Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Tuesday, 25 April 2017

පවුල් අවුල් හෙට වලකමු මේ ඔසු ගැන අපි දැන ගමු


පවුල් අවුල් හෙට වලකමු මේ ඔසු ගැන අපි දැන ගමු

අද ඇතැම් පවුල්වල ගැටුම් නිර්මානය වන්නේ ලිංගික සම්බන්ධතාවල ඇති පරස්පරතා නිසා බැව් රහසක් නොවේ. බොහෝ කාන්තාවන්ට මේ අකමැති නැමැති රෝගය ඇතිවීමෙන් පවුලේ ගැටුම් ඇතිවෙන බව සොයා ගෙන ඇත. මෙයට හේතුව වන්නේ සිරුරේ ඇති රසායනික වෙනස් වීම්ය. පොදුවේ ගත් කල ගැහැනු පිරිමි දෙපාර්ශවයටම මෙම රෝගී තත්ත්වය ඇති වී පවුලේ ගැටුම් ඇතිවන බවයි සමික්ෂණවලින් කියැවෙන්නේ. මේ රෝගීි තත්වය අද ඊයේ එකක් නොවන්නේ පුරාණ කාලයේ පටන් මේ සඳහා වන ඖෂධ තිබුණු බවට ඇති සාක්ෂි වේ. මේ අනුව එකී ඖෂධ අද පෙති හෝ කරල් වශයෙන් වෙළෙඳ පොළට පැමිණ ඇති බව ඔබට හෙළි කිරීමයි මෙම ලිපියේ අරමුණ.

අතුරු ආබාධ නැතිව ලිංගික ශක්තිය වැඩි කරන පෙරදිග ඖෂධ එ් අනුව අද වෙළෙඳ පොළට පැමිණ ඇත. වාජීකරණය සඳහා වසර සිය දහස් ගණනකට පෙර සිටම ඔසු සොයාගෙන ඇත. ලෝකයේ පැරණිතම වෛද්‍ය ක‍්‍රමයක් වන ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය හා චීන සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමය මේ අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගනී. බටහිර ඖෂධ මෙන් අතුරු ආබාධ නැති මෙම ඔසු භාවිතය අද බටහිර ප‍්‍රජාවද පිළිගෙන ඇත. මේ නිසා බටහිර රටවල මෙම ඔසුවලින් තැනූ කැප්සූල් හා පෙති භාවිතය වැඩි වී ඇත.
වසර 3000ක් පමණ  කලක් තිස්සේ භාවිතවන ඉතා ප‍්‍රබල ආයුර්වේද ඖෂධයක් වන්නේ අමුක්කරාය. විතානියා,අශ්වගන්ධ හා ඉන්දියන් ජින්සෙන් නමින් ද හඳුන්වන මෙම ඔසුව අශ්වයකු හා සමානව ශක්තියක් ප‍්‍රාණවත් බවක්  ලබා දෙන බැවින් අශ්වගන්ධ ලෙස ආයුර්වේදයේ සඳහන්ව තිබේ. එ් අනුව ආයුර්වේදයේ ඇති ශක්තිය හා ප‍්‍රාණවත් බව ඇති කතර ප‍්‍රධානතම පැළෑටිය අමුක්කරා වේ.
අමුක්කරා සඳහා බටහිර ජාතින් භාවිත කරන්නේ විතානියා යන  නමයි. මෙම පැළෑටිය මගින් ශරීරයේ නයිට‍්‍රික් ඔක්සයිඞ් නිශ්පාදනය වැඩි දියුණු කරන අතර එයින් ලිංගික අවයව වෙත රුධිරය සැපයෙන රුධිර නාල විස්තාරණය කිරීම සිදුවේ. එ් හා සමානවම ලිංගික හැඟීම් උද්දීපනයද සිදුකිරීමේ හැකියාවක් මෙම ඔසුවට ඇත. චීන වෛද්‍ය ක‍්‍රමයේ භාවිතාවන ඉතා ප‍්‍රබල වාජීකරණ ඖෂධයක් වන ජින්සෙන් හා සමානව ශක්තියක් ඇති නිසා ඉන්දියානු ජින්සෙන් කියාද අමුක්කරාවලට කියනු ලබයි.
දිනකට වතානියා ග‍්‍රෑම් 2ක් පමණ දින කිපයක් භාවිතයට ගැනීමෙන් මෙහි ප‍්‍රතිඵල අත් විඳිය හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාව පවා හෙළිකර ඇත. ගැහැණු පිරිමි දෙකොට්ඨාශයටම මෙය සුදුසු බව නිර්දේශිතය. විතානියා පෙති සහ කරල් වශයෙන් නවීණ තාක්ෂණය අනුව නිපදවා මේ වනවිට වෙළෙඳපොළට නිකුත් කර තිබෙන අතර සියයට සියයක් ස්වභාවික මෙම නිශ්පාදනයන් භාවිතයෙන් අතුරු ආබාධවලින් තොරව ඔබගේ රෝගී තත්ත්වය මග ඇර ගැනීමේ පවුලේ සතුට වැඩි කරගැනිමට හැකිය.
හාතාවාරිය කියන්නේද එවන්ම දිව්‍ය ඖෂධයකි. මෙය කාන්තාවන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීමේ ලා මහෝපකාරි  වේ. එය තුළ ශක්තිය වර්ධනය කිරීමේ මෙන්ම සන්සිදුවීමේ ගුණාංගද අඩංගුවේ. කාන්තාවන්තේ කාය ශක්තිය මෙන්ම හොමෝන ක‍්‍රියාකාරිත්වය ක‍්‍රමවත් කිරීමද, ප‍්‍රජනන පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටද මෙය ඉතා යොග්‍ය ඔසුවක් ලෙස සැලකේ. ආයුර්වේදයේදි මෙම ඔසුව කාන්තාවන් සඳහා විශේෂ වන්නා සේම පිරිමින්ටද විශේෂ වේ. හාතාවාරිය ගසේ මුල් ජල බදුනකට දමා මද ගින්නේ මිනිත්තු කීපයක් තම්බා සකසා ගන්නා කසාය පානය කිරීම  සාමාන්‍යයෙන් මෙය  භාවිතයට ගන්නා පහසුම ක‍්‍රමයයි. එසේ නමුත් කැප්සූල් හා පවුඩර් වශයෙන් සැකසු මෙම හාතාවරිය ඖෂධය ්ිච්ර්ටමි නමින් දැන් වෙළෙඳ පොළේ ඇති අතර ටින් කල ආහාරමය ඇස්පරගස් ද සුපිරි වෙළෙද සල්වලින් ලබා ගත හැකිය.

ගොකටු ශාකයද මේ වාගේම ගුණ ඇති ආයුර්වේද ඖෂධයකි. ගොකටු හෙවත් සෙම්බු නෙරෙන්චි ශාකයේ ටෙස්සේටරොන් හෝමෝන ස‍්‍රාවය වර්ධනය කිරීමේ ගුණයෙන් යුක්තය. වාජිකරණ ඖෂධයයක් ලෙස ආයුර්වේදයේ මෙය හඳුන්වන්නේ ඒ නිසාය. ගොකටු ශාකය ශරීරයේ නයිටි‍්‍රික් ඔක්සයිඞ් නිශ්පාදනය වර්ධනය කරන අතර එමගින් පිරිමින්ගේ ප‍්‍රාණවත්බව දිගු වේලාවක් පවත්වාගෙන සිටීමට මහෝපකාරි වේ.
කාන්තාවන්ගේ ලිංගික ආශාවන් නැති කරන ප්‍රොලැක්ටීන් හොමෝනය නිපදවිම පාලනය කිරීමට මෙම ඖෂධයට හැකිය. එම නිසා කාන්තාවන්ට විශේෂයෙන්ම මෙම ඔසුව  බලපෑමක් කරයි. කාන්තාවන් බොහෝ දෙනෙක් දරුවෙක් දෙන්නෙක් ලැබෙනවිට ආශාවන්ගෙන්  හීනවෙන්නට පටන්ගනී. එය පවුල් ආරාවුලකට මග පාදනු ලබයි. ගොකටු ඖෂධයට එම රෝගි තත්ත්වය පාලනය කරන්නට හැකියි. එය කාන්තාවන්ගේ ලිංගික උත්තේජනය ඇති කරයි.
ගොකටු කුඩු වශයෙන් දිනකට ග‍්‍රෑම් 1-3ත් අතර ප‍්‍රමාණයක් භාවිතයට ගැනීමෙන් දින කිහිපයක් තුළ මෙහි ප‍්‍රතිඵල අත්විඳිය හැකිය. එරසඉසමකමි ලෙස බටහිර දී හඳුන්වන මෙම ශාඛයේ සාරය යොදා ගෙන නිශ්පාදනය කළ පෙති කරල් දැන් වෙළෙඳ  පොළට නිකුත් වී ඇත.
හිමාලය හා එ් ආශ‍්‍රිත කඳුකර ප‍්‍රදේශවලදී හමුවන ශිලාජිත් :ියසක්වසඑ*එහෙම නැත්නම් ගල්වලින් උපදින  ඖෂධීය ඛනිජ ද්‍රව්‍යයක් වාජිකරණ ඖෂධයක් ලෙස පාවිච්චියට ගනු ලබයි. මෙය ශ‍්‍රී ලංකාවේදී හමු නොවන ඔසුවක් ලෙයසි සැලකෙන්නේ. මෙහි අඩංගු මෙකඩසජ ්ජසා නැමති රසායනය නිසා වාජීකරණීය ලක්ෂණ ඇති කරයි. මෙම ඔසුව පුරුෂයින්ගේ ශුක‍්‍රාණු ජනනය කරන අතර ටෙස්ටෙස්ටරෝන්  මට්ටම හා ශුක‍්‍රාණුවල ගුණාත්මක භාවය වර්ධනය කිරීමට මේ ඔසුව හේතුවක් වෙනවා. කහ, රතු, නිල් සහ කළු වර්ණවලින් මේවා දැකගන්නට පළුවන්. මෙයින් කළු පැහැ වර්ගය වඩාත් ප‍්‍රතිඵලදායක බවයි කියන්නේ. දිනකට මිලි ග‍්‍රෑම් 300-500 ප‍්‍රමාණයක් ජලය සමග භාවිතයට ගැනිම නිර්දේශිතයි. මෙම  ඖෂධය කරල් සහ පවුඩර්  වශයෙන් නිශ්පාදනය කර වෙළඳ නාම කහිිපයක් යටතේ වෙළෙඳපොළට නිකුත් කර ඇත.
ජින්සෙන් යනු චීන වෛද්‍ය විද්‍යාවේදී බහුලව භාවිතතා කරන ඖෂධයකි.වසර සිය දහස් ගණනක සිට චීන වැසියන්  වාජිකරණ ඖෂධයක් ලෙස ජින්සෙන් භාවිතයට ගෙන තිබෙනවා.ජින්සෙන් ප‍්‍රජනන පද්ධතියේ මෙන්ම ස්නායු පද්ධතියේද ක‍්‍රීයාකාරිත්වය වැඩි දියුණු කිරීම සිදු කරනවා. ජින්සෙන් කාම සම්භෝග සතුට වැඩි වෙලාවක් රදවා තබා ගැනීමට උපකාර වෙයි. එමෙන්ම මෙහි ඇති රසායනික ක‍්‍රියාවලිය නිසා මානසික මට්ටම ඉහළින් ගබාගැනීමට උපකාරිවන බැවින් එයද උත්තේජනය කෙරෙහි හේතුවෙනවා. මෙම ඖෂධය කැප්සූල්, ක‍්‍රීම් සහ පවුඩර් වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කර ඇත. පවුඩර් වශයෙන් ලබා ගැනීමේදී දිනකට ග‍්‍රෑම් 5-10ත් අතර ගැනීමෙන් දින කිපයකින්ම ප‍්‍රතිඵල ලබා ගැනීමට හැකියි.
වැල්පෙනල කියන්නේද එවන් දිව්‍ය ඖෂධයක් බව ඔබ දන්නවා ඇති. අපේ දේශීය වෙදකමේදී මෙම මුළු පැළෑටියම ඖෂධ ලෙස ගන ුලබයි. මුත‍්‍රාකාරකයක් ලෙස වඩාත් හොඳ මෙය  ස්නායු රෝග සඳහා කරන ප‍්‍රතිකාරවලටද යොදා ගනී. කැඩුම් බිඳුම් වලදීද වැල්පෙනල යොදා ගනු ලබයි. වැල් පෙනල කැඳ ශරීර ශක්තිය වර්ධනය කරන අතර ස්නායු වර්ධනයටත් හේතුවේ. පිරිමින් සඳහා වාජීකරණ ඖෂධයක් ලෙස මෙය ඉතා වැදගත්ය. සරුබව වැඩිවේ. එම නිසා දරුවන් අහිමි අයටද හොඳ ඖෂධයකි. වැල් පෙනල ගිතෙල්වලින් මලවා ගැනීම ආයුර්වේදීය මතයයි. වැල්පෙනෙල නිශ්පාදනද දැන් වෙළෙඳ පොළේ ඇත.
උපාලි බණ්ඩාර වීරසේකර



Related Posts Plugin for WordPress, Blogger...