Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Sunday, 30 April 2017

ඔව් මම අසාමාන්‍ය මහාරාජා කෙනෙක්

සත්‍ය කතාව
ඔව් මම අසාමාන්‍ය මහාරාජා කෙනෙක්
2006 වසරේ මාර්තු 14 දිනට පහන් වී ගත වී තිබුණේ හෝරා හත අටක් පමණි. බටහිර ඉන්දියාවේ, ගුජරාටයේ, නර්මදා නදී නිම්නයේ පිහිටි සුන්දර, නිස්කලංක රාජ්පිප්ලා නගරයේ වීදිවලට ඇදී ආ ජනයා හඬනගා විලාප තබමින් පඹයන් පුළුස්සමින් මහා කලබැගෑනියකට අර අඳිමින් සිටියහ.

රාජ්පිප්ලා මහාරාජා මාළිගාවේ සීමැඳුරු කවුළුවෙන් පිටත වීදිය නැරඹූ

මන්වේන්ද්‍ර සිංග්හ් ගොහිල් කුමරුන්ගේ වත නැවුම් දිනයේ අරුණාලෝකයෙන් ප‍්‍රභාමත් විය. කෝපයෙන් වියරු වැටී හදෙහි උපන් වේදනාව දුරු කරගන්නට වෙර දරන පුරවැසියන්ගේ බොළඳ හැසිරීම දුටු ඔහුට ජීවිතයේ ප‍්‍රථම වරට අනන්‍යතාවයක් සහිත ස්වාධීන පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට නිදහස ලැබී ඇති බව වැටහුණි.
මේ කිසිවක් නොදැන පිටත වීදියේ සැරිසරන ජනයාගේ හඬින් අවදි වුණු රාජ්පිප්ලා මහාරාජා ශී‍්‍ර රඝුභීර් සිංග්හ් රාජජේන්ද්‍ර සිංග්හ්ජී සහීබ්ට අතවැස්සෙක් ගෙනවිත් දුන් ඩයිනික් භාෂ්කර් පුවත්පතේ (ෘ්සබසන ඊය්ින්ර* එළියට එනවා (ක්‍දපසබට ධමඑ*ලෙස සටහන් වී තිබුණු අමුතු තාලේ සිරස්තලය දුටු විටම හදගැස්ම වැඩි විය.
 ර්‍ණසමලිංගික පුද්ගලයෙකු ලෙස වංශාධිපති, සාම්ප‍්‍රදායික පවුලක ජීවත් වීම හරිම දුෂ්කරයි. මම පවුලේ එකම පුතා. රාජ්පිප්ලා මහාරාජා ඔටුන්න හිමි කුමාරයා. දෙමව්පියන්, පවුලේ අය ඔවුන්ගේ අනාගත ගෞරවය මගෙන් බලාපොරොත්තු වුණා. මම එ් සඳහා අනිවාර්්‍යයෙන්ම බැඳී සිටිය යුතුයි. එ් විතරක් නොවෙයි, ගම්මු අපිට වන්දනාමාන කරනවා. ඔවුන් අපෙන්, විශේෂයෙන්ම, මගෙන් ආදර්ශමත් සාම්ප‍්‍රදායික සාධු චරිත අපේක්ෂා කරනවා. මගේ පවුලේ අය සාමාන්‍ය ජනතාව සමඟ හෝ කුලයෙන් අඩු මිනිසුන් සමඟ මුසු වෙනවා අඩුයි. මේ නිසා අපිට පිටස්තර ලෝකය සමඟ මුසු වීමට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන් ”
කුමරුනි ඔබ සමලිංගික පුද්ගලයෙකු බව ඔබ විසින් මුලින්ම දැනගත්තේ කොහොමද ?
මෝසම් වැස්සට ගලා හැලෙන නර්මදා නදිය සේ ෙදාඩමළු වුණු මන්වේන්ද්‍ර කුමරුන් වෙත පුවත්පත් කලාවේදිනිය, චිරන්තනා භට්ටා විසින් හරස් ප‍්‍රශ්නයක් යොමු කර තිබුණි.
 ර්‍ණඅපේ පවුල හැත්තෑ ගණන්වල මුලදිම ගුජරාටය අත්හැරලා බොම්බායේ පදිංචියට ගියා. 71 අවුරුද්දේදී විතර  මහාරාජාවරුන්ට තිබුණු බලතල රජයෙන් කප්පාදු කළා. නමුත් මහාරාජා පවුල්වල උදවිය සාමාන්‍ය ජනතාව ලෙස ජීවත් වෙන්න කැමැති වුණේ නැහැ. අපේ පවුල්වලට පමණක් ආවේණික ශාක්‍ය වංශික සිරිත් විරිත් තවමත් රකිනවා. අපි හැදුණෙ වැඩුනෙ එ් තාලෙට. බොම්බායෙදි මම ඉගෙන ගත්තේ ස්කොට්ලන්ත පාසලෙන්. ඊට පස්සේ මුම්බායි විශ්ව විද්‍යාලයට අනුබද්ධ මිතිබායි කොලේජ් එකෙන් වාණිජ හා ආර්ථික විද්‍යාව උපාධිය අරගෙන බැංකුවක රස්සාවක් කළා. එ් කාලේ මගේ යාළුවො ලස්සන කෙල්ලො පස්සෙ පන්නනව. ගෑණු ළමයි එක්ක පේ‍්‍රම සම්බන්ධතා පටන් ගන්නව. නමුත් මට එ් එකකටවත් උනන්දුවක් ඇති වුණේ නැහැ. මට මහා හුදකලා බවක් දැනුණා. දඩබ්බර පෙනුමක් නැති පිරිමි ළමයි ඇසුරු කරන්න මට කැමැත්තක් ඇති වෙලා තිබුණ. මම දැනගත්ත මම වෙනස් කියළා. එ් වෙනස්කම ගෙදර අය, සමාජය දැනගනියි කියළා මම බයෙන් හිටියෙ. මම කව්ද කියළ හෙළි වුණොත් අපේ පරම්පරාවෙම නම්බුව නැති වෙනව. දෙමව්පියන්ට, පවුලට අකීකරු පුතෙක් වෙනව. එ්ක මට දරා ගන්න බැරි තත්ත්වයක්. ”
ඔබ, අමුතු ඉලන්දාරියෙකු බව දැන දැනත් රූමත් තරුණියක් සමඟ විවාහ වුණා නේද ?
 ර්‍ණඔව්. මහාරාජා පවුල්වල විවාහයකදී තීරණ ගන්නේ දෙමව්පියන්, වැඩිහිටියන් විසින්. අපේ පවුල්වල විවාහයකදී මූලිකත්වය ලැබෙන්නේ නම්බුව, කීර්තිය, ගෞරවය, තනතරු, නිශ්චල හා චංචල දේපොළ වස්තුවට පමණයි.  දෙමව්පියන් නියම කරන විදියට තරුණයා හා තරුණිය අනිවාර්්‍යයෙන්ම පෙනී සිටිය යුතුයි. මගේ විවාහයත් සිදුවුණේ එ් විදියට. මගේ මනාලිය වුණේ චන්ද්‍රිකා. ඔබ කීවා වගේ ඇය ඉතා රූමත් තරුණියක්. චන්ද්‍රිකා අයත් වුණේ මධ්‍ය ප‍්‍රදේශ්වල, ජහාබු මහාරාජා පවුලට. 1991 ජනවාරියෙදි අපි විවාහ වුණා.
මම විශ්වාස කළා විවාහයෙන් පස්සේ මගේ බිරිඳ චන්ද්‍රිකා සමඟ ගත කරන ජීවිතයේදී සියල්ල හොඳ අතට හරියාවි කියළා. සියල්ල සාමාන්‍ය වෙලා අපිට දරුවන් හදාගන්න පුළුවන් වෙයි කියා මම විශ්වාස කළා. නමුත් මට ගැහැණියක් ගැන ආකර්ශණයක් ඇති වුණේ නැහැ. මට බොහොම කණගාටුයි චන්ද්‍රිකාගේ ජීවිතය ගැන. ඇයව තෘප්තිමත් කිරීමේ හැකියාවක් මට තිබුණේ නැහැ. එ් වෙනකොට මේ ලෝකෙ කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නැහැ මම සමලිංගිකයෙක් කියළ. චන්ද්‍රිකා බොහොම මහන්සි වුණා මාව පොළොඹවාගන්න. අන්තිමේදි චන්ද්‍රිකාට අවබෝධ වුණා මගේ ස්වරූපය. ඇය බොහොම බුද්ධිමත් කාන්තාවක්. කලබල කරළා මාව අපහසුතාවයට පත් නොකර මට සාමාන්‍ය පිළිගත් තත්ත්වයට පත්වෙන්න ඇය උදව් කළා. නමුත් මම එතැනදිත් අසාර්ථක වුණා. අන්තිමේදි අපි 1992 අවුරුද්දෙදි දික්කසාද වුණා. ඒ වෙනකොට අපි විවාහ වෙලා අවුරුද්දක් ඇති නැති තරම්. දික්කසාදයට කලින් චන්දි‍්‍රකා මට පොරොන්දු වුණා මා පිළිබඳ රහස කිසිවෙකුට හෙළි නොකරන බවට. ඇය බොහොම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. හොඳ මිතුරියක් ”
රහස හෙළි වුණේ කොහොමද ?
 ර්‍ණදික්කසාදයෙන් පස්සේ මම ගත කළේ බොහොම හුදකලා ජීවිතයක්. රැුකියාවෙන් ඉවත් වුණා. පවුල හා සමාජය සමඟ තිබුණු ආශ‍්‍රය අත්හැරිය. මම හැම වෙලාවකම උත්සාහ කළේ කිසිවෙකුට මුහුණ නොදී ගේ ඇතුළටම වෙලා ඉන්න. දෙමව්පියන් හිතුවෙ මම දික්කසාදය නිසා ලතවෙනව කියළ. එ් අය මට ආයෙත් මංගල යෝජනා ගෙනාව. එ්ක මම මුහුණ දුන්න බරපතල හිසරදයක්. ආයෙත් විවාහ වෙලා ගැහැණු ළමයෙක්ගෙ ජීවිතේ අඳුරට දාන්න බැරි නිසා එ් වතාවෙ මම දෙමව්පියන්ට තදින්ම කිව්ව මම නැවත විවාහ වෙන්නෙ නැහැ කියළ. සත්‍ය වශයෙන්ම මම ලොකු පීඩනයකින් හිටියෙ.
2002 වසරෙදි මගේ ස්නායු කි‍්‍රයාකාරිත්වය අඩපණ වෙලා රෝහල්ගත වෙන්න සිදුවුණා.  මට ප‍්‍රතිකාර කරපු වෛද්‍යවරයා මගේ සැබෑ තත්ත්වය දැනගෙන ඔහු මගේ දෙමව්පියන්වත් ගෙන්නලා එ් ගැන දැනුම්වත් කළා. අම්මයි තාත්තයි මගේ සත්‍ය තත්ත්වය තේරුම් ගත්ත. නමුත් ඔවුන් මට තදින්ම අවවාද කලා සත්‍ය වසන් කරගෙන සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස ජීවත් වීම හැමඅතින්ම වැදගත් කියළ. මම ඔවුන්ට අකීකරු වෙන්න හිතුවෙ නැහැ ”
ඔබ නැවත ඔබගේ මහේශාඛ්‍ය පරපුර ජීවත් වුණු පාරම්පරික ගමේ පදිංචියට ආවේ රහසිගතව ජීවත්වන්නද ?
 ර්‍ණඅපේ පවුල සෑහෙන කාලයක් ජීවත් වුණේ බොම්බායෙ. අපේ නෑදෑ හිතවතුන් වැඩිදෙනා හිටියෙත් එහෙ. මගේ සැබෑ තත්ත්වය අනාවරණය වුණාට පසුව ඔවුන් කළකිරීමකට පත් වුණා. සමහරවිට ඔවුන් බය වෙන්නත් ඇති මම ගැන නෑයන්ට ආරංචි වෙයි කියළ. අම්මයි, තාත්තයි, මමයි අපේ පවුලම ආපහු රාජ්පිප්ලා ආවා. එ්කට මගේ අකමැත්තක් තිබුණෙත් නැහැ. රාජ්පිප්ලා පරිසරයට මම කවදත් කැමතියි ”
ඔබගේ ජීවිතය දැන් ගතවෙන්නේ කොහොමද ?
 ර්‍ණ2002දි මම අසනීප වුණාට පස්සේ  දිගටම මානසික ප‍්‍රතිකාර ලබා ගත්තා. දැන් වෙනකොට එක දිගට අවුරුදු 04ක් මානසික ප‍්‍රතිකාර ලබා ගෙන තියෙනවා. මගේ තත්ත්වය දැන් යහපත්. සමලිංගික වීම රෝගයක් හෝ විශේෂිත තත්ත්වයක් නොවෙයි. එය සාමාන්‍ය තත්ත්වයක්. මට මා ගැන ආත්ම විශ්වාසය ඇති වී තිබෙනවා. ඔබ මාව හමු වෙන්න ආවේ නිවැරදිම වෙලාවක. මීට කලින් ඔබ මාව හමුවන්න ආවානම් මම ඔබගේ මුහුණවත් බලන්නේ නැහැ”
ඔබගේ ජීවිත කතාව පුවත්පතේ පළ වීම ගැටළුවක් නොවෙයිද ?
 ර්‍ණඅනේ නැහැ. මිනිසුන් මා ගැන නොදැනගැනීමයි ප‍්‍රශ්නය. ඉන්දියාවේ මහාරාජා පවුල්වලත්, අනෙක් පවුල්වලත්  මා වැනි තරුණ තරුණියන් බොහෝ සිටිනවා. නමුත් ඔවුන්ට ස්වාධීන නිදහස් පුද්ගලයන් ලෙස සමාජයට ඉදිරිපත් වීමට ශක්තියක් නැහැ. ඔවුන් සියළුම දෙනාට ස්වාධීන වීම සඳහා ධෛර්්‍යය දීමටයි මගේ කතාව ප‍්‍රසිද්ධ කරන්න හිතුවේ ”
එක හුස්මට  ර්‍ණඑළියට එනවා” ලිපිය කියවූ මහාරාජා රඝුභීර්ට සහ ඔහුගේ බිරිඳ මහාරාණී රුක්මණී දේවියට සිවයස් ගණනක් ඉපැරණි මහාරාජා මාළිගාවේ කැණිමඩල හිස මතට කඩා වැටුණු බවක් දැනුණි. ඇති වී තිබෙන නව නින්දාව තරමක් හෝ සමහන් කර ගැනීම සඳහා තම එක පුත‍්‍ර රත්නය වුණු මනවේන්ද්‍ර කුමරුන්ව පුත‍්‍ර තනතුරෙන් නෙරපා දැමීමේ අසීරු තීරණයට මහාරාජා මාපියෝ එළඹුණහ.
දිනය ඉකුත් වන්නට මත්තෙන් රාජ්පිප්ලා වංශාධිපතියන්ගේ මුහුණේ දැලි ගෑ පුවත පළ වී තිබුණු ඩයිනික් භාෂ්කර් ප‍්‍රාදේශීය පුවත්පතේ බැරෝඩා (ගුජරාටයේ නගරයකි* සංස්කරණය ඉතිහාසගත අලෙවියක් වාර්තා කළේය. එපමණක් නොව  ර්‍ණඑළියට ආවා” හින්දු, ද්‍රවිඩ, මලයාලම්, කණ්නඩා හා ඉංගී‍්‍රසි ඇතුළු භාෂා රැුසකට පෙරළී දෙස් විදෙස් පතල විය. මේ නිසා ජම්මු කාශ්මීර මහාරාජා පවුලට දීග ගොස් චෙන්නායි නගරයේ ජීවත් වෙමින් සිටි මන්වේන්ද්‍ර කුමරුන්ගේ එකම සොහොයුරිය මීනක්ෂි කුමරිය හා ඇයගේ නව යොවුන් වයසේ පසුවුණු දරුවන් දෙදෙනා පාසලේදී උසුළු විසුළුවලට ලක් වී මහත් අපහසුතාවයකට මුහුණ දී තිබුණි. මේ අතර මන්වේන්ද්‍ර කුමරුන්ගේ මව මහාරාණී රුක්මණී දේවිය විසින් කුමරුන්ගේ මව ලෙස තමාව නම් කරන  ඕනෑම කෙනෙකුට එරෙහිව නීති මඟින් ක‍්‍රියාකරන බවට තර්ජනාත්මක ප‍්‍රකාශයක් නිකුත් කළාය.
වංශාධිපති රාජ්පිප්ලා මහාරාජා මාළිගාවේ ෙදාරගුළු වැසුණද මන්වේන්ද්‍ර කුමරුන් හිරගෙදරින් නිදහස ලැබීමේ පී‍්‍රතිය භුක්ති වින්ඳේය. තමන් සමලිංගික පුද්ගලයෙකු බව නොබියව ප‍්‍රසිද්ධියේ සඳහන් කළ ඉන්දියාවේ පළමු මහාරාජා කුමරු ලෙස මන්වේන්ද්‍ර කුමරුන් ලෝකය පුරා මහත් ප‍්‍රසිද්ධියට පත් වුණු අතර ඔහුට ඇමරිකාවේ, ස්කැන්ඩිනේවියානු රටවල හා යුරෝපයේ සමලිංගික ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් කි‍්‍රයාකරන සංවිධානවලින් ඇරයුම් ලැබී ඔහු ලෝකයට අත්‍යවශ්‍ය පුද්ගලයෙකු බවට විය.
දීර්ඝ කාලයක් නිහඬ ජීවිතයක් ගත කළ මනවේන්ද්‍ර කුමරු එයින් මිදී ලක්ෂ්‍ය භාරය (ඛ්නියහ් ඔරමිඑ*නැමැති සංවිධානයක් පිහිටුවාගෙන සමලිංගික ප‍්‍රජාවගේ සුභසාධනය හා සංවර්ධනය සඳහා පියවර තැබීය. ඉන්දියාවේ පිරිමි සමලිංගික පුද්ගලයන් අතර එ්ඞ්ස් වසංගතය පැතිර යාම වැළක්වීම සඳහා කටයුතු කිරීම ලක්ෂ්‍ය භාරය විසින් කි‍්‍රයාත්මක කරන ලද පළමු ව්‍යාපෘතියයි. අද වන විට එම සංවිධානය එයට අමතරව සමලිංගික කාන්තා හා පිරිමි, ද්වීලිංගික, ලිංගික සංක‍්‍රාන්තිකයන්, අන්තර් ලිංගිකයන් හා ලිංගිකත්වය ගැටළුවක් වුණු පුද්ගලයන් (ඛඨඊඔෂූ* සඳහා අවශ්‍ය ලිංගික සෞඛ්‍ය අධයාපනය ලබා දීම හා එම ප‍්‍රජාවගේ හිමිකම් හා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කටයුතු කරනු ලබයි.
මේ වසරේ ජනවාරියේදී ඉන්දියාවේ එන්ඞීටීවී නාලිකාව සමඟ සාකච්ඡුාවකට එක් වුණු මනවේන්ද්‍ර කුමරුන්
 ර්‍ණමම දැනගෙන හිටියා මට හැමදාම සත්‍ය වසන් කරගෙන බොරුවෙන් ජීවත් වෙන්න බැහැ කියළා. එ් වගේම මම දැනගෙන හිටියා සත්‍ය තත්ත්වය දැනගත්තාම සමාජයේ වැඩි පිරිස මාව ප‍්‍රතික්ෂේප කරන බව. නමුත් මට අවශ්‍ය වුණා සත්‍ය තත්ත්වය හෙලි කර සමාජයට විවෘත වෙන්න. සමලිංගිකත්වය පිළිබඳ සමාජය තුළ පවතින දුර්මතය ඉවත් කරන්න නම් සමාජයට විවෘත විය යුතු බව මට අවබෝධ වුණා.
ලක්ෂ්‍ය භාරය මුලින්ම ආරම්භ කළේ සමලිංගික ප‍්‍රජාව වෙනුවෙන්. එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව ඉන්දියාව පුරා එ්ඞ්ස් පැතිරීමේ ප‍්‍රතිශතය ඉහළ යමින් තිබුණෙ. සමලිංගික ප‍්‍රජාව එ්ඞ්ස් රෝගයට ගොදුරු වීමේ ප‍්‍රවණතාවය වැඩි බව අධ්‍යයනවලින් අනාවරණය වුණා. මේ නිසා මම පිරිමි සමලිංගික ප‍්‍රජාව අතර එ්ඞ්ස් පැතිරීම වැළැක්වීමට ව්‍යාපෘති දියත් කළා. අපිට ලෙහෙසි වුණේ නැහැ. අපේ සංවිධානයේ සහායකයන් පොලිස් අත්අඩංගුවට පත් වුණා. පොලීසියෙදි ඔවුන්ට ලිංගික හිරිහැරවලට මුහුණ දෙන්න පවා සිදුවුණා. මේ නිසා අපට සිදුවුණා උපක‍්‍රමශීලී වෙන්න. මහජන වැසිකිළි සහ සමලිංගික පුද්ගලයන් සැරිසරන උද්‍යාන අසල තිබෙන ගස්වල අපි කොන්ඩම් පැකට් එල්ලා තැබුවා. සමලිංගික ප‍්‍රජාව අනාරක්ෂිත ලිංගික ඇසුරුවලින් බේරා ගන්නයි අපිට  ඕනෑ වුණේ.
මේ වෙනකොට ඉන්දියාවේ එ්ඞ්ස් පැතිරීමේ අවදානම තරමක් අඩු වෙලා තිබෙන්නේ. එ් සඳහා ලක්ෂ්‍ය භාරය සංවිධානයේ ව්‍යාපෘතිවලින් බලපෑමක් සිදුවුණා කියා හිතන්න පුළුවන්. අද ලක්ෂ්‍ය භාරය ඉන්දියාවේ එ්ඞ්ස් පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ප‍්‍රමුඛ පෙළේ සංවිධානක් ”
මනවේන්ද්‍ර කුමරුන් පුත‍්‍ර තනතුරෙන් නෙරපා දැමූ රාජපිප්ලා මහාරාජා ශී‍්‍ර රඝුභීර් පසු කාලයක කුමරුන්ගේ සංවිධානයේ අරමුදල් රැුස් කිරීමේ උත්සවයක ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි විය. 2009 වසරේදී බීබීසී ගුවන් විදුලිය විසින් සිදුකළ වාර්තා වැඩසටහනදී මනවේන්ද්‍ර කුමරුන්ව පුත‍්‍ර තතුරෙන් ඉවත් කළේ ලැජ්ජාව නිසා බව රාජපිප්ලා මහාරජා විසින් සඳහන් කර තිබේ.
ප‍්‍රංශයේ එ්එෆ්පී ප‍්‍රවෘත්ති සේවය සමඟ සාකච්ඡුාවකට එක්වුණු මනවේන්ද්‍ර කුමරුන්
 ර්‍ණපෙරදිග ජනතාව හිතාගෙන ඉන්නේ සමලිංගිකත්වය බටහිරින් ආපු දෙයක් විදියට. නමුත් එ්ක වැරදියි. ඉන්දියාවේ සියවස් ගණනාවක් පැරණි කජුරාවෝ වැනි දේවස්ථානවල සහ අජන්තා ගුහාවේ සිතුවම්වල සමලිංගිකත්වය විදහා දැක්වෙන මූර්ති තිබෙනවා. කාමසූත‍්‍රයේ පවා සමලිංගිකත්වය ගැන සඳහන් වෙනවා. සමලිංගිකත්වය අපේ සමාජය තුළම තිබෙන දෙයක් බව මෙයින් අවබෝධ වෙනවා. නමුත් ජනතාව මේ සත්‍යය පිළිගන්න සූදානම් නැහැ. එ්ක සමාජයේ කුහකත්වය. සමලිංගික පුද්ගලයින් සමාජය ඉදිරියට ඇවිත් කියන්න. ඔව්. මම සමලිංගික. ඇයි මොකද. එ් ගැන මට ආඩම්බරයි කියලා. ”
1965 වසරේ සැප්තැම්බර් 23 වැනිදින රාජස්ථානයේ උපත ලද මනවේන්ද්‍ර කුමරුන් මේ වන විට 52 වැනි වයේ පසු වෙයි. සාම්ප‍්‍රදායික වංශාධිපති පවුලක වගකීම් සහගත තනතුරක උරුමකරුවෙකු වශයෙන් උපත ලබා එ් අනුව හැදී වැඩුණු මනවේන්ද්‍ර කුමරුන් සමලිංගික පුද්ගලයෙකු වශයෙන් එම සමාජ බලකොටුව තුළ සිරවී ගත කළ දුෂ්කර ජීවන අත්දැකීම 2009 වසරේදී හොලිවුඞ් සිනමාපටයක් ලෙස සම්පාදනය විය.
දරුවෙකු උපන් විගස ලිංග පරීක්ෂාවක් සිදුකර එම දරුවාගේ ලිංගිකත්වය තෝරාබේරා වෙන් කර ගැනීම ලෝක සම්මත සාම්ප‍්‍රදායික ක‍්‍රමවේදයයි. නමුත් ලිංග භේදය සහ ස්තී‍්‍ර  පුරුෂ සමාජභාවය මෙම සම්ප‍්‍රදායික ලිංග පරීක්ෂාවට වඩා ඔබ්බට පැතිරුණු විසල් විෂයකි. ලෝකයේ අතිබහුතරය ස්තී‍්‍ර හා පුරුෂ වශයෙන් වෙන්වන නමුත් එම දෙපක්ෂයටම අයත් නොවන ලිංගිකත්වය ගැටළු සහගත පුද්ගලයන්ද උපත ලබති. එමෙන්ම උපතේදී ස්ත‍්‍රී හා පුරුෂ වශයෙන් නිශ්චිත වශයෙන් තීරණය වුවද පසු කාලයකදී ඇතැම් පුද්ගලයන්ගේ සිරුරේ පවතින ස්වභාවික කි‍්‍රයාකාරිත්වය මත සහ ස්වකීය කැමැත්ත අනුව ලිංගිකත්වය මාරු වන හෙවත් සංක‍්‍රාන්තික ලිංගිකයන්ද සමාජය තුළ බිහි වෙමින් සිටිති. විරුද්ධ ලිංගිකයන්ගේ ආදරය හා එකතු වීම අරුමයක් නොවන සමාජයට සමලිංගික හෙවත් සමසෙනෙහස් ප‍්‍රජාව අරුමයක් වී පවතියි. ස්තී‍්‍ර හා පුරුෂ ප‍්‍රධාන ධාරා දෙක සහ විරුද්ධ ලිංගික සම්බන්ධතා සමාජ සම්මතය වශයෙන් බහුතර පිළිගැනීම බවට පත් වන විට එයින් අවශේෂ වන කුඩා කණ්ඩායම් සැඟවී, මානව අයිතිවාසිකම්ද අහිමිව දුෂ්කර ජීවිත ගතකිරීමට පෙළඹෙති. නමුත් ලිංගික දිශානතිය අනුව පුද්ගලයන් පීඩනයට පත් කිරීම, හිංසා කිරීම හා අවතක්සේරු කිරීම ශිෂ්ඨ සම්පන්න සදාචාරය අගයන සමාජය තුළදී අපේක්ෂා නොකළ යුතු තත්ත්වයකි.

සමන්ති ඇලපාත

Related Posts Plugin for WordPress, Blogger...