Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Monday, 1 May 2017

ලස්සන වෙන්නට වත්සුනු තවරා




ලස්සන වෙන්නට  වත්සුනු තවරා


නීරෝගිමත් සහ පියකරු පෙනුමක් ලබා ගැනීම සඳහා බොහෝදෙනා සුවඳවිලවුන්, තොල් ආලේපන, නිය ආලේපන වැනි විවිධ personal care නිෂ්පාදන භාවිතා කරති. මෙම නිෂ්පාදන වල අන්තර්ගත රසායන ද්‍රව්‍ය ප්‍රමාණය බහුලය. කෙසේ වෙතත් මිනිස් ශරීරයට ආරක්ෂාව සපයන ඇතැම් personal care නිෂ්පාදනද වෙළඳපොළේ ඇත. නමුත් සත්යෙවශයෙන්ම සොයා බලන විට බොහොමයක් නිෂ්පාදන මිනිස් ශරීරයට ඉතා හානිදායකය.මෙම නිෂ්පාදන වල අන්තර්ගත රසායනයන් ඉතා ප්රසබල විෂරසායනයන් බැවින් දිගුකාලීනව මෙම නිෂ්පාදන භාවිතයෙන් මිනිස් සමට අවලස්සන පෙනුමක් ඇතිවීමට ඉඩ ඇත. එසේම මෙම නිෂ්පාදන වල අන්තර්ගත රසායනයන් ක්ෂණික ප්රටතිඵල පෙන්නුම් කරන බැවින් ඒවා මිනිස් සමට අධික ලෙස සංවේදිවේ. මෙ නිසා ගැබිනි මවවරුන විශේෂයෙන් මේ ගැනඅවධානය යොමු කිරිම වටී.
සුවඳ විලවුන් වල අන්තර්ගත මිනිස් සිරුරට ඉතා හානිකර විෂ රසායනයන් කිහිපයකි.

කාන්තාවන්ගේ ආශාවන් හීන කරන ලෙඬේ

කාන්තාවන්ගේ ආශාවන් හීන කරන ලෙඬේ


හෝමෝන සිරුර ක්‍රියා කිරීමට නැතිවම බැරිය. එහෙත් කොපමණ අවශ්‍ය වුවත් හෝමෝන පමණට වඩා වැඩි වීම වගේම අඩු වීමද සුදුසු නැත. හෝමෝන අතරිනුත් තයිරොයිඞ් හෝමෝනය ගැන කාන්තාවන් දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය වෙන්නේ එය ඇයගේ නීරෝගීතාවයට උපතේ සිටම බලපාන නිසායි.තයිරොයිඞ් ග්‍රන්ථියෙන් නිපවෙදන හෝමෝනය කායික මානසික ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍යය සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන්ට හා කැල්සියම් සමතුලිතතාවයට අත්‍යාවශ්‍යය. හෝමෝන අඩු වීම හෝ වැඩිවීම නිසා කෙනකුගේ නීරෝගී බව බිඳ වැටෙයි.විශේෂයෙන්ම තයිරොයිඞ් හෝමෝනය බලාපාන්නේ කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියටයි.

ඔබගේ පවුලේ ආරක්ෂාව තිබෙන්නේ ඔබගේ අතේ.


ඔබගේ පවුලේ ආරක්ෂාව තිබෙන්නේ ඔබගේ අතේ. ඒ නිසා ඔබගේ නිවැසියන්ට ඔබ දියයුත්තේ සුදුසු ආහාර පානග ඉතින ආයුෂ වැඩිවෙන ආහාරයක දෙන්න ඔබට පහසුවෙන්ම පුළුවන්ගමෙන්න ඒකට හොඩුවාවක්.
පොටෑසියම් අඩංගු අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීමෙන් ආයුෂ වැඩිවන බව නවතම පර්යේෂණවලින් සොයාගෙන ඇතගකෙසෙල් ජනප්රිය පොටෑසියම් බහුල පළතුරක් මෙන්ම එළවළුවකි.

සැළසුම් සහගත දිවිය වටී


සැළසුම් සහගත දිවිය වටී
වාසි රැසක් දෙයි ගිලින පෙති

අම්මා කෙනෙක් වීම කියන්නේ පෙර සංසාරයේ ඉදන් ගෙන එන පුරුද්දක් කියලා තමා හැමා්ම හිතන්නේ. ඉතින් අම්මා කෙනෙක් වෙන්න නම් පූර්ව සැළසුමක් තියෙන්න ඕනේ. ගර්භණී භාවයට පත් වීම ගැන දැනුමක් හැම තරුණියකට තියෙන්න ඕනේ. ඒත් ඒ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන අය විතරයි. ගැබිනි සමයේ ඇති විය හැකි අනවශ්‍ය සංකූලතා බොහොමයක් මග හරවා ගන්නට දැනුවත් විම ප්‍රයෝජනවත්වේ.

රජය ග්‍රාමීය කාන්තාව ගැන මෙයට වඩා බලන්න ඕනේ

නිතිඥ සෙලිනා පිරිස්


 සෙලිනා පීරිස්. ඇය යොවුන් නීතිඥවරියක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සංහිදියා කාර්යාලයේ සැළසුම් හා ක්‍රියාත්මක කිරීමේ ලා කාන්තාවන් සමග කටයුතු කළ  ඇය අද ග්‍රාමීය කාන්තාව ආර්ථික අතින් සවිබල ගැන්වීමෙන් අපේ රට දියුණු කළ හැකිය කියන තැන සිටිමින් අලුත් ගමනක් ආරම්භ කර ඇත. ඒ සිය මව වන සැන්ඩ්‍රා වඳුරාගලගේද පූර්ණ සහයෝගය ඇතිවය.

Sunday, 30 April 2017

ලස්සන වෙන්න නම් ලස්සන වෙන්න



ලස්සන වෙන්න නම් ලස්සන වෙන්න


අපි ලස්සන වෙන්නට කොච්චර ආසද කිව්වොත් ඕනැම මිලක ගෙවලා ඕනැම දෙයක් ගන්න සුදානනම්නෙ නේද.. අපි ලස්සන කියලා මුළින්ම හිතන්නේ සම ගැනනෙ. සම ලස්සනයි නම් සුදු පාටයි නම් අන්න එක තමා ලස්සන. ඩේ‍රස්මො එකේ අප්සරා වාගේ සුදු වෙන්න ඇත්නම් කියලා හිතන ගැහැනු ළමයි ඉන්නවා. ඒත් ඒක උපතින්ම ආපු සුද නිසා අපිට වෙන්නේ සුදු වෙන්න මහන්සි වෙන්න.
අපි සම ආරක්ෂා කර ගන්න ඕනේ. ඒකට සමට නිසි පෝෂණය ඕනේ. තාරුණ්‍යය රැක ගන්න නම් සම තමයි මුළින්ම පේන්නෙ. එහෙම නම් සමට නිසි පොෂ්ණයක් ලබා දෙන්න ඕනේ. සමේ නිරෝගි බව කියා පාන්නේ බාහිර පෙනුමන්නෙ. එ ්සඳහා අනුගමනය කරන්න ඕනෙ කරුණු ගනනාවක් තියෙනවා.

ඔව් මම අසාමාන්‍ය මහාරාජා කෙනෙක්

සත්‍ය කතාව
ඔව් මම අසාමාන්‍ය මහාරාජා කෙනෙක්
2006 වසරේ මාර්තු 14 දිනට පහන් වී ගත වී තිබුණේ හෝරා හත අටක් පමණි. බටහිර ඉන්දියාවේ, ගුජරාටයේ, නර්මදා නදී නිම්නයේ පිහිටි සුන්දර, නිස්කලංක රාජ්පිප්ලා නගරයේ වීදිවලට ඇදී ආ ජනයා හඬනගා විලාප තබමින් පඹයන් පුළුස්සමින් මහා කලබැගෑනියකට අර අඳිමින් සිටියහ.

Tuesday, 25 April 2017

පවුල් අවුල් හෙට වලකමු මේ ඔසු ගැන අපි දැන ගමු


පවුල් අවුල් හෙට වලකමු මේ ඔසු ගැන අපි දැන ගමු

අද ඇතැම් පවුල්වල ගැටුම් නිර්මානය වන්නේ ලිංගික සම්බන්ධතාවල ඇති පරස්පරතා නිසා බැව් රහසක් නොවේ. බොහෝ කාන්තාවන්ට මේ අකමැති නැමැති රෝගය ඇතිවීමෙන් පවුලේ ගැටුම් ඇතිවෙන බව සොයා ගෙන ඇත. මෙයට හේතුව වන්නේ සිරුරේ ඇති රසායනික වෙනස් වීම්ය. පොදුවේ ගත් කල ගැහැනු පිරිමි දෙපාර්ශවයටම මෙම රෝගී තත්ත්වය ඇති වී පවුලේ ගැටුම් ඇතිවන බවයි සමික්ෂණවලින් කියැවෙන්නේ. මේ රෝගීි තත්වය අද ඊයේ එකක් නොවන්නේ පුරාණ කාලයේ පටන් මේ සඳහා වන ඖෂධ තිබුණු බවට ඇති සාක්ෂි වේ. මේ අනුව එකී ඖෂධ අද පෙති හෝ කරල් වශයෙන් වෙළෙඳ පොළට පැමිණ ඇති බව ඔබට හෙළි කිරීමයි මෙම ලිපියේ අරමුණ.

අවුල් වුණොත් පවුල නතර වේවි ගමන

අවුල් වුණොත් පවුල නතර වේවි ගමන
පවුල් අවුල් ඇතිවෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. එහෙම වෙන්නේ  හිතට දැනෙන කම්පනයත් එක්ක කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔබ කාන්තාවක් හැටියට ඔබගේ පවුල අවුල්  නොවන්න වග බලාගන්නවාද කියලා දැන්වත් ටිකක් හිතන්න බලන්න.

මගෙ සුදු බෑණන්ඩිට තෙරුවන් සරණේ සරණයි ලේ්ලිට නැති සැලකිලි බෑනට





මගෙ සුදු බෑණන්ඩිට තෙරුවන් සරණේ සරණයි
ලේ්ලිට නැති සැලකිලි බෑනට
විවාහය කියන්නේ උත්තරීතර බැඳීමක් කියන එක ආසියාතික සමාජයේ තවමත් ඉහළින්ම පිලි ගන්නවා.  එ් වාගේ්ම පවුල් සංස්ථාව ආරක්ෂා කරගන්න හැම විවාහක යුවළම මොන මොන ප‍්‍රශ්න තිබුනත් උත්සාහ කරන්නේ දික්කසාදය කියන්නේ පාපයක් ලැජ්ජාවට කරුණක් පහත් දෙයක් කියා අපේ සමාජය පිලිිගන්නා නිසා.
අපි දන්නවා එක එක රටවලට ආවේනික විවාහ සිරිත් තියෙනවා. එක එක ගොත‍්‍රිකයන්ට අදාළවත් සිරිත් විරිත් තියෙනවා. එ් වාගේම අපේ රටේ උඩ පහත ආදි වශයෙනුත් චාරිත‍්‍ර තියෙනවා. මේ මොනවා වුණත් දෙන්නා පදිංචි වෙන්නේ මනාලයාගේ ගෙදර, එහෙමත් නැත්නම් අලූත ගේන මනමාලි වෙනුවෙන් සැ¥ අලූත් ගෙදර.

දෙතොළ නොකී දේ් මුහුණේ ලියැවෙනවා


දෙතොළ නොකී දේ් මුහුණේ ලියැවෙනවා
තරුණියකගේ වටිනාම සම්පත මුහුණ කියලා කිව්වොත් එහි තර්කයක් නැහැ. තව තව එ්වා තියෙන්න පුළුවන්. නමුත් අපි මුළින්ම දකින්නේ මුහුණනෙ. එ්නිසා මුහුණට අපි ප‍්‍රමුඛස්ථානය දෙන්න  ඕනේ. ඉතින් මේ මුහුණෙ පිහිටීම අනුව එ් අයිතිකාරයාගේ චරිතය කියන්න පුළුවන් කියලා මනෝවිශ්ලේසකයො වගේම ජ්‍යොතිෂවේදිනුත් පවසනවා.

පෝයට දරුගැබ සලිත වෙලා අම්මල බය වෙයි ලැබෙයි කියා.



පෝයට දරුගැබ සලිත වෙලා
අම්මල බය වෙයි ලැබෙයි කියා.
දරුවෙකු කුස පිළිසිඳ ගත් දා සිට නිරෝගී දරුවෙකුට උපත ලබා දීම ඔබගේ සිහිනයයි. එ් සිහිනය මල්ඵල ගැන්වෙන සොඳුරු දිනය දරු ගැබට සති 40ට ආසන්න දිනයකදී සිදුවිය හැකියි. දරු ගැබට සති 40 යනු ඔබගේ ගර්භණී සමයේ උපරිමය කාලයයයි. කුස තුළ සිටින කිරකැටියාට සති 37- 42 අතර කාලයේදී සිදුවන ප‍්‍රසුතිය සාමාන්‍ය දරු ප‍්‍රසුතියක් ලෙස වෛද්‍යවරු සලකති.

Monday, 24 April 2017

දරු පැටියට උපත දෙන්න වේදනාව අඩු කරන්න







ඔබ දන්නවාද ඔබේ මව ඔබ මෙලොවට බිහි කිරීමට දැරූ වේදනාව? එය මුළු සිරුරේම ඇති අස්ථි එක වර බිඳ දමන මොහොතක දැනෙන වේදනාවටත් වඩා දරුණු බව කියවෙනවා නේද. ඒත් ඉතින් වේදනාව අද කාලයේ සමහර තරුණියන් දරන්නට අකමැතියි. නිසා විය හැකියි බොහොමයක් දෙනා අද සාමාන් දරු උපතක් සිදු කිරීමේ හැකියාව තිබුණත් රෝහලට ගෙවීමට හැකියාවක් ඇතිනම් සිසේරියන් සැත්කම වෙත යොමු වන්නේ. නමුත් ඇතැම් වෛද් වරුන් පවසන්නේ අනවශ් ලෙස ශල්යකර්ම වලට භාජනය නොකර නිර්වින්දන ඖෂධ මගින් වේදනාව අඩු කරඑපිඩියුරල් රමයට දරුවන් බිහි කල හැකි බව.

Sunday, 22 January 2017

එක්වන්න ළංවී - යළි පා සෙනේ

රෝයි පීරිස් නම මෙරට සංගිීත ක්ෂේත්‍රයට කවදාවත් අමතක වන නමක් නොවන වග විශ්වාසය. ඔහු සංගිත ලෝකයේ ගායකයකු සේ බෞතීස්ම් වන්නේ ‘මා දෑසේ වේදනා ’ ගිීතයත් සමග කීවොත් නිවරදිය.
1963 ජනවාරි මස 06 දා උපන් රෝයි පුත්තලම ශාන්ත ඇන්ඩෲ මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා පසුව 1981 දී බෙල්වුඞ් සංගිීත තක්ෂලාවට ඇතුළුවීමට වරම් ලැබුවේය.

ජාතික තරුණ සේවා සභාව දීප්තිමත්ව තිබූ ඒ එක් යුගයක බෙල්වුඞ් රූපවාහිනි ගම්මානය නම් වූ තක්ෂලාවෙන් සංගීිත ගායනය වාදනය හැදෑරූ තරුණ තරුණියන් පිරිස රසික ප්‍රජාව අතරට එන්නේ නිකම්ම නිකං සංගිීත කාරයන් හැටියට නොවන වග අද මේ වන විට මනාව ඔප්පු කර ඇත. මාර්ෂල් ජනතා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, ජයන්ත දිසානායක ආදි ශිල්පින් සමග එක්ව fදාරට වඩින රෝයි පීරිස් බටහිර සංගිීත ඩිප්ලෝමාධාරියකු ලෙස සිය සංගිීතඥාණය පුළුල් කරගෙන සිටියේය.
ඔහු එසේ බටහිර  සංගීිතය හදාරා පසුව සංගිීත ආචාර්යවරයකු ලෙස ගුරුවෘත්තියට එක් විය. කොට්ටුකච්චිය මහ විදුහල, ද`ළුවකොටුව ශාන්ත ආනා මහ විද්‍යාලය, ඇත්ගාල සහ ඒත්තුකාල කනිෂ්ට විද්‍යාලය යන විදුහල්වල සංගිීත ගුරුවරයා වු රෝයි තම දැනුමෙන් සිසු පරපුරක්ද පෝෂණය කළේය.

රෝයි පීරිස් “මා දෑසේ වේදනා” ගීතයෙන් රසිකයන් අතරට පැමිණ “හද සාගරේ”,  “ඒ නෞකාවේ” ,“රත්තරං ප්‍රාර්ථනා” , “ඔබ ආදරේ මා කෙරේ නම්” , “පෙරදා මා හා” , “හිරු මිළින වී සඳු මිලින වී” , “අම්මේ යන්න එපා දුරු රටකට” සහ චන්ද්‍රලේඛා පෙරේරා සමඟ ගැයූ“ඔබ නෑසූ කතාවක් කියන්නම්” වැනි ගිීත අතිශය ජනප්‍රිය විය.
තරුණ සේවා සභාවේ කැසට් පට ගණනාවකට දායක වූ රෝයි,  “මා දෑසේ වේදනා” නමින්ම සිය කුළුඳුල් කැසට් පටය එළි දැක්වූවේය. “මා දෑසේ වේදනා අංක 2 - සමුගන්නම් ළඳේ” කැසට් පටයේ තමන් ගැයූ ගීත වැඩි ගණනක තනු හා සංගීතය රෝයි විසින්ම නිර්මාණය කිරීම විශේෂයකි. “කදුළු ලියකම්, “ඇයි රිදවන්නේ” (සංගීතය - මේරියන්ස්) “රත්තරන් ප්‍රාර්ථනා”  “සන්ෆලවර් සමඟ රෝයි පිරිස් ගී 16” ඇතුළු කැසට් පට කීපයකටද ඔහු ගැයූ ගී ඇතුළත් විය.
රෝයි ඒ අසූවේ දශකයේ ඔහුව ජනප්‍රිය ගායකයෙක්  කළ ‘මා දෑසේ වේදනා’ ගිීතය මේ දක්වාම සංගීිත සංදර්ශනවලදි ගායනා කිරීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ගීිත රචක නිහාල් ගම්හේවා ‘මා දෑසේ වේදනා’ගිීතය ශිහාන් මිහිරංගටත් ‘රත්තරං ප්‍රාර්ථනා’ගීතය තික්ෂණ අනුරාධටත් රි මික්ස් කර රිගින් ටෝන් සඳහා ලබා දි්ම නිසා අර්බුදයකටද මැදිහත් විය. ඔහු මේ කාරණය නිසා බොහෝ සිත් වේදනාවෙන් පසුවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු ජොර්ජ් රොබ්සන් සමග එක් සති අන්ත ජාතික පුවත්පතක් හා එක්වෙමින් කියා තිබුණේ ”අද ගීත රී මික්ස් කරනවා කියලානෙ ඔය ජාවාරම කරන්නේ. ව්‍යාපාරිකයන්ගේ තවත් කූට ව්‍යාපාරයක් තමයි ඕක. ඔය කූට ව්‍යාපරිකයක් කලාකරුවන් සූරා කනවා. ඒ විතරක් නෙවේ ගීිත විකෘති කරනවා. නිහාල් රිගින් ටෝන්වලට විකිණීමෙන් වෙලා තියෙන්නෙත් ඒකමයි” කියාය.
රෝයි කල්්‍යාණි සන්ධ්‍යා කුමාරි හා විවාහව සිටි අතර  කළණ මධුරංග හා කල්ප  විදුරංග යන පුතුන් දෙදෙනාගේ ආරණීය පියානන් විය. 2017 ජනවාරි 21 දා රෝයි මිය යන විට 54 හැවිරිදි වියේ පසුවු අතර ඔහුගේ දේහය මීගමුව, කට්ටුව, දළුවකොටුව, හලාවත පාර අංක 189 නිවසේ තැන්පත් කර ඇති අතර 23
සවස 4.00ට මිගමුව පොදු සුසාන භූමියේදි ඔහුගේ අවසන් කටයුතු සිදු කරනු ලබයි.
මට කැටිපෙගේ මුහුණු පොතේ තැබූ ඔහුගේ සටහනකින් රෝයිට සමුදෙන්න හිතෙනවා “ආයි නොඑන ලෙස සමුගෙන ගොස් ඇත. හිරු මිලින වී - සඳු මිලින වී - ඔබ මා තනිකර වෙන් වූ දිනේ - දිවිමග තනියි - ඔබ නිසල ඇයි -
එක්වන්න ළංවී - යළි පා සෙනේ ! ඔහු ම ගයා අවසන් හෙයින් අප අමුතුවෙන් කුමක් ලියන්නද ? මිත්‍රයා ඔබට සුබ ගමන්.”
ඔව් රෝයි සුබ ගමන් මිත්‍රයා.
-උපාලි බණ්ඩාර වීරසේකර

Related Posts Plugin for WordPress, Blogger...