පොත්පත්-බදාලතා-ශකුවිගේ ස්වප්න-පවනිගේ බාලිකා හසරැල්-ශාන්තගේ ‘සිත්තර බිසෝ’ – යෞවන ගෙන් ‘නාමල් ආයේ පිපුනාවේ’-ගුණරත්න එ්කනායකගේ සංචාරක කිරිල්ලී සහ ගන්ධබ්බයන්ගේ රාත‍්‍රිය හෙවත් නඩුකාරයාගේ කතාව


අනුර වික‍්‍රමසිංහ ලියු බදාලතා
අනුර වික‍්‍රමසිංහ ලියු අලූත්ම නවකතාව ‘බදාලතා’ නමින් දැන් නිකුත් වී ඇත.
”ඇයි අහල නැද්ද ලෝක ධාතු සංකල්පය. හිරු සඳු ආලෝකය විහිදුවමින් තමන් කරන්නේ යම්තාක් දුරටද, එය චූලනී ලෝක ධාතුව වන්නේය. චූලනී ලෝක ධාතු දහසක් එකතුව සෑදෙන්නේ ද්විසහස්සි ලෝක ධාතු ව වන්නේය. ද්විසහස්සී ලෝක ධාතු දහසක් එක්ව සෑදෙන්නේ ත‍්‍රීසහස්සී ලේක ධාතුව වන්නේය. වර්තමාන තාරකා විද්‍යාව ඕවා හොයාගත්තේ මෑතක. එ්වාට එයාලා කියන්නේ මන්දාකිනී කියල. මන්දාකිනි පොකුරු කියල. එ් කියන්නේ ග්ලැක්සි, එහෙම නැත්තන් ක්ෂීරපථ. මෙන්න මේකත් තියාගන්න. අපි වසන ක්ෂීරපථයෙ විතරක් තාරකා විද්‍යාවට අනුව සූර්යා වැනි තාරකා කෝටි දහ දාහකට වැඩියි. එ් වගෙම විශ්වයෙ එවැනි ගණනක් තාරකා ඇති ක්ෂීරපථ විතරක් කෝටි දහදාහකට වැඩියි. හැබැයි නන්දරතන ඕවා අචින්තෙයිය විෂයයන්.”
බදාලතා කෘතියේ ඇත්තේ නන්දරතන නම් භික්ෂුවක හා මංගලීනම් කාමාතුර ස්ත‍්‍රියකගේ සහ සම්බන්ධතාවය හා ඔවුන්ගේ විනාශය මෙම කතාවට අයත්ය.
මෙම කතා ප‍්‍රවෘත්තියද අනුරගේ ලේඛන ශෛලිය තුළින් මනාලෙස අමුණා ඇත. මෙය සඳිනි ප‍්‍රකාශනයකි.

ශකුවිගේ ස්වප්න අහස් වියන 11
ශකුවි විසින් වරින් වර ලියන ලද රසාලිප්ත පද්‍යයන් එකතුවක් හැටියට ” ස්වප්න අහස් වියන 11” කෘතිය පාඨකයා අතට පත් කර ඇත.
”සමු අරන් යන සිතිජ ඉවුරෙන්
හිරු වගේ ඔබ වෙන්වුණා
? පුරා සිත ළඟම නැවතී
සඳ පහන සේ ළං වුණා”
ශකුවිගේ මෙවන් කවි රැුසකින් සමන්විත මෙම කෘතියේ පේ‍්‍රමය විරහව දුක කඳුළ සම්මිශ‍්‍රණය වූ පදවැල් රැුසකින් සමන්විතය.

පවනි උමයංගනා ගේ බාලිකා හසරැුල්
”ගවුම් දණිස්සෙන් පහළට නොතිබ්බ ගමන් කටුවක් අරන් ගවුමේ වාටියේ බාගයක් ලිහනවා.අපි ඉතින් සූදානම් ශරීරේ කියලා ඉස්කෝලෙට එද්දි සුදු නූල් පන්දුවකුයි ඉඳිකට්ටකුයි බෑග් එකේ දාගෙන එනවා. ශිෂ්‍ය නායිකාවෝ එළියෙදී ගවුමේ වාටිය ගලවනවා.අපි පන්තිය ඇතුඝට ඇවිත් වාටිය මහ ගන්නවා..”
පවනිගේ එකොළොස්වැනි නවකතාව විදියට පාඨකයා අතට පත්වෙන්නේ පාසල් යුවතියන්ගේ දඟකාරකම් හා සිතුම් පැතුම් රොත්තක් සමගිනි. ඇත්තෙන්ම ංපගෙිකා හසරැුල්’ කියවන කාට වුණත් තමන්ගේ පාසල් ජීවිතය සිහිපත් වී මනසින් අතිතයට යන එක වලක්වාලන්න නම් බැහැ.
”හෙලෝ මන්දිරා රණවන..මට එයාට තමයි කතා කරන්න ඕනෙ..කතා කරනවද ?”
රනුක එ් ගමන වචන ඇදලා කතා කරනවා.
”කියන්න”
”මොකද මාව අඳුරන්නෙ නෑ කිව්වේ..”
”අඳුරන්නේ නැති නිසා..”
”එහෙනම් අපූරුවට රනුක කියලා කතා කළේ..”
”කටහඬ අඳුන ගත්තට පස්සේ..”
මම කිව්වෙ වෙන කියන්න දෙයක් නැති නිසා.මම දැන් චාටර් වෙලා ඉවරනේ.
”ඇත්තද නෝනා.මට බොහොම ෂතුටුයි ඔයාටමගේ කටහඬ එච්චර මතක තිබ්බ එක ගැන..”
මේ පවනිගේ ‘බාලිකා හසරැුල්..”තුළ ජීවත්වන චරිත කතාකරන අන්දමයි.
‘බාලිකා හසරැුල්.’පවන ක‍්‍රියේෂන් ප‍්‍රකාශනයකි.

ශාන්ත කුමාර විතානගේ ‘සිත්තර බිසෝ’
සිත්තර බිසෝ තිබ්බතයට ආ චීන දෙවඟනකගේ කතාව ලෙසයි ශාන්ත සිය පෑන්තුඩින් පද අමුණන්නේ. ඔහු මින් පෙරද භාරත පෙම් කතා, චීන පෙම් කතා, හයිද්‍රා කුමරිය සහ හිරු උදා රැුජින වශයෙන් පෙම් කතා පොත් ගනනාවක් ලියා ඇත.
මන මදින නවකතා රැුසක් ලියා පලකළ ශාන්ත ගේ නවතම කෘති අතර මෙම සිත්තර බිසෝ විශේෂ වන්නේ ඔහු පරිවර්ථනයකට මෙන්ම යුගයට අවශ්‍ය වදයට බස හැසිරවීමයි. එ් හෙයින් කතාව කියවාගෙන යද්දී අපගේ සිතේ පැවෙන්නේ එකී යුගයේ මිනිස් රූපයන්ය. එබැවින් කතාව රස විඳීමට පහසුය.
”මා අදහස් කළා ඔබ සමග උද්‍යානය නරඹන්නට..මේ උද්‍යානයේ මල් පිබිදෙන සමය නොවේද..”
”නිවරැුදියි රජතුමනි..විල පස්පියුමින් අලංකාරවෙලා..රාත‍්‍රියට සඳපහනේ කුමුදු මල් පිපනෙවා..හරිම මනරම්..”
”එසේද? එසේනම් අද රාත‍්‍රිය අපි විල මධ්‍යයේ ඇති පාවෙන කුටියෙහි ගෙවා දමමු..”
මේ එහි එන බස් වහරයි. සිත්තර බිසෝ පවන ක‍්‍රියේෂන් ප‍්‍රකාශනයකි.

යෞවන සමින්ද්‍ර රත්නායක ගෙන් ‘නාමල් ආයේ පිපුනාවේ’
යෞවන සමින්ද්‍ර රත්නායක සිය 37වන නවකතාව ‘නාමල් ආයේ පිපුනාවේ’ නමින් නිකුත් කර ඇත.
යෞවන සමින්ද්‍ර රත්නායක ගේ කතා ශෛලිය සරලය, වේගවත්ය, ළගන්නා සුළුය. එහෙමන්ම කුතුහලයෙන් ආඪ්‍ය වේ. ඔහුගේ ‘නාමල් ආයේ පිපුනාවේ’ පේ‍්‍රමය මෙන්ම තරුණියකගේ ජීවිතයේ දරුණු හැලහැප්පීම් කතා කරන වෙනස්ම තාලේ කතාවකි.
අනුහස්, ලවන්‍යා, හිමල්, රෙඞ් අයියා, ලෙලූම්, සම්මානි විරාජ් ආදි තරුණ පිරිසකගේ ආදර අන්දරයක් සමග එකිනෙකා අතර ඇතිවෙන ගැටුම් රාශියකින්ද පෙන්නුම්් කරන්නේ තරුණ වියේ මතුවන යොවුන් මදයයි.
කෙසේ වෙතත් යෞවනගේ වෙනත් නවකතා මෙන්ම මෙයද පාඨකයා බොහෝ සේ ආදරය කරන නවකතාවක් වන බව නිසැකය.

ගුණරත්න එ්කනායකගේ සංචාරක කිරිල්ලී සහ ගන්ධබ්බයන්ගේ රාත‍්‍රිය හෙවත් නඩුකාරයාගේ කතාව
මහනුවර, ගොමගොඩ, එලමල්පොත මහා විදුහලෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා තෙල්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ ගුණරත්න එ්කනායක ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරනු ලැබීය.
ගොඩනගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නේවාසික කළමනාකාරුවකු වශයෙන් සේවයට එක්වූ ඔහු පසුව වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යාංහයේ මාධ්‍ය උපදේශකයකු වශයෙන්ද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විධායක නිලධාරියකු වශයෙන්ද කටයුතු කර ඇත.
ඔහු නවකතා, ළමා කතා, විචාර, නාට්‍ය, දේශපාලන, යොවුන් කතා, උපදේශ කතා ආදි විෂයයන් යටතේ පොත් රාශියක් රචනා කරමින් පාඨක සමාජය තුළ විරාජමානවිය.
2002 දී සමස්ත ලංකා යොවුන් නවකතා තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේ ඔහුගේ ‘තෑගි ගොඩයි’ නවකතාව වේ. 2003 දී ‘යාපනය තවමත් දුරයි’ නවකතාව ඞී.ආර්.විජයවර්ධන නවකතා තරගයේ තුන්වෙනි ස්ථානය දිනා ගත්තේය. 2005 දී සංස්කෘතික දෙපාර්තමෙන්තුව මගින් සංවිධානය කළ නවකතා තරගයෙන් ‘අලූත්වලව්ව’, 2007 ‘අපේම මිනිස්සු’ ජයගත් නවකතාවන්ය. 2008 දී ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා ‘අපේම මිනිස්සු’නවකතාව නිර්දේශ වූ අතර, 2012 දී ‘සිවිල් සේවයෙන් විශ‍්‍රාම ගියෙමි ’නිර්දේශිත කෘතියක් සේ තෝරා ගත්තේය. 2015 දී ‘ගඟ අසබඩ සුරංගනාවි’යොවුන් නවකතාවද නිර්දේශවිය.
ගුණරත්න එ්කනායක දැනට පොත් 75ක් පමණ ලියා පළකර ඇත. මේ අතරින් ‘සංචාරක කිරිල්ලී’නවකතාව සත්‍ය සොයා ගිය මාධ්‍ය වේදිනියක්ගේ කතාවකි. ගන්ධබ්බයන්ගේ රාත‍්‍රිය අප සමාජයේ හමුවන තවත් චරිතයන් කීපයක විවරණය කිරීමකි. විශේෂයෙන් නඩු කාරයන්ගේ කතාව යැයි කියන මෙහි ඇතැම් නඩුකාරයන්ගේ ගුප්ත ජීවිත විවරණය කරයි. එමෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවියද මෙහිදී නවකතාකරු විසින් පාඨකයාවෙත ගෙනවිත් ඇත්ත හෙළිකරන්නට සලස්වයි

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *