Entertainment News

“කසිප්පු මතට හුරු වූ” ශ්‍රී ලංකාවේ වන අලි

හබරණ දී ඇතින්නියන් හත් දෙනෙක් මිය ගියේ ස්වභාවිකව ද එසේත් නැතිනම් මානව ක්‍රියාකාරකමක් නිසා සිදුවූවක් ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැත.

මරණ වලට හේතුව තවමත් අභිරහසක් ව පවතින නමුත් අඟහරුවාදා (ඔක්තෝබර් 01) මාධ්‍ය හමුවක් කැඳවමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මේ ඇතින්නියන් විෂ ශරීරගතවීම නිසා මිය යන්නට ඇතැයි සැක කරන බවය.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන පශු වෛද්‍යවරුන් ගේ ද මූලික අදහස එය වේ.

සත්ව වේදීන් පවසන්නේ අලියෙකුට විෂ ශරීරගතවීමක් සිදුව ඇත්නම් පැය දෙකක් වැනි කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් නිගමනයකට පැමිණිය හැකි බවය.

මේ අතර වස විස දී අලි ඇතුන් මරාදැමීමේ නවතම ප්‍රවණතාවක් ගැන පරිසර වේදීහු කරුණු දක්වති.

“අලියෙකුට විසක් ශරීරගත වුණානම් පශ්චාත් මරණ පරීක්ෂණය තියල මූලික ලක්ෂණ හොයාගන්න පුළුවන්. පැය දෙකක් තුනක් යද්දි ඒක නිශ්චිතව කියන්න පුළුවන්. මේ කලාපයේ අලි දැන් කසිප්පු, ගෝඩා වගේ මත්පැන් බොන්න හුරුවෙලා. ජාවාරම් කාරයෝ තමන්ගේ බූලි ආරක්ෂා කරගන්න වහ දෙනවා සතුන්ට. අපිට සැකයි මේ මරණත් ඒ විදිහටම සිදුවුණාද කියලා,” යනුවෙන් පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *