ක්ලැරන්සගේ 75 ජන්ම දිනය වෙනුවෙන් පිංකම්


සංගීත ලෝකයේ කණ්ඩායම් සංගීත ක්ෂේත‍්‍රයේ විප්ලවිය වෙනසක් කරමින් නවමු සංගීත සම්ප‍්‍රදායක් සංගීත ලෝකයට එක් කළ, ලංකාවේ පළමු කැසට් පටයේ සිටම සංගීත අධ්‍යක්ෂනයෙන් නව සංගීත රසාස්වාදයක් මෙරට සංගීත ලෝලින්ට හිමිකර දෙමින්ද, සිංග්ලංකා ආයතනය වැනි ආයතන හරහා තවත් සංගීත අධ්‍යක්ෂවරුන් බිහිකරමින් නිර්ලෝභීව අත හිත දෙමින්ද රසාලිප්ත ගීතනු හරහා සංගීත ලෝකයම වෙනස් කළ ජනප‍්‍රිය ගායන ශිල්පි, ගීත රචක, තනු නිර්මාණ ශිල්පි ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ හැත්තැපස්වන ජන්ම දිනය වෙනුවෙන් බත්තරමුල්ල වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් වෙනුවෙන්ආහාරපානාදියෙන් මෙන්ම සංගීතයෙන්ද දානමය පුණ්‍යකර්මයක් පසුගියදා සිදුකරනු ලැබීය.
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ භාර්යාව වන ශීලා විජේවර්ධන හා එකම දියණිය වන අමිලා විජේවර්ධන මේ පිංකම් වෙනුවෙන් මෙරටට පැමිණ සිටි අතර ක්ලැරන්සගේ ගී නිර්මාණයන්හි බුද්ධිමය අයිතිය ඇති ඔවුන්ගේ ඇටෝර්නි බලයැති සමීර ගාල්ලගේ මෙම පිංකම් සංවිධානය කරනු ලැබීය.
මෙම අවස්ථාවට සංගීතඥ සරත් ද අල්විස්, සංගිතඥ අර්නස්ට් සොයිසා, වර්නන් පෙරේරා, ලාංකිකා පෙරේරා, චානක පෙරේරා, ඉසුරු ජයරත්න, පොඩි ජෝති, ලක්ෂමන් වෙත්තිංගේ,සමන් රත්නවීර, නදුන් රත්නායක, මැණික් චන්ද්‍රිකා, ඇනස්ලි මාලේවන, තීක්ෂණ අනුරාධ, වෛද්‍ය තිළිණි රෝස් දිව්‍යංජලී, අංජලී, කේ.සුජීවා සහ අජිත් මුතුකුමාරණ ප‍්‍රමුඛ සකුරා රේන්ජ් මෙන්ම ගීත රචක රොහාන් රූපසිංහ, පේ‍්‍රමසිරි ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡුායාරූප-
1.කේ.සුජීවා සහ අජිත් මුතුකුමාරණ
2.ක්ලැරන්ස් ගේ දියණිය අමිලා විජේවර්ධන සහ ඇනස්ලි මාලේවන
3.අජිත් මුතුකුමාරණ ප‍්‍රමුඛ සකුරා රේන්ජ් කණ්ඩායම
4.ක්ලැරන්සගේ ගී නිර්මාණයන්හි ලංකාවේ නීතිමය බලයැති සුමීර ගාල්ලගේ
5.ලාංකිකා,ශිලා,අමිලා
6.ප‍්‍රවීණ නිවේදක අසංක කරුණාරත්න
7.අසංක ඇනස්ලිගෙන් ක්ලැරන්සේග් මතකයන් විමසද්දී
8.ඇනස්ලි ගි ගයද්දී
9.ලංකිකා සහ සැමියා ගී ගයද්දි
10.සමන්,රොහාන් රූපසිංහ,සරත් ද අල්විස්, අරනස්ට් සොයිසා,ලිංකිකා සහ ලක්ෂමන් වෙත්තිංගේ
11.වර්නන් පෙරේරා ගි ගයද්දි
12.සමන් සහ වෛද්‍ය තිළිණි
10.තික්ෂණ අනුරාධ

upali bandara weerasekara

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *