Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Sunday, 30 April 2017

ලස්සන වෙන්න නම් ලස්සන වෙන්න



ලස්සන වෙන්න නම් ලස්සන වෙන්න


අපි ලස්සන වෙන්නට කොච්චර ආසද කිව්වොත් ඕනැම මිලක ගෙවලා ඕනැම දෙයක් ගන්න සුදානනම්නෙ නේද.. අපි ලස්සන කියලා මුළින්ම හිතන්නේ සම ගැනනෙ. සම ලස්සනයි නම් සුදු පාටයි නම් අන්න එක තමා ලස්සන. ඩේ‍රස්මො එකේ අප්සරා වාගේ සුදු වෙන්න ඇත්නම් කියලා හිතන ගැහැනු ළමයි ඉන්නවා. ඒත් ඒක උපතින්ම ආපු සුද නිසා අපිට වෙන්නේ සුදු වෙන්න මහන්සි වෙන්න.
අපි සම ආරක්ෂා කර ගන්න ඕනේ. ඒකට සමට නිසි පෝෂණය ඕනේ. තාරුණ්‍යය රැක ගන්න නම් සම තමයි මුළින්ම පේන්නෙ. එහෙම නම් සමට නිසි පොෂ්ණයක් ලබා දෙන්න ඕනේ. සමේ නිරෝගි බව කියා පාන්නේ බාහිර පෙනුමන්නෙ. එ ්සඳහා අනුගමනය කරන්න ඕනෙ කරුණු ගනනාවක් තියෙනවා.

බාහිර ලස්සන ගැන කතා කරද්දි සිරුර අබ්‍යන්තරයට ලැබෙන පෝෂණය ඒ සඳහා හේතුවෙනවා. බාහිරෙන් මොනවා ගැවත් පිරිපුන් ලස්සනක් එන්නෙ සිරුර අභ්‍ය්නත්රය ලස්සන වුණොත් කියන එක අමතක කරන්න එපා.
එහෙම නම් හදවත පිරිසිදුව තියා ගන්න ඕනේ. ඒ කියන්නෙ හර්දය හොඳට හෝදලා තියා ගන්න එක නෙවේ. සිතුිවිලි හොඳ වෙන්න ඕනේ.අපේ අධ්‍යාත්මය ලස්සනට තියා ගන්න ඕනේ. අනුන්ට ඉරිසියාකරන්න,ක්‍රෝධ කරන්න,පරිභව කරන්න, රිදවන්න හොඳ නැහැ. එහෙම කරද්දි  ලේ අපිරිසිදු වෙනවා. හදවත අපිරිසිදු වෙන්නේ අන්න එහෙම.
ඔබ ඔබටම ආදරය කරන්න ඕනේ. ඔබ ඔබ ගැන කේන්ති ගනන්න එපා. ඔබ දිනපතා ඔබගේ මුහුණ බලන කැඩපත ඉදිරියේදී මම ලස්සනයි කියලා ඔබටම හිනාවෙන්න. ඇත්තටම ඔබ ලස්සන වෙනවා. ඔබට ඔබ ආදරය කරද්දි සමාජයත් ඔබට ආදරයකරනවා. ඔබට ආවේනික ලස්සනක් ඔබට තියෙන බව අමතක කරන්නත් එපා.
ඔබ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පිරිසිදුව ඉන්නත් පුරුදු වෙන්න ඕනේ. ඔබගේ කෙස් වැටිය අපිරිසුදු නම් මුලු සිරුරටම එය බලපානවා. ඔබගේ දෙපා යටි පතුල් අපිරිසිදු නම් ඒකත් ඔබව අවලස්සන කරනවා. ඒ නිසා හිසේ සිට පා දක්වා සෑම අංගයක්ම පිරිසිදුව තියා ගන්න ඕනේ. ඔබගේ කෙස් අග පැලෙනවා නම් ඔබ එ ්සඳහා ප්‍රතිකර්මයක් කරනවා නෙ නේද. ඔබගේ යටිපතුල් පැලෙනවා නම් ඔබ එයටත් ප්‍රතිකරම්යක් කරනවානෙ නේද. මතක තියාගන්න ඔබට සුදුසු කොණ්ඩා මෝසතරය සොයා ගන්න.ඔබපට සුදුසු අඇඳුම් මෝසතරය සොයා ගන්න. ඒක අනුව ඔබ වෙනස් කරාවි. සමේ මුහුණේ ලප කැලැල් ඇත්නම් කුරුලෑ ඇත්නම් ඒවා සුවකර ගන්න බලන්න. ඒ සඳහා ඉවසීමෙන් කටයුතු කරන්න.
ඔබගේ යට ඇඳුම් නිරන්තරව පිරිසිදුව තියා ගන්න. ඒවා අපිරිසිදු නම් එයින දුඟඳක් පිටවෙනවා ඔබට දැනුනේ නැතිවාට. මොකද ඔබගේ දුර්ගන්ධයට ඔබහුරු වෙනවා. නමුත් පිටස්තරයන්ට ඒක ටක් ගාලා දැනෙනවා.
අලුත් එළවලු පලතුරු අනුභවයත් පිරිසිදු ජලය වැඩිපුර පානයත් ලස්සන වෙන්නට බොහෝ උපකාරි වෙනවා. ඒ නිසා ඒකටත් මුල් තැනක් දෙන්න. ඉතින් ඔබට සුලු කැප කිරීමෙකින් ලස්සන වෙන්න පුළුවන් නේද.
-උපාලි

Related Posts Plugin for WordPress, Blogger...