ගෝල් වලට පසු නිදහසේපියා – ඞී. එස්.


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම දේශපාලන චරිතාපදාන සිනමා නිර්මාණයවූ සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂණය කළ ”නිදහසේපියා – ඞී. එස්.” චිත‍්‍රපටයේ විශේෂ මාධ්‍ය දැක්මක් පසුගිය දා ජාතික චිත‍්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී, විශාල පිරිසක් හමුවේ ප‍්‍රදර්ශනය විය. මෙම අවස්ථාවට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් සමග ආයතනමෙන්ම චිත‍්‍රපටයේ ර`ගපෑ සියලූම නළුනිළියන්, කාර්මිකශිල්පීන්, නිෂ්පාදන දායකත්වය දැක්වූ මහත්ම මහත්මීන් මෙන්ම මැතිඇමතිවරුන් ඇතුළු ජනාධිපති ලේකම් කාර්යාලයේ විශාල පිරිසක් ද සහභාගීවිය. දැනට තිරගත වන‘ගොල්’ චිත‍්‍රපටයට පසුව මෙය‘රිද්මා’මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතව ඇත.
-ඇන්ටන් ප‍්‍රනාන්දු

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *