News Sports

පාකිස්තානයේදී සමවූ ඩිල්ෂාන්ගේ අමිහිරි වාර්තාව

පාකිස්තානයට එරෙහිව ප්‍රථම වරට විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට ශ්‍රී ලංකාවට ඊයේ (ඔක්තෝබර් 07) හැකියාව ලැබිණි.

ඒ, දෙරට අතර පාකිස්තානයේ ලහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි විස්සයි විස්ස තරගය ලකුණු 35 කින් ශ්‍රී ලංකාව ජයගැනීමත් සමගය. මෙම තරගාවලියේ පළමු තරගය ද ලකුණු 64කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, තරගාවලියේ එක් තරගයක් ක්‍රීඩා කිරීමට තිබියදී තරගාවලිය ජයගැනීමට සමත්විය.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීණ ක්‍රීඩකයන් ගණනාවක් එක් නොවූ මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ නවක ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වයෙනි.

මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ සිටින පාකිස්තානය ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල අංක 8 සිටින නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම අතින් මෙලෙස පරාජයට පත්වීම ජාත්‍යන්තර ක්‍රීඩාලෝලීන්ගේ දැඩි කතාබහට ලක්විය.

ඊයේ තම දෙවැනි ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළ 28 හැවිරිදි භානුක රාජපක්ෂගේ දස්කම් ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ පවා ඇගයීමට ලක්විය. පන්දු 48 දි හයේ පහර 6ක් සමග භානුක රාජපක්ෂ ලකුණු 77ක් රැස්කිරීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *