Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...

Total Pageviews

Popular Posts

Monday, 1 May 2017

සැළසුම් සහගත දිවිය වටී


සැළසුම් සහගත දිවිය වටී
වාසි රැසක් දෙයි ගිලින පෙති

අම්මා කෙනෙක් වීම කියන්නේ පෙර සංසාරයේ ඉදන් ගෙන එන පුරුද්දක් කියලා තමා හැමා්ම හිතන්නේ. ඉතින් අම්මා කෙනෙක් වෙන්න නම් පූර්ව සැළසුමක් තියෙන්න ඕනේ. ගර්භණී භාවයට පත් වීම ගැන දැනුමක් හැම තරුණියකට තියෙන්න ඕනේ. ඒත් ඒ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන අය විතරයි. ගැබිනි සමයේ ඇති විය හැකි අනවශ්‍ය සංකූලතා බොහොමයක් මග හරවා ගන්නට දැනුවත් විම ප්‍රයෝජනවත්වේ.

විවාහට සූදානම් වන යුවතිය ඒ සඳහා අවශ්‍ය දේ පිළියෙළ කරගන්නා සේම තමාගේ පවුල සැළසුම් කර ගැනීම පිළිබඳව ද ආනගත ස්වාමියා සමග සාකච්ඡා කිරීම වැදගත් වේ.
ලේ ඥාතින් හා විවාහවීම දරුවන්ගේ අසාමාන්‍යතා ඇතිවිමට හේතුවක් බව ඔබ දැනටමත් දන්නවා ඇතිනෙ. මෙය සැම විටම සිදු  නොවුණත් හැකිතාක් දුරට ඥාති සම්බන්ධතා විශේෂයෙන් ලේ ඥාති සම්බන්ධතා ඇති පුරුෂයන් හා විවාහ විම මග හැරිය යුතු වේ.
අප ශරීරයේ ඇති සෑම ලක්ෂණයක් ගැනම නිගමනය කරනු ලබන්නේ ජානවලින් බව ඔබ දන්නවා. සෑම පුද්ගලයකුටම හොඳ හා නරක ජාන යන දෙවර්ගයම පිහිටුනු ලබනවා. මෙහිදී හොඳ ජානවලින් පෙන්වන ලක්ෂණ තමා වැඩියෙන්ම පෙන්වනු ලබන්නේ. ලේ ්ඥාති දෙන්නෙක් විවාහ වුණොත් නරක ජාන ක්‍රියාත්මක වෙන්න පටන් ගනීි. එවිට අන්න ඒ දරුවන් විකෘති දරුවන්වේ.
මෙහිදී ලේ පරික්ෂාවකින් මේ ගැටලු බොහොමයක් විසඳා ගන්න පුළුවන්. මතක තබා ගන්න බිරිඳ හා සැමියා රුධිර වර්ග දෙකක වුණා කියලා විවාහයට බාධාවක් නැහැ. ලේ වර්ග ගලපා විවාහ වෙන්න කියලා දේකුත් නැහැ.  එහෙත් සමහර පවුල්වල තැලිසිමියා රෝගිහු සිටිති. පවුලේ එක් දරුවෙක් හෝ තැලිසිමියා රෝගි දරුවකු වුවහොත් එවැනි පවුලක අයෙකු හා විවාහ වෙනවානම් රුධිර පරීක්ෂාවක් කිරීම වැදගත්. එසේ සැඟවී තිබෙන ජානයක් නිසා තැලිසිමියා දරුවකු බිහිවිය හැකියි. සමහර රටවල ඇති සිස්ටික් ෆයිබෝ්‍රසිස් රෝගය සමහර විට  ඇතිවෙන්නට පුළුවන්. තැලිසිමියා හා හිමොෆිලියා  රෝගය ප්‍රවේණිගත රෝග දෙකකි. ඔබට නාරිවේද වෛද්‍යවරයකු හමුවීමෙන් මෙම තත්ත්වයන්ට උපකාර ලබාගත හැකිය. විවාහයට පෙර සිටම සෑම කාන්තාවක්ම දරු ප්‍රසූතියේදී වැදගත්වන දැනගත යුතු කරුණු කිහිපයක් වේ. විශේෂයෙන්ම විවාහට පෙර හෝ ගැබ් ගැනීිමකට මාස තුනකට පෙර සිටම සිතට ගත යුතු වේ. ගර්භණී සමයේ රුබෙල්ලා  වැලදීමෙන් දරුවාට දරුණු විකෘතිතා ඇති විය හැකිය. අන්ධවිම  ශ්‍රවණ ආබාධ, හදවත් රෝග හා මොළයේ වර්ධනයේ අඩුපාඩු මෙයින් ප්‍රධාන වේ. එම නිසා රුබෙල්ලා එන්නත විඳ ගැනීම වැදගත් වේ.
මේ හැර කම්මුල්ගාය, පැපොල, ගර්භණී සමයේදී අම්මාට වැළදීමෙන් දරුවාට හානිදායක වේ. එම නිසා මේ රෝගවලින් වැළකිීමට දැන් එන්නත් තිබේ. ගර්භණි වීමට පෙර එවැනි එන්නත් ලබා ගැනිමට හැකි නම් මවකට ගර්භණී සමයේදී දරුවාට හානියක් නැතිව හොඳ දරුවකු බිහි කිරීමට හැකි වේ.
ගර්භණී විමට පෙර ප්‍රජනක සෞඛ්‍ය ගැන දැනුමක් තිබිය යුතුය. ලිංගික සබඳතා කෙසේ විය යුතුද, දරුවෙක් පිළිසිඳ ගන්නේ කවර අවස්ථාවකද, ආර්තව චක්‍රය කෙසේද, උපත් පාලනය කරන්නේ කොහොමද වැනි දෑ ගැන සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය. හැමදාමත් සංසාර චක්‍රය ගැන කියනවා විනා පවුලක් පවුල් ජීවිතයක් ලිංගික සබඳතා ගැන වෙනත් ආගම්වල නම් කියා දෙනු ඇත.
ආර්තවය සිදුවන හැටි හා ගැබ්ගැනිම ගැන අපි දැනුවත් වෙමු. වfඩිවියට පත් වූ යුවතියන්ට මසකට වරක් ආර්තවය සිදුවේ.   සාමාන්‍යයෙන් ආර්තවය ආරම්භවී දින 14 පමණ යන විට ඩිම්බයක් පිටවීම සිදු කරවයි. මෙම දින කිහිපය තුළ සංසර්ගයක් සිදුවුවහොත් ගැබ් ගැනිීමක් සිදුවීමට ඇති ඉඩ කඩ වැඩිය. ඩිම්බයක් පිටවූ පසු එය හොඳ තත්වයේ පවතින්නේ දින දෙකක් වැනි කාලයක් පමණි. මෙලෙස කාන්තාවකට දරු පිළිසිඳ ගැනිීමට හැකි සුදුසු කාලය පවතින්නේ ඩිම්බය පිටවන දින 2-3  තුළ පමණි. එහෙත් මෙසේ ඩිම්බය පිටවන දිනය හෝ දින දෙක ගණන් කර  පමණක් දරුවකු පිළිසිඳ ගනිවියැයි අනුමාන කළ නොහැක.
උපත් පාලන ක්‍රම ගැනත් ඔබ දැනුවත්ව සිටීම වැදගත්ය. උපත් පාලන ක්‍රම දිගු හා කෙටිකාලින වශයෙන් වර්ග දෙකකට බදනු ලබයි. වසරක් වැනි කෙටි කාලයක දරු උපතක් පාලනය කිරීමට නම් කෙටි කාලින ක්‍රම අනුගමනය කළ හැකිය. එය ඉතාම සුදුස ක්‍රමයකි. කාන්තාවකට මේ සඳහා වඩාත් සුදුස වන්නේ ගිලිනපෙති පාවිච්චි කිරීමයි. මෙය ඉතා ආරක්ෂිත ක්‍රමයක් බව සොයාගෙන ඇත. විවාහ වීමට බලාපොරොත්තුවන කෙනෙක් නම්  දරුවකු ලැබීම කෙටි කලකට කල් දැමිමට අවශ්‍ය නම් දෙදෙනා කතා කර  විවාහයට ආසන්නම එළැබෙන ඔසප් වූ දින සිට  පෙති ගැනිම ආරම්භ කිරීම ඉතාම සදුසුය. මෙම පෙති පාවිච්චි කිරීමෙන් ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවේ. ඔසප් වේදනාව අඩුවේ. පහවෙන රුධිර ප්‍රමාණය අඩවේ. ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකා වර්ධනයවිම අඩුවේ. මේ නිසා ගිලින පෙති වලින් වාසි රැසක්ද අත්වේ.
-හෙල්ගා ඉරේෂණී

Related Posts Plugin for WordPress, Blogger...