Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Monday, 1 May 2017

රජය ග්‍රාමීය කාන්තාව ගැන මෙයට වඩා බලන්න ඕනේ

නිතිඥ සෙලිනා පිරිස්


 සෙලිනා පීරිස්. ඇය යොවුන් නීතිඥවරියක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ චන්ද්‍රිකා කුමාරතුංග ගේ සංහිදියා කාර්යාලයේ සැළසුම් හා ක්‍රියාත්මක කිරීමේ ලා කාන්තාවන් සමග කටයුතු කළ  ඇය අද ග්‍රාමීය කාන්තාව ආර්ථික අතින් සවිබල ගැන්වීමෙන් අපේ රට දියුණු කළ හැකිය කියන තැන සිටිමින් අලුත් ගමනක් ආරම්භ කර ඇත. ඒ සිය මව වන සැන්ඩ්‍රා වඳුරාගලගේද පූර්ණ සහයෝගය ඇතිවය.

“අපි කල්පනා කළා ග්‍රාමිය කර්මාන්තයක් හැටියට අතින් රෙදිවියන මේ කර්මාන්තය ගැන. මේක ලාභ ඉපයීිම ම පෙරදැරිව නෙවෙයි කරන්න ගත්තේ. අපි දන්නවා අපේ රටේ කාන්තාවන් හරියට විදේශ රටවල ගෘහ සේවයට යනවා. නමුත් බලන්න ඒ අය මොනවද හම්බ කරගෙන තියෙන්නේ. ඒ අය හම්බ කරලා එව්වා කියමු. මහත්තයා එක්කෝ වෙන සම්බන්ධයක්. නැත්නම් මුදල් බීලා කාලා දාල. ළමයි සී සී කඩ. ඔවුන්ගේ අධ්‍යාපනය අඩාල වෙලා. ඒ නිසයි මම කියන්නේ අපේ රටේ කාන්තාවෝ රට යන එක ජාතික අපරාධයක් කියලා,”
ඔබ මේ නිසා මොකක්ද යෝජනා කරන්නේ.?
“ලංකාවේ රැකියා අවස්ථා සුලබ කරන්න ඕනේ. ගාමන්ට් කිව්වාම ඒක බොහෝ විට ආයතනයකට ගිහින් වැඩ කරන පැය අටේ හෝ ඊට වඩා වන රස්සාවක්. නමුත් අත් යන්ත්‍ර වලින් රෙදි විවීම තමුන්ගේ නිවසේම සිට කරගෙන කරන්නත් පුළුවන්. අපි මැෂින් එක දෙනවා නූල් දෙනවා, අපිම නිශ්පාදන මිලදී ගන්නවා. ඒ වාගේම තමා නිවසේ ඉදන් රෙදි සෙල්ලම් බඩු හදන්නත් පුළුවන්. දැන් අපි කරන්න ඉන්නේ අපි ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ ඒ අයට ගෙනිහින් බාර දිම හා නිශ්පාදන අපිම ගිහින් එකතුකර ගෙන ඒම.
ඔබ හිතන්නේ මෙහෙම කළාම කාන්තාව සවි බල ගැන්වෙනවාද?
“ඇයි නැත්තේ මම දැන් අත් දැකීමෙන් දන්නවා අපි සමග රට රැකියාවලට ගිහින් ඇවිත් වැඩ කරනවා කාන්තාවෝ. ඒ අය කියනවා  එහෙ හිටියත් මාසෙට තිස්පන්දාහක් වගේ හම්බ කරගත්තේ. දැන් ගෙදරත් බලාගෙන එයටත් වඩා අපි හම්බ කරනවා කියලා. ඒකම මදිද අපිට සතුටු වෙන්න.
අත්යන්ත්‍රවලින් ලංකාවෙ නිපදවන රෙදි පිළි සාමාන්‍ය පාරිභෝගිකයාට ගන්න බැහැ.?
“ඉන්දියාවෙන් ගෙනත් අපේ රටේ ඕනෙ තරම් පුරවලා තියෙනවා අත් යන්ත්‍ර කියලා රෙදිපිළි ආදිය. එක සැරේ හෝදනකොට ඒවා ඉවරයි. හැබැයි ලාබයි. ලංකාවෙ හදන ඒවා මිල වැඩියි හැබැයි කල්පවතිනවා.  ඒකයි  වෙනස. අපි යුරෝපිය වෙළෙඳපොළ ජය අරන් ඉන්නෙ. මොකද ඒ අය ඒ වටිනාකම් දන්නවා. අනික බලන්න යම් භාණ්ඩයක් මිළදී ගන්න කොට මේක හැදුවෙ අපේ රටේද. අපි ඒක හදලා තියෙන්නෙ පරිසරය විනාශ කරලද පරිසරය රැකගෙනද. මේකෙන් කී දෙනක් ජීවත් වෙනවද කියලා හිතලා භාණ්ඩ ගන්න බැරිද. අපේ එක පරිසරයටත් ආදරය කරමින් අපේම කාන්තාවෝ එයාලගෙ පුවලත් නඩත්තු කරමින් දරුවන්ට උගන්වමින් හොඳට කල්පවතින්න හදලා තියෙන්නෙ. ”
ඔබ කියන්නේ රජයක් විසින් මේ කර්මාන්තයට අනුග්‍රහයක් දැක්විය යුතුයි කියලද?
“ඇයි නැත්තෙ රජයකට ඒ වුවමනාව තියෙන්න ඕනේ.  ඉන්දියාව දේශිය රෙදි කර්මාන්තවල නිශ්පාදන පිටරට යවන කොට රජය සියයට ගාණක් ගෙවනවා ඒ අයට. අපේ නූල්වලට එහෙම බදු ගහන්නෙ නැහැ. නමුත් ඒක විතරද වෙන්න ඕනේ. ප්‍රාදේශිය සභා පළාත් සභා මධ්‍යම රජය කියන තැන්වල ග්‍රාමිය කර්මාන්ත කියලා අමාත්‍යාංශ තියෙනවා මොනව ද කරන්නේ. රජය අපේ දේශීය කර්මාන්තවලට උදව් කරන්න ඕනේ. රජයකට දැක්මක් තියෙන්න ඕනේ. මේ කාන්තාවෝ ගෘහ සේවයට රට යන එක වළක්වන්න පුළුවන් රජයට. ඒ ශ්‍රමය අපේ රටේ දේවලට ගන්න පුළුවන්. මනස හදන්න ඕනේ රට රැකියාවල ගිහින් හම්බකරනවාට වඩා සිය පවුල විනාශකර ගන්නවා නේද කියන එක. අද කාන්තා සමිති තියෙනවා මොනවද කරන්නේ. මනස හදනවද. නැහැ ඒ අයත් ඔය මොනවා හරි පෙන්වලා මනස විකාති කරනවා. ගෘහ අශ්‍රිතව කරන රැකියා අංශයන් දියුනු කරන්න පුළුවන්. ඒ ඒ පළාත්වල තියෙන සාම්ප්‍රදායික කර්මාන්ත තියෙනවා. බලන්න ඇතැම් ප්‍රදේශවල ආහාර වර්ග හදනවා. පැදුරු මලු වියනවා. කැටයම් වැඩ කරනවා. පිත්තල වාගේ වැඩ කරනවා. මේවා දන්නෙ නැත්නම් උගන්වලා ගම්මට්මින් කරනවා නම් කාන්තාවන්ට පුළුවන් තමුන්ගේ ශ්‍රමයෙන් දියුනු වෙන්න. රජයක් කරන්න ඕනෙ ඒ ඒවා හඳුනාගෙන උදව් කරන එක. අපි අත් දැකීමෙන් දන්නවා කාන්තාව සවිබල ගන්වන්න අපිට පුළුවන් කියලා. අපිට පුළුවන්නම් රජයකට මොකද බැරි. ඔයාලා දන්නවාද මේතරම් කරන මේ රටේ ගුවන්තොටු පොළේ දේශිය කර්මාන්ත භාණ්ඩ කියලා සාප්පු තියන්නේ ඉන්දියාවෙ ඒවා කියලා. ඇයි ඒ, ඒ ව්‍යාපාරික ස්ථානයක් අපිට ගන්න බැහැ.ඒ තරම්ම මිල අධිකයි. දේශපාලනය තමා මේ රට මම නම් කියන්නෙ අගාධයට දාන්නේ. විෂය දන්න අය ඒ ධූරවලට පත්වෙන්නෙ නැහැ. රටට ආදරේ අය පත්වෙන්නෙ නැහැ. ඒකයි මෙහම වෙන්නෙ. මම හිතනවා වර්තමාන ජනාධිපතිවරයාවත් ගමේ කාන්තාව  සවිබල ගන්වන්න මේ වාගේ අපේ සාම්ප්‍රදායික කර්මාන්තවලට උදව්කරයි කියලා.”
මෙම ලිපිය සකස් ්කිරීමේදී සෙලිනා ආයතනයේ කාවින්දි ට ස්තුතිය පුදකෙරේ.
-උපාලි බණ්ඩාර වීරසේකර.





Related Posts Plugin for WordPress, Blogger...