සාහිත්‍ය මාසයට පොත්



අනුර වික්රමසිංහ ලියු අලූත්ම නවකතාව ‘භවන්කුණ්ඩය’ අමුතු කතාවක්.
අනුර වික්රමසිංහ ලියු අලූත්ම නවකතාව ‘භවන්කුණ්ඩය’ නමින් දැන් නිකුත් වී ඇත. කතරගම ප්රදේශයේ රාජ්ය නිලධාරියකුවන අනුර වික්රමසිංහ 2008 දි ‘රතනොරත රති’ යනුවෙන් සිය පළමු නවකතාව ලීවේය. ඔහුගේ 9වන නවකතාව මෙම භවන්කුණ්ඩය නවකතාවයි.
අනුරගේ විශේෂත්වය වන්නේ ඔහු තෝරාගන්නා ප්රස්ථුතයයි. ලිංගික ජීවිතය සබැඳි කතා පුවත් වුවත් එ්වා බටහිර ලිංගික නවකතා මෙන් නොව මනා හැදෑරිමකින් ලියූ ගැඹුරු ජීවන වෘත්තාන්තයන් වේ. ලේඩි චැටලීස් ලවර් යන නවකතාව අපේ රටේ පාඨකයන් බොහෝසේ දන්නා බටහිර නවකතාව බව නොරහසකි. එහි ඇති සිද්ධීන් අවකාශයන්වලට වඩා අනුරගේ නවකතාවල ඇත්තේ ධර්මය,සොබාව ධර්මය.මානව ධර්මය ආදිය කැටිකරගත් ප්රබල කතාවන්ය. එක හුස්මට කියවාගෙන ගිය හැකි ළයාන්විත රිද්මයානුකූල බස්වහරක් ඇති අනුර සිය උපකල්පනා ශක්තිය මෙන්ම පොතපතෙන් ලද දැනුමෙන් සිය රචනාවන් හැඩගන්වා ඇත.
‘භවන්කුණ්ඩය’ තුළින් ද්විලිංගික ස්ත්රියක ගැන කතාරන අනුර ඇයමෙන් දෙගුණයක් වයසැති සැමියා හා ඇයගේ ජීවිතය ගැන කතාකරන්නේ මෙතක් නවකතාවකින් හෝ වෙනත් නිර්මාණයකින් දැකිය හෝ දක්නට නොලැබුණු කතාපුවතකි.
”මේ ප්රශ්නයේදී ඔයාගෙ ලිංගික ජීවිතයට ප්රශ්නයක් වෙන්නෙ නැහැනෙ. මගේ ලිංගික ජීවිතයනෙ නැතිවෙන්නේ.”පුරස්ථිග්රන්ථියේ පිළිකාවක් නිසා වෘෂණකෝෂ ඉවත්කරන්නට සිදුවූ වයසක සැමියා කීවේය.
”නැහැ එහෙම වෙන්නේ නැහැ.”
”ඇයි නැත්තේ.”
”එහෙම නම් ඔයාගෙ ඔය දෙක කපන ගමන්ම මගේ උඩ එකත් කපල,යට එකත් උලූප්පලාදාන්නය කියලා කියනවා.”
මෙවන් සංවාදවලින් යුක්ත මෙහි ඇත්තේ ද්විලිංගික ස්ත්රියකගේ කතාවයි. මෙවන් කතාවක් මින් පෙර කියවා ඇතැයි සිතන්නට නොහැක. ඉතින් අනුරගේ නවවන නවකතාව වන මෙය නවකතා ලෝකයේ ආන්දෝලනයක් කරනු නොඅනුමානය.
මෙය සදිනි ප්‍රකාශනයකි.
-උපාලි

ගයනා එස්.ලක්මාලි ගෙන් අලූත් පොත්
ගයනා එස්.ලක්මාලි තවත් තාරුණ්යයේ ලේඛිකාවකි. ඇයගේ 31වන නවකතාව මෙවර සාහිත්ය සල්පිල වෙනුවෙන් නිකුත්වී ඇත. සමනල වසන්තය ඇයගේ මුල්ම නවකතාවයි. එය 2010 දීපළ කර ඇති අතර මේ වසර අට ඇතුළත ඇය නවකතා 31ක් ලියා ඇත. එ්න්ජල් ඇයගේ තවත් එක් අලූත්ම නවකතාවකි. මේ ඒන්ජල් නවකතාවෙන් එන කොටසකි.
”මාරක ප්රපාතය දෙසින් සුදු පැහැ අද්භූත එළිය දිස්වූදා පටන් පේදුරු උන්නේ එ් ගැන අවධානයෙනි.
නිවාඩු දිනයේ ගල්පොත්ත දෙසින් ඇසෙන්නට ගත් ගීතය ඔහුගේ එම අතීත මතකයන් යළිත් වතාවක් අවදි කරන්නට සමත් වූවේය.
”අප්පොච්චියේ…මේ මොනවා වෙනවද මන්දා… ආයෙමත් එ් සින්දුව..”
මීට දශක දෙකකට පෙර නිතර නිතර ගල් පොත්ත දෙසින් ඇසුණු සුපුරුදු ගීතයක් යළිත් එ් ආකාරයේම මිහිරි ස්වරයකින් ඇසෙද්දී බියට පත්වූ පේදුරු කර රැුඳි තුවායද හිසවටා ඔතාගෙන එදෙසට පා එසවීය.
ගස් කොළන් අතරින් හොර පාරෙන් එතනට ළඟාවූ මහළු මිනිසා මුළින්ම දුටුවේ ගල්පොත්ත මත සිදුවනා අපූරු සිදුවීම නොව, එහි වූ ලෑල්ලේ කිරිබත් කෑමට පැමිණි අනේකවිධ හැඩයේ කුරුළු රංචුවය.
”මයෙ අප්පේ කුරුල්ලෝ..”
මෙතරම් කුරුල්ලන් තොගයක් එක්වර මෙතැනට පැමිණියේ බොහෝ කලකට පසුව බව පේදුරුට මතක තිබිණි.
මෙවන් ගයනාටම ආවේණික බසින් සුන්දර මෙවරද ඇයගේ නවකතා පෙළක් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ මේ දිනවල පැවැත්වෙන සාහිත්ය සල්පිලේදි පැවැත්වේ.ප්‍රකාශනය ගයා ක්‍රියේෂන් වෙතිනි.
-උපාලි

දිල්හානිගෙන් ‘මේ වස්සානයේදී’
දිල්හානි වික්රමරත්න මේවන විට පොත් හැටක් පමණ ලියා ඇති දක්ෂ ලේඛිකාවකි. ඇය මෙවර පොත් සල්පිල වෙනුවෙන් ඇයගේම ‘දිල්හානි වික්රමරත්න පබ්ලිකේෂන් සහ ලෙන්ඩින් ලයිබ්රි’ ආයතය මගින් සහ පිටත් ප්රකාශන ආයතන හා එක්ව පොත් ගණනාවක්ම නිකුත් කර ඇත.
‘මේ වස්සානයේදී’ ඇයගේ අලූත්ම නවකතාවයි. ආදරය භාවනාවකි නවකතාව ලියා පළකරමින් නවකතා ලෝකයට පිවිසි දිල්හානි ස්වතන්ත්ර නිර්මාණ මෙන්ම පරිවර්තන කෘති ගණනාවක්ද, ජීවිතය ජය ගැනීම සඳහා වන උපදේශන කෘතිද ළමා කතා හා අධ්යාපන පොත්පත්ද රාශියක් ඇය විසින් පළකර ඇත.

‘මගේ හිතට සුවඳයි ඔබ’ තරංගාගෙන්.
තරංගා දිසානායක පොත් 70කට අධික ප්රමාණයක් ලියමින් පාඨක ප්රසාදය දිනාගත් ලේඛිකාවකි. ඇය සිය ප්රකාශන ආයතනය මගින් මෙවරත් අලූත්ම නවකතා කිපයක් පාඨකයා වෙතට ඉදිරිපත් කර සිටින්නීය.
මගේ හිතට සුවඳයි ඔබ එ් අතරින් අලූතින්ම එක්වූ නවකතාවකි.

මොනිකා ගෙන් පොත් වැස්සක්.
මොනිකා පුෂ්ප කුමාරි අමුතුම මාදිලියේ නවකතා ලියන තාරුණ්යයේ සිටින ලේඛිකාවකි. ඇය වස්තු විෂයය කරගන්නා ඇතැම් මාතෘකා සමාජයේ ආන්දෝලනාත්මක මාතෘකාවන් වේ. එමෙන්ම ඇයගේ බොහෝ නවකතාවන් ටෙලි නිර්මාණ සඳහාද තෝරාගෙන ඇත්තේ එ් කතා කරන මාතෘකාවන්ගේ ඇති ප්රබලකම නිසාමය.
මෙවර නිකුත් කර ඇති නවකතා අතරින් ‘නාඳුනන යුවතිය’ නවකතාව යුවතියකගේ ජීවිතය වටා ගෙතුණු අභිරහස් පිළිබඳව වූ නවකතාවකි. ‘දේවාල දූව’ නවකතාව තවත් අද්භූත ගනයේ කුතුහලයෙන් පිරි කතාවකි. ‘දූවිලි බාලොලි’ එක් කාන්තාවකෙගේ ශෝචනීය ඉරණම ගැන කියන සිත සසල කරනා කතාවකි. 42ක් වැනි නවකතා අතරේ ‘වන්දි මුදල’ තවත් ආන්දෝලනාත්මත කතාවකි. මේ කතාව බොහෝ විට සමාජයේ යම් යම් ප්රශ්න කිරීම්වලට ලක්විය හැකිය. මෙහෙමත් මිනිස්සු සිටිනවාද කියා ඔබ කම්පා වනවා නොඅනු මානය.
සිනමා පටයකින්ද මෙවන් වස්තු බීජයක් ගැන කතා කළද එයටත් වඩා එහා ගිය දැඩි මානුෂීය නෙතකින් බලා ලියූවක් ලෙස ‘වන්දි මුදල’ නවකතාව හැඳින්විය හැකිය. රුපියල් ශත නිසා මිනිසුන් කොයිතරම් පහත් වැඩ කරනවාද යන්නට මේ පොත හොඳ නිදසුනක් ලබා දෙයි. එක හුස්මට කියවාගෙන යාහැකි මෙම කතාවද මොනිකාගේ සෙසු නවකතා මෙන් රසයෙන් අනූනයි.

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *