Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Sunday, 22 January 2017

එක්වන්න ළංවී - යළි පා සෙනේ

රෝයි පීරිස් නම මෙරට සංගිීත ක්ෂේත්‍රයට කවදාවත් අමතක වන නමක් නොවන වග විශ්වාසය. ඔහු සංගිත ලෝකයේ ගායකයකු සේ බෞතීස්ම් වන්නේ ‘මා දෑසේ වේදනා ’ ගිීතයත් සමග කීවොත් නිවරදිය.
1963 ජනවාරි මස 06 දා උපන් රෝයි පුත්තලම ශාන්ත ඇන්ඩෲ මහා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා පසුව 1981 දී බෙල්වුඞ් සංගිීත තක්ෂලාවට ඇතුළුවීමට වරම් ලැබුවේය.

ජාතික තරුණ සේවා සභාව දීප්තිමත්ව තිබූ ඒ එක් යුගයක බෙල්වුඞ් රූපවාහිනි ගම්මානය නම් වූ තක්ෂලාවෙන් සංගීිත ගායනය වාදනය හැදෑරූ තරුණ තරුණියන් පිරිස රසික ප්‍රජාව අතරට එන්නේ නිකම්ම නිකං සංගිීත කාරයන් හැටියට නොවන වග අද මේ වන විට මනාව ඔප්පු කර ඇත. මාර්ෂල් ජනතා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සෝමසිරි මැදගෙදර, චන්ද්‍රලේඛා පෙරේරා, ජයන්ත දිසානායක ආදි ශිල්පින් සමග එක්ව fදාරට වඩින රෝයි පීරිස් බටහිර සංගිීත ඩිප්ලෝමාධාරියකු ලෙස සිය සංගිීතඥාණය පුළුල් කරගෙන සිටියේය.
ඔහු එසේ බටහිර  සංගීිතය හදාරා පසුව සංගිීත ආචාර්යවරයකු ලෙස ගුරුවෘත්තියට එක් විය. කොට්ටුකච්චිය මහ විදුහල, ද`ළුවකොටුව ශාන්ත ආනා මහ විද්‍යාලය, ඇත්ගාල සහ ඒත්තුකාල කනිෂ්ට විද්‍යාලය යන විදුහල්වල සංගිීත ගුරුවරයා වු රෝයි තම දැනුමෙන් සිසු පරපුරක්ද පෝෂණය කළේය.

රෝයි පීරිස් “මා දෑසේ වේදනා” ගීතයෙන් රසිකයන් අතරට පැමිණ “හද සාගරේ”,  “ඒ නෞකාවේ” ,“රත්තරං ප්‍රාර්ථනා” , “ඔබ ආදරේ මා කෙරේ නම්” , “පෙරදා මා හා” , “හිරු මිළින වී සඳු මිලින වී” , “අම්මේ යන්න එපා දුරු රටකට” සහ චන්ද්‍රලේඛා පෙරේරා සමඟ ගැයූ“ඔබ නෑසූ කතාවක් කියන්නම්” වැනි ගිීත අතිශය ජනප්‍රිය විය.
තරුණ සේවා සභාවේ කැසට් පට ගණනාවකට දායක වූ රෝයි,  “මා දෑසේ වේදනා” නමින්ම සිය කුළුඳුල් කැසට් පටය එළි දැක්වූවේය. “මා දෑසේ වේදනා අංක 2 - සමුගන්නම් ළඳේ” කැසට් පටයේ තමන් ගැයූ ගීත වැඩි ගණනක තනු හා සංගීතය රෝයි විසින්ම නිර්මාණය කිරීම විශේෂයකි. “කදුළු ලියකම්, “ඇයි රිදවන්නේ” (සංගීතය - මේරියන්ස්) “රත්තරන් ප්‍රාර්ථනා”  “සන්ෆලවර් සමඟ රෝයි පිරිස් ගී 16” ඇතුළු කැසට් පට කීපයකටද ඔහු ගැයූ ගී ඇතුළත් විය.
රෝයි ඒ අසූවේ දශකයේ ඔහුව ජනප්‍රිය ගායකයෙක්  කළ ‘මා දෑසේ වේදනා’ ගිීතය මේ දක්වාම සංගීිත සංදර්ශනවලදි ගායනා කිරීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ගීිත රචක නිහාල් ගම්හේවා ‘මා දෑසේ වේදනා’ගිීතය ශිහාන් මිහිරංගටත් ‘රත්තරං ප්‍රාර්ථනා’ගීතය තික්ෂණ අනුරාධටත් රි මික්ස් කර රිගින් ටෝන් සඳහා ලබා දි්ම නිසා අර්බුදයකටද මැදිහත් විය. ඔහු මේ කාරණය නිසා බොහෝ සිත් වේදනාවෙන් පසුවූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු ජොර්ජ් රොබ්සන් සමග එක් සති අන්ත ජාතික පුවත්පතක් හා එක්වෙමින් කියා තිබුණේ ”අද ගීත රී මික්ස් කරනවා කියලානෙ ඔය ජාවාරම කරන්නේ. ව්‍යාපාරිකයන්ගේ තවත් කූට ව්‍යාපාරයක් තමයි ඕක. ඔය කූට ව්‍යාපරිකයක් කලාකරුවන් සූරා කනවා. ඒ විතරක් නෙවේ ගීිත විකෘති කරනවා. නිහාල් රිගින් ටෝන්වලට විකිණීමෙන් වෙලා තියෙන්නෙත් ඒකමයි” කියාය.
රෝයි කල්්‍යාණි සන්ධ්‍යා කුමාරි හා විවාහව සිටි අතර  කළණ මධුරංග හා කල්ප  විදුරංග යන පුතුන් දෙදෙනාගේ ආරණීය පියානන් විය. 2017 ජනවාරි 21 දා රෝයි මිය යන විට 54 හැවිරිදි වියේ පසුවු අතර ඔහුගේ දේහය මීගමුව, කට්ටුව, දළුවකොටුව, හලාවත පාර අංක 189 නිවසේ තැන්පත් කර ඇති අතර 23
සවස 4.00ට මිගමුව පොදු සුසාන භූමියේදි ඔහුගේ අවසන් කටයුතු සිදු කරනු ලබයි.
මට කැටිපෙගේ මුහුණු පොතේ තැබූ ඔහුගේ සටහනකින් රෝයිට සමුදෙන්න හිතෙනවා “ආයි නොඑන ලෙස සමුගෙන ගොස් ඇත. හිරු මිලින වී - සඳු මිලින වී - ඔබ මා තනිකර වෙන් වූ දිනේ - දිවිමග තනියි - ඔබ නිසල ඇයි -
එක්වන්න ළංවී - යළි පා සෙනේ ! ඔහු ම ගයා අවසන් හෙයින් අප අමුතුවෙන් කුමක් ලියන්නද ? මිත්‍රයා ඔබට සුබ ගමන්.”
ඔව් රෝයි සුබ ගමන් මිත්‍රයා.
-උපාලි බණ්ඩාර වීරසේකර

Related Posts Plugin for WordPress, Blogger...