Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Sunday, 11 September 2016

ගලබැද්ද - සුගලාදේවි පොකුණ.











https://www.facebook.com/rsrc.php/v3/yB/r/-pz5JhcNQ9P.png
ගලබැද්ද - සුගලාදේවි පොකුණ.
කොළඹ සිට ලංකාවේ නැගෙනහිර බලා යන්නෙකු බොහෝ විට A4 මාර්ගයේ ගමන් කරයි. දියලුම ඇල්ල වැල්ලවාය බුත්තල යුදගනාව ආදී ස්ථාන නරඹා මොනරාගල නගරය පසුකර අම්පාර හෝ පොතුවිල් ආරුගම්බේ බලා යන ගමනේ දී බොහෝ දෙනා නොදන්නාකම නිසා හෝ නොසලකා හැරීම නිසා අත්හරින, නමුත් වැදගත් ස්ථානයක් ගැන සඳහන් කරන්නම්.
මොනරාගල සිට අම්පාර පොතුවිල් මාර්ගයේ ගමන ආරම්භ කරන විට දකුණු පසින් ඇත්තේ මොනරාගල කඳුවැටියයි.
මේ මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ යන විට පාරේ දකුණු පැත්තේ මෙම සුගලාදේවි පොකුණ යන අඩිපාර හමුවේ. අඩිපාරට හැරෙන තැන දැන්වීම් පුවරුවක් ඇත.පාර අයිනේ වාහනය නවත්වා බලනවිට නැරඹුම් ස්ථානය පෙනේ. එතැන ඇත්තේ සුගලාදේවි පොකුණයි. පොකුණට අමතරව සුගලාදේවිය වෙනුවෙන් තැනූ වැසිකිලියක පාදම දක්නට ලැබේ.
පොකුණට ජලය සැපයෙන්නේ පොකුණේ සිවු දිශාවෙන් තනා ඇති සිංහ කටවල් හතරකිනි. ඉහල කඳුවැටියෙන් ජලය ගලා එන මාර්ගයක් තිබෙන්නට ඇත.
මෙම ප්රදේශය පෙර කල හඳුන්වා ඇත්තේ අට දහස් රට ලෙසිනි.
අටදහස් රට ඉතා සුවිශේෂී ආරක්ෂිත ප්රදේශයකි. බටහිරින් කිරිඳිඔයත් දකුණෙන් මුහුදු තීරයත් ,උතුරින් මහවැලි නදියත් අට දහස් රටේ සුවිශේෂිත විය. වර්තමාන වෙල්ලස්ස ලෙස හැඳින්වෙන මෙම ප්රදේශයේ එදා අගනුවර වුයේ උදුන් දොරයි.
ගලබැද්ද නමින් හඳුන්වන්නේ ඉතා විශේෂ දේශගුණික සාධක වලින් යුතු සෞම් ප්රදේශයකි. රජවරුන්හට සුව දායක පරිසරයක් වු මෙහි තිබිය යුතු ආරක්ෂිත භෞතික ලක්ෂණ පවති. එහි සතර දිශාවෙන් තෙදිසාවක් කඳු වැටි වලින් සීමා වී ඇත.
එම ආරක්ෂාකාරී තත්වය නිසාම ශ්රී වල්ලභ කුමරු උඳුන්දොර සිය රාජධානිය කරගන්නට සිතුවා වී හැකිය. යම් හෙයකින් තමන්ට විරුද්ධව සතුරු සේනාවෝ පැමිණියත් කඳු මුඳුන් වල නිරීක්ෂණ ස්ථාන පිහිටුවීමෙන් කල් ඇතිව එම සේනා ආගමනය දැනගැනීමටත් ඔවුන්ට විරුද්ධව ප්රහාරක බල ඇණි පිටත් කර වීමටත් හැකියාව ලැබේ. කෙසේ වුවද අට දහස් ටේ අගනගරය ලෙස උදුන් දොර පෙන්වාදීම සදහා අවශ් තරම් සාධක,හා නටබුන්ද එහි පවති.
උදුන් දොර රාජධානියේ දීප්තිමත් යුගයක් වුයේ ශ්රී වල්ලභ ගේ බිසව වු සුගලා දේවියගේ රාජ් පාලන යුගයයි. වර්තමාන ගලබැද්ද බිසෝ කොටුව සුගලා බිසව වෙනුවෙන් ඉදිවු ඒවා බවට සාක්ෂි ඇත. සුගලා දේවිය පැරකුම්බා රජ යුද වැද ජය ගන්නා තුරුම උදුන්දොර සිට අටදහස් රට පාලනය කළාය.


Related Posts Plugin for WordPress, Blogger...