‘ගෝල්’ සිනමාපටයට පසු එම්.ටී.වී වෙතින් උදුම්බරා


තමරටට රන් පදක්කමක් දිනා දීම තම සිහිනය කරගත් මැදි වයසේ පුද්ගලයෙකු වූ ආනන්ද වටා මෙම කතා පුවත දිග හැරේ. තමා දුටු එම සිහිනය තමාට ඉටුකරගන්නට නොහැකිවූ තැන සිය පුතාවූ සචිත්, ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩකයෙකු බවට පත්කොට තම සිහිනය සපුරා ගන්නට ඔහු උත්සහකරයි” නමුත් සිය පුතා සහ බිරිඳ නොසිතූ ලෙස හදිසි අනතුරකට මුහුණ දීමත් සමඟ ඔහුගේ සිහිනය මෙන්ම ජීවිතයද බිඳ වැටේ.

මේ අවාසනාවන්ත බිඳවැටීමෙන් ජීවිතයේ ඉතාමත් අසීරු කාලයක් පසුකරමින් සිටින ආනන්දට උදුම්බරා නම් ක‍්‍රියාශීලී ධාවනයට දක්ෂ ගැහැණු ළමයෙකු මුණගැසේ. උදුම්බරා කඩාවැටුන ුආනන්දගේ ජීවිතයට අලූත් ආරම්භයක් ලබා දෙමින් ඔහුට ජීවත් වීමට හේතුවක් බවට පත්වේ. එතැන් පටන් ඔහු තම රටට රන් පදක්කමක් ලබා ගැනීමේ සිහිනය වෙනුවෙන් උදුම්බරාව පුහුණු කිරීමේ වගකීමභාර ගනී.

සිහින දකින්න.! එය විශ්වාස කරන්න! එය අත්පත් කරගන්න..! උදුම්බරා කියන කතාවයි.
උදුම්බරා සිනමා පටය ඔවුන්ගේ ගෝල් සිනමා පටය මෙනක්ම ක‍්‍රීඩාශීලි ළමුන්ට යම් උත්තේජනයක් ඇතිකරනු නොඅනුමානයි. එමෙන්ම තම රට ගැන තමාට ආඩම්බරවිය හැකි බව රටට ගරුකළයුතු බව, තම යුතුකම් ඉටුකළයුතු බව මෙයින් පසක්කර දෙයි.
රංගනයෙන් ජැක්සන් ඇන්තනී,ජනක කුඹුකගේ ,ජයනි සේනානායක, සරත්කොතලාවල, හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර,නදීෂානි ඇන්ඩසන්, හර්ෂි රසාංගා, රයන් ගමගේ සමග කෞෂල්‍ය නිර්මාණ ප‍්‍රනාන්දු එක්වේ.
උදුම්බරා තිරරචනය හා අධ්‍යක්‍ෂණය කේ.එස්.චමන්ත්රාජ් විසිනි. කැමරා අධ්‍යක්‍ෂණය එස්.භාරත්වාජ් සංගීත අධ්‍යක්‍ෂණය ධීනා සහාය අධ්‍යක්‍ෂණය සරත්සේනාරත්න කලාඅධ්‍යක්‍ෂණය සම්පත් වන්නිආරච්චි ඇඳුම් නිර්මාණය ශර්මිලා ෆොන්සේකා අංගරචනය ඉංදික උදාර විසිනි. උදුම්බරා නිෂ්පාදනය එම්.ටී. වී.චැනල් පුද්ගලික සමාගම විසිනි.

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *