ජයසිරි අලවත්තගේ වෑයම ප‍්‍රශංසනීයයි- කිවිවර මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල

ජයසිරි අලවත්තගේ වෑයම ප‍්‍රශංසනීයයි- කිවිවර මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල


ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ කවි පොත්වලට පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් තැනක් වෙන්කරලා දීලා තියෙනවා. එ් ගැන අපි සතුටු වෙනවා. මට මතකයි අපි මුළින්ම ඉටිකොළවලින් ආවරණය කරලා තැනක් වෙන්කරගෙන හිටියේ. එ්ක දැකපු අය අනේ පව් කියලා කියනවා මගේ කනටමත් ඇහිලා තියෙනවා. අපි එහෙමයි ආරම්භ කළේ. නමුත් අදවන විට පොත් ප‍්‍රමාණය මෙන්ම රසික ප‍්‍රජාවත් වැඩිවෙලා තියෙනවා. නමුත් මම කොහෙත්ම එ්ක කවියට බලපායි කියලා විශ්වාස කරන්නේ නැහැ. එ් කියන්නේ කවිය එ් තරමටම ඉහළ තත්ත්වයකට පත්වෙලා නැහැ. මම අර අපූර්ව කියන වචනයත් එක්ක අලූත් පරපුර කරන නිර්මාණ රසිකත්වය ආරක්ෂා කරගෙන කරන්න ඕනෙ කියලා මම හිතනවා. එ් වගේම විවේචන ගැන කතා කරන්න ඕනේ. සිනමා විවේචනය ගත්තාම ජයවිලාල් විලේගොඩ තමා සිනමාවට යම් වෙනසක් කරන්න පුළුවන් බලපෑමක් කරන්න පුළුවන් විචාරයක් කළේ. ඔහුට මරණ තර්ජන පවා ඇවිල්ලා තිබුණා.
කවිය වගේ කලා නිර්මාණයක් ගැන කතා කරද්දි සියුම් විදියට කරන්න ඕනෙ කියලයි මම නම් හිතන්නේ. විචාරය කිව්වාම එ්ක ඉතා ගැඹුරු හා තුලනාත්මක කලාත්මක කාරණයක්. විචාරයෙන් දුරස් වුවත් පසුගිය වර්ෂයේ යම් කිසි විචාරාත්මක දැක්මකින් යුතුව පාඨකයාට කවිය රස විඳීම පිළිබඳව උත්සාහයක් දරලා තියෙනවා. 2016 පළවූ කවි පිළිබඳවත් 2017 පළවූ කවිපොත් ගැනත් විචාර කෘති තියෙනවා. මේවා සම්පාදනය කළ අය පුළුවන් තරම් හැම කවි පොතක්ම පාහේ මේ සඳහා විචාරයට ලක්කරගෙන තියෙනවා.
නමුත් ටිකක් ඉතිහාසයට යන කොට අපි කියලා තියෙන ප‍්‍රමාණයන්වලට යනකොට මට වැටහෙන්නේ කවියේ යම් යම් සංසථාපිත අවස්ථා දැන් කොළඹ යුගයෙ කවියන් හැටියට ජනප‍්‍රිය වූ ජී.බී. සේනානායක සහ සිරි ගුණසිංහගේ ප‍්‍රමුඛත්වයෙන් නිදහස් කවිය බිහි වෙනවා. මේ කවිය ගැන තිබූ නරක අත ඇරියාම තේරුම් බේරුම් කරලා දෙන විචාරකයන් මතුවීම හා එම කෘතිවලින් පෙන්වා දෙනවා කවිවල වඩාත් වැදගත් වෙන්නේ හැඩයටත් වඩා කවියේ අන්තර්ගතය කවියේ කියන දේ කියලා. කවියේ හැඩය ගැන කියකොට මලල්ගොඩ කවියා කී දේ උදාහරණයකට ගන්න පුළුවන්. ‘මරාගෙන කවි ගත් -උපත ලද පිළිලයකි නිසදැස්’ මලල් ගොඩ කවියා කින්නේ එහෙම. නිසදැස් කවි එන කාලේ ඔවුන් එ්කට විරුද්ධව කවි රචනා කළා. කුරුප්පු කියන කවියා 1959 දී ‘නිසදැස් කයිය සහ එළිවැට කයිකාරිය ’ කියලා ලියනවා කවියක් ‘අදහස් වැරූ බොල්වැකි පිස්සුවෙන් ලියා-’ ආදි වශයෙන්. නිසදැස් කවිය එනකොට මේක අතිශය නිර්දය ලෙස හෙළා දැකපු අවස්ථාත් තියෙනවා. නමුත් වික‍්‍රමසිංහ වගේ පුරෝගාමින් මුල්වෙලා පෙන්වා දෙනවා කවියක වැගත් වෙන්නේ කවි ඇතුලාන්තයෙන් කතා කරන සියුම් කාරණයක කියන එක. එ් වගේම ජී.බි.සේනානයකයන්ගේ සාහිත්‍ය විග‍්‍රය කියන පොතේ කවියක් ගැන හරි අපූරු විග‍්‍රහයක් කරනවා. මේක මේ අන්දරේ අවසන් වශයෙන් කියපු කවිය කියලා ජනප‍්‍රවාදයේ සඳහන් වෙනවා.
රිදිකළේ රන් කොතලේ බීපු මට-මැටි බඳුනේ දිය නොසිඳේ පිපාසෙට
කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ඇති අපට- මෙහෙමත් කලයාද පලූ වීර ගස් යට
කියන කවිය ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. රන් රිදී බඳුන්වලින් වතුර බීපු සැපසේ නිදාගත්ත මට පලූවීර ගස්යට ඉන්න වුණාද කියලා තියෙනවා. දැන් අද එහෙම කරන්න බැහැ. මේ මැටි බඳුන මැටි කෝප්පය ඇතිලිය යාලත්ත නෙළුම්කොලේ පොල්අතු වහලේ මේවා අද සියුම් ලෙස වෙළෙඳ භාණ්ඩ බවට පත්වෙලා තියෙනවා. කොටින්ම කියනවා සරදියල් පවා පත්වෙලා තියෙනවා. සරදියෙල් කියන්නේ හොරෙක්නේ. ඔය කෑගල්ල පැත්තේ යනකොට සරදියෙල් හෝටලය කියලා එකක් තියෙනවා. අදවන විට එදා එ් දේවල් වෙනස්වෙලා තියෙනවා. අද නෙළුම්කොලේ කෑම එකක් ගණන් ටිකක්. මේ විදියට කලාවිචාරයන් යම් යම් විපර්යාෂයන් අනුව වෙනසක් සිදුවෙලා තියෙනවා.
ජයසිරි අලවත්ත කවියාගේ පොත් දෙකට එන්න ඉස්සෙල්ලා මම කැමැති වර්තමාන කවියෙක්වන ළහිරු කරුනාරත්නගේ කවියක් ගැන කතා කරන්න. මේක මේ පොත්වල නැති වුණත් මම කැමැතියි කතා කරන්න. මෙය තල දෙකක අල්ලන්න පුළුවන් එකක් තමා සංවේද ජනක කාරණයක්. අපි මුළින්ම සංවේගයට පත්වෙන කාරණය ග‍්‍රහණය කරගන්නවා. ඒක තමා මේකෙන් කියන සමාජිය දේශපාලන පැත්ත. එ්ක විවේචනය කරන්න පුළුවන්. නමුත් රස විඳින්නාට වැදගත්වන්නා වූ කාරණය සාමාන්‍ය රසිකයාට ඔහු කම්පනයට පත්වෙන්නේ කොතනද එක මම විශ්වාස කරනවා කවිය කියන්නේ වින්දනිය කරණයක්. කෙනෙක්ගෙ කටුක වේදනාවක් වෙන්න පුළුවන් කියන්නේ. නමුත් එය කලාකෘතියක් බවට පත් වුණාට පසු කෙනෙක්ගෙ රසවින්දනයට හේතුවන කාරණයක් බවට පත්වෙනවා. නමුත් අලවු ඉසි සැබිහෙළයන් කියනවා කවිය කියන්නෙ වින්දනිය කාරණයක් නෙවේය කියලා. එ් ගැන ගොඩක් අය කියලා තියෙනවා. නෙත නොහෙළුෑ කඳුළු බින්දු කියලා තමා ළහිරු මෙය නම් කරලා තියෙන්නේ. මුළින්ම ඔහු ජනකවි ආර තුළින් පටන්ගෙන තමා කවිය නිර්මාණය කරලා තියෙන්නේ.
‘මහත්වරුනි හොඳ හැටි අර ගනිල්ලා…,’යනුවෙන් කරන මේ නිර්මාණය පසුව නිසදැස් ආරෙනුත් ලියමින් පාමසි වැනි වචන කවියට එක් කරමින් ඔහු කියනනේ බස්රියේ රැුගෙන ගිය ලෙඩා ගැනයි. ගෙදර ගියාම මේ රෝගි කාන්තාව සැමියාගේ වතට හේත්තුවෙලා කියන්නේ අපි පාමසියෙන් බෙහෙත් ටික ගමු කියලා. මොකද රෝහලේ බෙහෙත් නැති නිසා පාමසියෙන ගන්න ලියලා දුන්නාට ඒක ගන්න සල්ලි නැහැ. කනේ කරාඹු දෙක උගස් කරලයි මේක කරන්න ඕනේ. මේ කවිය කියෙව්වාම අපිට විශාල සංවේගයක් ඇති වෙනවා. මම හිතන්නේ කවි රසිකයා බලාපොරොත්තු වෙන්නේ එ්කයි කියල. විචාරයකුත් එක්ක කවි රස විඳින අය නම් කොපමණදැයි මට නම් හිතා ගන්න බැහැ. කොහොම වුණත් කවියට ඉන්නේ පුංචි රසික ප‍්‍රජාවක්. යම් යම් වර්ධනයක් කියලා අපි කිව්වට සාපේක්ෂව බලද්දි ඉතාමත් පුංචි ප‍්‍රජාවක්. වඩාත් වැදගත් වන්නේ හැමෝම රස විඳිය නොහැකි හැමොටම රස විඳීමට අවකාශයක් නැති නමුත් හැමෝටම රසි විඳිය හැකි සරලව ගන්නත් පුළුවන් කවි නිර්මාණය වීම. දැන් අපි 2010 විතර කවි ලියනකොට කවි ලියනවද පොතක් හැටියට පළකරගන්නවද කියලා හිතුවා. ඉතින් එ් අතරේ මකරන්ද පොතත් එක්ක මට තියෙන සම්බන්ධය තමා මේ පොතේ කවි පනහක් අතරේ මගේ කවියකුත් පළ වුණා. බොහොම ගෞරවයෙකින් යුතුව කියන්න ඕනා එ් යුගයේ අතිශය උත්තේජනයක් අරගෙන ආවා එක කවියක් මෙහෙම පළවුණාම අනිත් සහෝදර කවින් එක්ක. අද අන්තර්ජාලය හරහා පහසුකම් තියෙන නිසා ඕනැම කෙනකුට මේ මොහොතේ කවියක් ටයිප් කරලා මුළු විශ්වයටම මුදාහරින්න පුළුවන් වෙලා තියෙනවා. දැන් පුවත්පත්වලින් තෝරා බේගෙන සංස්කරණය වෙලා එන එකයි මේවායි අතර ගට්ටනයක් තියෙනවා කියලා මම හිතනවා. එ් අතරිනුත් ඉතා හොඳ නිර්මාණ බිහි වෙනවා. එ්ක මහ අමුතු දෙයක් මම හිතනවා භාෂාව හොඳ විදියට උපයෝගි කරගෙන කරන ඉන්ද්‍රජාලික කාර්යයක් කියලා මම හිතන්නේ. කවිය ගැන යම් අදහසකට මේ නිසා එන්න පුළුවන් වෙයි. එ්ක විචාරාත්මක අදහසක් නොවෙයි.
”කවියා සිය වැඩ භූමිය ලෙස මහපොළොව තෝරාගන්නා අතර නවාතැන ලෙස දිව්‍ය ලෝකය තෝරා ගනී” මේ අනුව කවියා සිය බෝඩිම කරගන්නේ දිව්‍ය ලෝකය. ‘කවියා නගරයක් වැනිය. රෝහලක්, මල් ශාලාවක් පූජනීය ස්ථානයක් මධු ශාලාවක් ළං ළංව පිහිටා ඇති.’ ‘භාෂාවක් වඩාත් කැමැත්තක් දක්වන්නේ කවිය හා ළංව සිටීමටය. නමුත් කවිය වඩාත් කැමැති භාෂාවට වෙන්ව සිටීමටය. ’. ‘හොඳ එක කවියක හොඳ වෙනුවෙන් සාමාන්‍ය කවි දහසක් ගණනක් මියයයි.’ මේ ආදි වශයෙන් කවිය ගැන බොහෝ අදහස් තිබෙනවා.
කවි නවකතා කෙටිකතා පිළිබඳවත් ජයසිරි අලවත්ත කවියා කරන්නා වූ විචාර කාර්යේදී මෙම කව්‍යාලාප කාතිය සම්බන්ධයෙනුත් අපගේ ගෞරවය ඔහුට හිමිවිය යුතුයි.
-උපාලි බණ්ඩාර වීරසේකර

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *