• Home
  • Home
Homeරාමඤ්ඤ මහ නාහිමියෝ අපවත් වෙති ...
Previous Next

රාමඤ්ඤ මහ නාහිමියෝ අපවත් වෙති

Posted by: admin , February 12, 2013

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඊයේ (17දා* අපවත් වූහ.

රෝගාතුරව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේ 98 වැනි වියේ පසු වූහ.

සංඝ ශෝභන ගුණ පූජිත මහා තෙරනමක් ලෙස සුපතල මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති නාපානේ පේමසිරි මහනාහිමියෝ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දහතුන් වැනි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙති.

මහනුවර පාතදුම්බර උඩගම්පහ කෝරළයේ නාපාන ග‍්‍රාමයේ සම්භාවනීය පරම්පරාවකින් පැවත එන ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර කිරිබණ්ඩාර නිලමේතුමාගේ හා නියංගොඩ හිටි බණ්ඩාර මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මාපියන්ගේ පුත්රුවනක් ලෙස 1923 නොවැම්බර් 30 දා ඒකනායක මුදියන්සේලාගේ මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර නමින් උන්වහන්සේ උපත ලැබූහ.

වලල මූලික පාසලෙන් අධ්‍යාපනයේ අත්පොත් තැබීමෙන් අනතුරුව ගුන්නෑපාන අමුණුගම මහා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලද ටිකිරි බණ්ඩාර කුමරු ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරයෙන් පිදුම් ලත් අපවත් වී වදාළ තෙරිපැහැ සිරි සීලවංශ නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් නාපාන පේමසිරි නමින් ශිෂ්‍යවරයකු ලෙස සසුන්ගත වූයේ 1933 වසරේදීය. සාමණේර අවධියේ මූලික බණ දහම් අධ්‍යයනය කළ නාහිමියෝ 1935 දී කොළඹ වැල්ලවත්ත ශ‍්‍රී ධර්මෝදය පරිවෙණස්ථානයට ඇතුළත් වූහ.

ව්‍යක්ත, විශාරද, බහුශ‍්‍රැත ධර්මධර විනයධර මහා තෙරවරුන්ගේ ආශ‍්‍රය ලබන්නට භාග්‍යවන්ත වූ නාහිමියෝ ප‍්‍රාචීන, ප‍්‍රාරම්භ, මධ්‍යම අවසන රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද විභාග පිළිවෙළින් සමත් වූහ. වර්ෂ 1943 දී උපසම්පාදව ලත් උන්වහන්සේ දීර්ඝ කාලයක් සිදුකළ අධ්‍යයන කටයුතුවලින් ලත් ධර්ම ශාස්ත‍්‍රීය සේවය පළමුව භික්ෂු පරපුරට දායාද කිරීම පෙරටුව 1945 දී නිට්ටඹුව විද්‍යානන්ද පරිවෙණස්ථානය මූලික කරගනිමින් ගුරු වෘත්තිය ආරම්භ කළහ.

ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසකට පාලි, සිංහල, සංස්කෘත, බුද්ධ ධර්මය යන විෂයයන් ඉගැන්වීමේ නිරතව සිටි නාහිමියෝ ස්වකීය ජන්මලාභය ලත් ගම් ප‍්‍රදේශයට යාබද මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පරිවෙණස්ථානය 1967 දී ආරම්භ කර එහි පළමු පරිවෙණාධිපති ධුරයේ වැඩ භාරගත්හ.

උන්වහන්සේ 1980 දී මහනුවර ප‍්‍රාදේශීය සංඝ සභාවේ සභාපති ධුරයට ද, 1986 දී ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ සභාවේ ලේඛකාධිකාරී පදවියටද, 1987 දී එම නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධුරයටද, 1998 දී අධිකරණ සංඝනායක පදවියට ද පත්වූහ. මියන්මාර් රාජ්‍යයෙන් උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත ගෞරවෝපාධිය පිරිනමනු ලැබුවේ 2008 වසරේදීය.

ස්වකීය සංඝ සභාවේ නොමද ගෞරව සම්මානයට පාත‍්‍ර වූ නාහිමියෝ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුකළ අනුපමේය සේවය ඇගයුමට ලක්කැර වේවැල්දෙණියේ මේධාලංකාර මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ රාමඤ්ඤ මහනිකායේ අතිගරු මහනායක පදවියට පත්වූහ.

ඉමහත් සේවයක් කළ හැකි ශිෂ්‍ය භික්ෂු පරපුරක් දායාද කළ මහ නාහිමියෝ සිව් දෙසින් වැඩම කෙරුණ මහා සඟරුවනගේ ආශිර්වාද මධ්‍යයේ සම්බුදු ශාසනයේ උන්නතිය උදෙසා දුනුවිල සඳගිරි ලෙන් විහාරය, කුණ්ඩසාල වරාපිටිය බෝධිරුක්ඛාරාමය, පල්ලේකැලේ සීලවංශ බෞද්ධ මධ්‍යස්ථානය, හාමින්දගොඩ සිරි සුමනාරාමය, රජවැල්ලේ ශ‍්‍රී පූර්වාරාමය හා අලූත්වත්ත මිහිඳු ධර්ම පීඨය යන විහාරස්ථාන රාශියක් ඉදි කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දුන්හ

Tags: colombo

Share!
Tweet
Notice: Please check settings of Facebook API in Theme Options -> Advanced

admin

About the author

Leave a Reply Cancel reply

Popular
Recent
  • කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි..

    November 10, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යෝජිත “සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලට” කැබිනට් අනුමැතිය ලැබේ.

    එංගලන්තයේත් කොරෝනා ජාවාරම්.

    -100 %
  • කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි.. ...

    November 10, 2020

    Senior Journalist Priyath Liyanage passed away in ...

    February 12, 2013

    බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුග ...

    February 12, 2013

Tag Cloud

airlanka anil jayasighe badudeen badurdeen bbc sinhala colombo covid covid 19 covid19 hospital priyath liyanage srilanka uk වත්තල 774කට කොවිඩ්

Archives

  • November 2020
  • February 2013

Custom text

Copyright © 2021 Design by www.sihaneth.com