යුද්දයක් හා ත්‍රස්තවාදියක් එපා කියමින් උතුරේ පෝස්ටර් ඇලවෙයි…

December 6, 2018 at 5:30 pm | lanka C news

යුද්දයක් හා ත්‍රස්තවාදියක් එපා කියමින් උතුරේ පෝස්ටර් ඇලවෙයි…

යුද්දය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ මුලතිව් වැසියන් වෙනුවෙන් නැවත යුද්දයක් හෝ ත්‍රස්තවාදයක් රට තුල ඇති වීමට ඉඩ නොදේවා යනුවෙන් සඳහන් කරමින් මුලතිව් සිත්‍රීක්කයේ පෝස්ටර් අලවා ඇති බවට මුලතිව් වැසියන් කියා සිටිති.

මුලතිව් නගරයේ ස්ථාන කිහිපයක හා මුල්ලියාවලෙයි ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන රැසක මෙසේ නැවත යුද්දයක් ඇති නොවේවා යනුවෙන් සඳහන් කරමින් පෝස්ටර් අලවා ඇත.

රටේ කිසියම් පිරිසක් විසින් නැවත යුද්දයකට මග පෑදීමේ උත්සහයක නිරතව සිටින බැවින් එම පිරිස් වලට එරෙහිව අප සියලුම දෙනා නැගී සිටිමු මෙන්ම වසර 30 ක යුද්දයේ කුරිරු බව අප සියලු දෙනා හොඳින් දන්නා බැවින් නැවත යුද්දයකට හෝ ත්‍රස්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙමු යනුවෙන් අදාල පෝස්ටර් වල සඳහන් කර තිබූ අතර යුද්දයකට එරෙහිව නැගි සිටින මුලතිව් ජන බලය වශයෙන් අදාල පෝස්ටර් ඇලවූ පිරිස් සම්බන්ධයෙන්ද හෙලිදරව් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,204 Viewers

අපගේ ස්තුතිය සී නිවුස් වෙතට

Pin It

Leave a Reply

Your email address will not be published. Required fields are marked *