International News

‘ස්ත්‍රිය’ ඉස්ලාමීය අන්තවාදීන්ට ‘රහසිගත අවියක්’

ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රවෘත්තියක් පළවෙද්දී කාන්තාවක් පිළිබඳව ලියැවී ඇත්නම් ඒ බොහෝ විට ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වූ ස්ත්‍රියක් පිළිබඳවය.

එසේ නැතහොත් ත්‍රස්ත තර්ජනය සමනය කිරීමට මැදිහත්කාරියක ලෙස කටයුතු කරන කාන්තාවක පිළිබඳවය.

නමුත් අන්තවාදය හා ක්‍රියාකාරීව සිටින හෝ ඊට සහයෝගය දෙන ස්ත්‍රීන් පිළිබඳව වාර්තා වූයේ කලාතුරකිනි.

මෙම තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ ශමිමා බෙගම් නමැති නව යෞවනිය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක් වීම සඳහා එක්සත් රාජධානියෙන් පලා යාමත් සමගය.

වසර හතරකට පමණ පසු ශමිමා බෙගම් පිළිබඳව නැවත ප්‍රවෘත්ති පළවන්නට පටන් ගත්තේ ඇය ගැබිනියකව, සිරියාවේ සරණාගත කඳවුරක සිටියදීය.

Getty Images

මෙම ප්‍රවෘත්තියත් සමඟ, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහ තවත් එවැනි අන්තවාදී කණ්ඩායම්වලට කැමැත්තෙන් එක්වන ස්ත්‍රීන් පිළිබඳව කතිකාවක් ගොඩ නැගිණි.

අප්‍රිකාවේ අන්තවාදී කණ්ඩායම්වලට බැඳෙන පිරිසෙන් 17%ක් පමණ ස්ත්‍රීන් බව එක් සමීක්ෂණ වාර්තාවක් (Rusi analysis) සඳහන් කරයි.

තවත් වාර්තාවක සඳහන් වන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳෙන විදේශිකයන්ගෙන් 13%ක් කාන්තාවන් බවය.

නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැති අතර සත්‍ය ප්‍රතිශතය මීට වඩා ඉහළ විය හැක.

ලිංගික වහලුන්

මෙම කාන්තාවන්ට පැවරී තිබෙන රාජකාරි විවිධාකාර ය.

අල් ශබාබ් සංවිධානයේ කාන්තාවන් බොහෝ විට කටයුතු කරන්නේ සටන්කරුවන්ගේ බිරිඳක ලෙස හෝ ගෘහාශ්‍රිත වැඩ කටයුතුවලට සහයෝගය දීම වැනි සාම්ප්‍රදායික කර්තව්‍යයන් ය.

ඇතැම් කාන්තාවන්ට ලිංගික වහලුන් වශයෙන් ද සේවය කිරීමට සිදු වේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිය සාමාජිකාවන්ගෙන් පිරිසක් යොදවා ඇත්තේ අන්තර්ජාලය හරහා තම සංවිධානයට නව සටන්කරුවන් ඒකරාශී කර ගැනීම සඳහා ය
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිය සාමාජිකාවන්ගෙන් පිරිසක් යොදවා ඇත්තේ අන්තර්ජාලය හරහා තම සංවිධානයට නව සටන්කරුවන් ඒකරාශී කර ගැනීම සඳහා ය

ඇතැම් කාන්තාවන් යොදවා ඇත්තේ මෙම සංවිධානවලට නව සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා උපායශීලීව අන් අය සමඟ ඇසුරු කිරීමට ය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිය සාමාජිකාවන්ගෙන් පිරිසක් යොදවා ඇත්තේ අන්තර්ජාලය හරහා තම සංවිධානයට නව සටන්කරුවන් ඒකරාශී කර ගැනීම සඳහා ය.

ශමිමා බෙගම් ද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කර ඇති බවට වාර්තා විය. නමුත් ඇය කියා සිටින්නේ තමන් බිරිඳක වශයෙන් පමණක් තම නිවසේ කටයුතු ඉටු කළ බවය.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ඇතැම් කාන්තාවන් යොදවනු ලැබ තිබුණේ වෛද්‍යවරියන් සහ සෞඛ්‍ය සේවිකාවන් ලෙස කටයුතු කිරීම සඳහා ය.

ශමිමා බෙගම්ගේ කතාව

මීට සිව් වසරකට පෙර එනම් 2015 දී ශමිමා බෙගම් මහා බ්‍රිතාන්‍යයේ සිට සිරියාවට පලා ගියේ සිය මිතුරියන් දෙදෙනෙකු ද කැටුව ය. සිරියාවට පලා යද්දී ඇය පාසල් ශිෂ්‍යාවක් වූවාය.

ශමිමා බෙගම් (දකුණේ) සිය මිතුරියන් දෙදෙනා සමඟ 2015 දී ගැට්වික් ගුවන්තොටුපළට පැමිණෙමින්
ශමිමා බෙගම් (දකුණේ) සිය මිතුරියන් දෙදෙනා සමඟ 2015 දී ගැට්වික් ගුවන්තොටුපළට පැමිණෙමින්

ඇය සිරියාවට ඇතුළුවීමෙන් පසු රකා නුවරට ගොස් තිබේ. ඉස්ලාමීය සටන්කරුවන් විවාහ කර ගැනීම සඳහා පැමිණි තවත් ගැහැණු ළමුන් තමා රැඳී සිටි නිවසේ සිටි බව ශමීමා ප්‍රකාශ කළාය.

“ඉංග්‍රීසි කතා කරන වයස අවුරුදු 20ත් 25ත් අතර සටන්කරුවෙක් විවාහ කර ගැනීම සඳහා මම ඉල්ලීමක් කළා,” ඇය පැවසුවාය.

දින 10කට පසුව ඇය විවාහ වී ඇත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන සිටි ඕලන්ද ජාතිකයෙකු සමඟ ය.

එවක් පටන් ඔහු සමඟ ඇය ජීවත් වී ඇත්තේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ය.

වසර හතරකට පමණ පසු ශමිමා බෙගම් පිළිබඳව නැවත ප්‍රවෘත්ති පළවන්නට පටන් ගත්තේ ඇය ගැබිනියකව, සිරියාවේ සරණාගත කඳවුරක සිටියදී ය.

ඒවන විට ඇයගේ කුසෙහි සිටි දරුවා ප්‍රසූත කිරීම සඳහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බවට ශමීමා බෙගම් ඉල්ලීමක් කළාය.

ශමීමා අලුත උපන් බිලිඳා සමඟ
ශමීමා අලුත උපන් බිලිඳා සමඟ

නමුත් “යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්” එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්වීම සඳහා තමා නොපැකිළෙන බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

තමන් සමඟ බ්‍රිතාන්‍යයෙන් පලා ගිය මිතුරියන් දෙදෙනා යුද්ධයේ දී මිය ගිය බව ශමීමා පවසන නමුත් එය සනාථ කිරීම සඳහා වෙනත් සාක්ෂියක් තවම ලැබී නොමැත.

කෙසේ වෙතත් ශමීමා පසුගිය මාර්තු මාසයේ දී සිරියාවේ සරණාගත කඳවුරේ සිටියදී සිය දරුවා ප්‍රසුත කළ බවත් සති තුනක අවෑමෙන් බිලිඳා මිය ගිය බවත් වාර්තා විය.

එරට බලධාරීන් වාර්තා කර තිබුණේ අලුත උපන් බිලිඳාට නියුමෝනියාව වැළඳී තිබුණු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *