්වන්නේ ඉතා විශේෂ දේශගුණික සාධක වලින් යුතු සෞම් ප්රදේශයකි. රජවරුන්හට සුව දායක පරිසරයක් වු මෙහි තිබිය යුතු ආරක්ෂිත භෞතික ලක්ෂණ පවති. එහි සතර දිශාවෙන් තෙදිසාවක් කඳු වැටි වලින් සීමා වී ඇත.
එම ආරක්ෂාකාරී තත්වය නිසාම ශ්රී වල්ලභ කුමරු උඳුන්දොර සිය රාජධානිය කරගන්නට සිතුවා වී හැකිය. යම් හෙයකින් තමන්ට විරුද්ධව සතුරු සේනාවෝ පැමිණියත් කඳු මුඳුන් වල නිරීක්ෂණ ස්ථාන පිහිටුවීමෙන් කල් ඇතිව එම සේනා ආගමනය දැනගැනීමටත් ඔවුන්ට විරුද්ධව ප්රහාරක බල ඇණි පිටත් කර වීමටත් හැකියාව ලැබේ. කෙසේ වුවද අට දහස් ටේ අගනගරය ලෙස උදුන් දොර පෙන්වාදීම සදහා අවශ් තරම් සාධක,හා නටබුන්ද එහි පවති.
උදුන් දොර රාජධානියේ දීප්තිමත් යුගයක් වුයේ ශ්රී වල්ලභ ගේ බිසව වු සුගලා දේවියගේ රාජ් පාලන යුගයයි. වර්තමාන ගලබැද්ද බිසෝ කොටුව සුගලා බිසව වෙනුවෙන් ඉදිවු ඒවා බවට සාක්ෂි ඇත. සුගලා දේවිය පැරකුම්බා රජ යුද වැද ජය ගන්නා තුරුම උදුන්දොර සිට අටදහස් රට පාලනය කළාය.


Related Posts Plugin for WordPress, Blogger...