International News

එංගලන්තයේ ලොරියක මළ සිරුරු 39 ක්

එංගලන්තයේ එසෙක්ස් හි ලොරි කන්ටේනරයක තිබී මළ සිරුරු 39 ක් සොයා ගනු ලැබිණි.

ග්‍රේස් ප්‍රදේශයේ පිහිටි වෝටර්-ග්ලේඩ් නමැති කර්මාන්ත කලාපයේ තිබී මළ සිරුරු සොයා ගැනීමෙන් පසු ගිලන් රථ සේවය ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.

ලොරියේ රියදුරු වූ විසිපස් හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතිකයකු අදාළ මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි.

ලොරි රථය බල්ගේරියාවේ සිට පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

වැඩිහිටියන් 38 දෙනෙකු සහ එක් නව යෞවනයෙකු මරණයට පත් පිරිස අතර සිටින බව ආරක්ෂක අංශ කියා සිටී. දිවි බේරාගත වෙනත් කිසිවකු නොමැත.

Forensics on scene
ලොරි රථය පරීක්ෂා කිරීමට පැමිණි රස පරීක්ෂකයන්

මරණයට පත් වුවන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට “ප්‍රමුඛත්වය දී ඇති” බව නියෝජ්‍ය පොලිස් ප්‍රධානී පිපා මිල්ස් කියා සිටියාය.

ලොරි රථය පැමිණි ගමන් මග හෝ එය දුටු පුද්ගලයකු හෝ එම ගමන පිළිබඳ දන්නා කෙනෙකු ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට තොරතුරු ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කණගාටුව ප්‍රකාශ කළේය.

ඉහත කී මරණ “මානව ශෝකාන්තයක්” ලෙස හඳුන්වන අයර්ලන්ත අගමැති ලියෝ වරාද්කර් ලොරි රථය අයර්ලන්තය හරහා පැමිණ ඇත්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙනු ඇතැයි සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *