මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..

December 6, 2018 at 3:50 pm | lanka C news

මහින්දට විශ්වාස භංගය ගෙන ඒම පිටුපස සිටින්නේ ජනාධිපතියි..

මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්ව විශ්වාස භංග යෝජනාව ගෙන ඒම පසුපස සිටින්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසන්නේ පෙර අවස්ථාවක රනිල් වික‍්‍රමසිංහ මහතාට විරුද්දවද විශ්වාස භංග යෝජනාව ගෙන ඒම පසුපස සිටියේ ජනාධිපතිවරයා බවයි.

අද වන විය සියළු වැරදිවලට වරදකරු ලෙස ජනාධිපතිවරයා පත්වී අවසන් යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කලේ ඊයේ පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය අමතමිනි.

ඔක්තොම්බර් 26 සිට මේ දක්වා සිදු කල සියළු කටයුතු නීති විරෝධී බවත් ඒ ගැන පරීක්‍ෂා කිරීමට කොමිසමක් පත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

4,430 Viewers

අපගේ ස්තුතිය සී නිවුස් වෙතට

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *