භූතයන්ට දුන් පිදේනි තටුවේ අරක්කු කාල අතුරුදන්...

නිවසේ අයට කරදර කරන භූතයකු ඉවත් කිරීමට කට්ටඬියකු දුන් උපදෙස් අනුව තොවිලයකින් පසු හංදියක තැබූ පිදේනි තට්ටුවක තිබූ කාලේ අරක්කු බෝතලය සුළු වේලාවකින් අතුරුදන්වූ පුවතක් තදාසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබිණි....

අඹ යාළුවා පරිස්සමට දුන් ගෑනි ඈලියාවට ගිහින්...

කුඩා කල සිට ඇසුරු කළ අඹ යහලුවාගේ බිරිඳ සමග හොරෙන් පෙම් සුව විඳ තම දරුවන්ද අමතක කොට ඇය සමග වෙනම පවුල් ජීවිතයක් ගත කිරීමට ගිය මිතුරකු පිළිබඳ හේවාහැට කොළඹිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ....

අණ නොතකා රේස් ගිහින් අන්තිමයා...

තෙවැනි සංඥාව හෙවත් විධානය ලැබෙන්නට පෙර තනිවම ධාවන තරගයක යෙදුණු තරගකරුවකු සහෝදර සිසුන්ගේ උසුළු විසුලු මැද තරගයෙන් ඉවත්වීමේ සිද්ධියක් පසුගියදා පාසල් ක්‍රීඩාපිටියකින් වාර්තා විය....

මඟුලේ ‘හෝම් කමිං එකට’ පුටු මේසත් මනාලියගෙන්...

විවාහයේ දෙවන දින මනාල පාර්ශ්වයෙන් හෝටලයේ පවත්වන උත්සවයට ඉහළ නෑදෑයන් පිරිසක් සහභාගි කර තම ඥාති බලය පෙන්වීමට උත්සාහ කළ මනාලියගේ මවුපියන්ට හෝටලයට කැඳවාගෙන එන වැඩි පුර ඥාති පිරිසට වාඩිවීමට පුටු මේස හා අව...

අම්මයි තාත්තයි හොරෙන් පැනගිය අන්දම දුවටත් හොඳයිලු...

දකුණු පළාතේ පොලිස් ස්ථානයක කාන්තා හා ළමා කාර්යාංශයට පසුගියදා සිය තරුණ දියණිය සමඟ පැමිණි මවක් විමර්ශන නිලධාරියාට පැවසුවේ පාසල් යන සිය දියණිය තරුණයකු සමඟ නොමනා සබඳතාවක් පවත්වමින් ඉගෙනීම කඩාකප්පල් කර ගැ...

ගෑනු නැටුමකට වහ වැටී කිලෝමීටර් 3ක් පයින් ගිහින්...

බස්රථයක සවිකර තිබූ රූපවාහිනි යන්ත්‍රයේ දිස්වූ කාන්තා රංගනයෙන් කුල්මත් වූ පුද්ගලයකුට නියමිත ස්ථානයෙන් බැස ගැනීමට නොහැකි වූ බව කියන සිද්ධියක් බමුණාකොටුව ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය....