Gossip

“යුද්ධයේ සුව නොවෙන තුවාලයක්” සුව කිරීමට ඩයනා කුමරිය ගිය මග යන හැරී කුමරු

ඩයනා කුමරියගේ විසි දෙවැනි අනුස්මරණ සංවත්සරය එළඹෙමින් තිබියදී, සිය බිරිඳ සහ එකම දරුවාත් කැටුව දකුණු අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත වෙමින් සිටින හැරී කුමරු ඇන්ගෝලාවට සැපත්වීමත් සමඟ, එරට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා දිගින් දිගටම දරමින් ඇති ප්‍රයත්නය යළිත් ප්‍රධාන සිරස්තලයක් බවට පත් වී තිබේ.

සිය මව ඩයනා කුමරිය අප්‍රිකානු යුදබිමෙහි තබා ගිය පිය සටහන් ඔස්සේ හැරී කුමරු ද පියවර තබමින් සිටියි.

1997 වසරේ ඇන්ගෝලාවට සපැමිණි ඩයනා කුමරිය බිම් බෝම්බ ඉවත් කෙරෙමින් තිබුණ යුදබිම ඔස්සේ ගමන් ගත්තාය.

බිම් බෝම්බ අතුරා තිබුණ භූමියේ ඩයනා කුමරිය ඇවිද ගිය ආකාරය දැක්වෙන ඡායාරූප ලොව පුරා මහජන අවධානයට ලක් විය.

ඩයනාImage copyrightGETTY IMAGES
බිම් බෝම්බ අතුරන ලද භූමියක ගමන් ගන්නා ඩයනා කුමරිය
  • ලෝකයේ රටවල් ගණනාවක බිම් බෝම්බ මගින් මිනිස් ජීවිත අදත් බිලිගනු ලබන්නේ දහස් ගණනිනි.

බිම් බෝම්බ තුරන් කර දැමීම අතින් ලෝකය තවමත් සිටින්නේ කොතැනද? ලබා ඇති ප්‍රගතිය කුමක්ද? යන්න තවමත් සාකච්ඡාවට ගැනෙමින් ඇති මාතෘකාවකි.

ඩයනා කුමරිය සිය සමාජ සත්කාරක සේවාව යොමු කරන ලද්දේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැටෙන මානයන් පාදක කර ගනිමිනි.

ඊට කදිම නිදසුන, කුමරිය විසින් 1987 දී පිහිටුවන ලද HIV/ඒඩ්ස් චිකිත්සාගාරයයි. එය එක්සත් රාජධානියේ ආරම්භ කරන ලද එවැනි පළමු චිකිත්සාගාරය විය.

එම ප්‍රයත්නය HIV වෛරසය සම්බන්ධයෙන් පැවති සමාජ ආකල්පයන්හි වෙනසකට මුල් විය.

1996 දී චාර්ල්ස් කුමරාගෙන් දික්කසාද වීමෙන් අනතුරුව, ඩයනා කුමරියගේ පළමු ප්‍රධාන කර්තව්‍යය වුණේ බිම් බෝම්බ අවදානම කෙරෙහි අවධානය නංවාලීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *