Local News

අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පිරිසක් ජා-ඇල දී අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (23) අළුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ජා-ඇල මහ නගර සභාව අසල යොදා තිබූ  මාර්ග බාධකයේදී සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කර තිබේ.

එම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු මෙම පුද්ගලයින් හමු වී ඇත.

මෙම පුද්ගලයින් අතර, ඉන්දියානුවන් තිදෙනෙකු සහ ලාංකිකයන් දෙදෙනෙකු සිට ඇති අතර ලංකිකයින් දෙදෙනා පිළිබඳ සිදුකරන ලද මුලික විමර්ශනයේදී ඔවුන් යටියන්තොට සහ මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.

තවද, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම පුද්ගලයින් සහ වෑන් රථය ජා-ඇල පොලීසිය වෙත භාරදිමට කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *