හෙක්ටර් කුමාරසිරිගේ අනෝරා අලූත් වැඩක්


සිනමා අධ්‍යක්ෂ හෙක්ටර් කුමාරසිරිගේ නවතම නිර්මාණය ‘අනෝරා’ සිනමා පටයේ මාධ්‍ය දර්ශනයක් පසුගියදා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදි පවත්වනු ලැබීය.
අනෝරා සිනමා පටය මෙතෙක් සිංහල සිනමාවේ කිසිවකු කතා නොකළ මාතෘකාවක් ඔස්සේ නිෂ්පාදනය වූවකි. අනෝරා නම් තරුණ නැටුම් ශිල්පිනිය ලිංග විපර්යාශයක් හේතුවෙන් පිරිමියකු බවට පත්වීම එම තේමාවයි. මෙවන් තේමාවක් මෙයට පෙර සිනමාව තුළ කතා කර නැතිබව පෙනේ.
අනෝරා දක්ෂ නැටුම් ශිල්පිනියකි. ආකාශ් දක්ෂ නැටුම් ශිල්පියකු වන අතර ඔහුගේ කණ්ඩායම ඉදිරියේදී පැවැත්වෙන නැටුම් තරගයකට ඉදිරිපත් වීමට සූදානම් වේ. එහෙත් ටික දවසකදී අනෝරාට තමන්ගේ සිරුරේ සිදුවන වෙනස්කම් නිසා ඇය සිය පෙම්වතා වන ආකාශ්ගෙන් ඈත්වෙන්නට පටන් ගනී. මේ නිසා නැටුම් තරගයට ඉදිරිපත් වීමටද ආකාශ්ගේ නැටුම් කණ්ඩායමට බැරිවෙන ලකුණු පහළවේ. ආකාශ් හා අනෝරා අතර විවාහයටද දෙපාර්ශවය කැමැත්ත දි තිබියදි අනෝරාගේ ඈත්වීම ආකාශ්ට දරා ගන්නට නොහැක.
පසුව අනෝරා සත්‍ය තේරුම්ගෙන පිරිමියකු බවට පත්වීමට තීරණය කරන අතර නැටුම් තරගයටද ඉදිරිපත්වේ. මේ නිසා ආකාශ්ගේ කණ්ඩායම ජයගනි. එහෙත් ආකාශ්ගේ හා අනෝරාගේ විවාහ බන්ධනයට කුමක් සිදුවේද. එය සිනමා පටය නැරඹීමෙන් තේරුම්ගත යුතුවේ.
හේෂාන්, මේනකා, මහේන්ද්‍ර පෙරේරා, දයාදේව එදිරිසිංහ, හෙක්ටර් බෙත්මගේ, සුදර්ශන බණ්ඩාර, එම්.ජී.ධනුස්ක, නිල්වලා විශ්වමාලි, දමයන්ති පොන්සේකා, ඩබ්ලිව්.ජයසිරි, විජේරත්න වරකාගොඩ, උයද කුමාරි ආදි රැුසක්මෙහි රංගනයෙන් එක් වේ.
ක‍්‍රිෂ් වික‍්‍රමසිංහ, ෙදාන් පේ‍්‍රමදාස, සරත් පොඩිනිලමේ, පුලස්ති බෙත්මගේ, ප‍්‍රියන්ත කළුආරචචි, සමග සුනිල් දිසානායක නිශ්පාදනයෙන් එක්වී ඇත
-උපාලි බණ්ඩාර වීරසේකර

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *