• Home
  • Home
Homeකොළඹ නගරය අධි අවදානම්…. සෑම ස්ථානයකදීම වෛරසය ...
Previous Next

කොළඹ නගරය අධි අවදානම්…. සෑම ස්ථානයකදීම වෛරසය ආසාදනය වීමේ අවදානමක්… සති තුනකට නගරයම වසන්නැයි රෝසි රජයෙන් ඉල්ලයි…

Posted by: admin , February 12, 2013

පෑලිගොඩ මත්ස්‍ය සංකීර්ණ කොරෝනා පොකුරේ නොනවතින ව්‍යාප්තිය හේතුවෙන් මේ වන විට කොළඹ නගරයේ සෑම ස්ථානයක්ම අධි අවදානම් තත්ත්වයක පවතින බව සෞඛ්‍ය බලධාරීහු ජනතාවට අනතුරු අ`ගවති.

නගරයේ සෑම ස්ථානයකදීම යම් පුද්ගලයකුට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් පවතින බවද ඔවුහු පෙන්වා දෙති. මේ වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් කොළඹ නගර සීමාවෙන් අඛණ්ඩව වාර්තා වෙමින් ප‍්‍රබල ව්‍යාප්තියක් සිදුවන බවට තහවුරු වී තිබීම මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වී ඇත.

මෙම තත්ත්වය හමුවේ කොළඹ නගරය සති තුනක කාලයක් ස`දහා වසා දමන ලෙස නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ද රජයෙන් ඉල්ලීමක් කළාය.

එහෙත් පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම මිස එසේ නගරය වසා දැමීමට ගියහොත් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වෙමින් ජනතාව ද විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වී තිබේ.

පෑලියගොඩ කොරෝනා පොකුරෙන් පෙරේදා (16 වැනිදා* දිනයේ හ`දුනාගත් ආසාදිතයන් අතරින් ද වැඩිම පිරිසක් හ`දුනාගෙන තිබුණේ කොළඹ නගර සීමාවෙන් වන අතර එම ගණන 231 කි.

මේ අතර ඊයේ (17 වැනිදා* දහවල් මෙරට 63 වැනි කොරෝනා මරණය ද වාර්තා විය. එහිදීද මියගොස් තිබුණේ කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු බවට හ`දුනාගෙන තිබිණි.

කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම ස`දහා ආරම්භ කළ වැලිකන්ද විශේෂ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්. කේ. එස්. කේ. කුමාරවංශ මහතා පැවසීය.

මේ අතර හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල නිරෝධායන නීති කඩකරන පුද්ගලයන් හ`දුනා ගැනීම ස`දහා ගුවන් හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේද සහායෙන් පොලිසිය ප‍්‍රදේශ හතරක් ආවරණය වන පරිදි ඊයේ සිදු කළ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුමකදී පුද්ගලයන් 95 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ස`දහන් කළේය.

කොළඹ කොටහේන, කෙසෙල්වත්ත, ජාඇල සහ වත්තල යන ප‍්‍රදේශ ආවරණය වන පරිදි ඩ්‍රෝන යානා යොදා ගනිමින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර එහිදී කොටහේන 29ක්, කෙසෙල්වත්ත 21ක්, වත්තල 19ක් සහ ජාඇල 26 ක් ලෙස මෙම පිරිස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ පොකුරේ ආසාදිතයන් ලෙස පෙරේදා තවත් ආසාදිතයන් 382 දෙනකු හ`දුනාගෙන තිබුණු අතර ඒ අනුව ඉකුත් 4 වැනිදා සිට කොළඹින් වාර්තා වූ රෝගීන් ගණන 5899 ක් විය.

මේ අතර ඊයේ දිනයේ තවත් ආසාදිතයන් 404 දෙනකු පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමග මෙරට කොරෝනා ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලැබූ ගණන දොළොස් දහසේ සීමාව ඉක්මවා යමින් 12210 ක් ලෙස සටහන් විය.

මේ අන්දමට රෝගීන් වාර්තා වීම ඉහළ මට්ටමක පවතින අතරේ බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් ගණන ද ඊයේ වන විට පන්සියයේ සීමාව ඉක්මවා යමින් 506 ක් ලෙස ඉහළ ගොස් තිබිණි. එහිදී පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 41 දෙනකු හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශ සමත්ව තිබිණි.

මෙම තත්ත්වයත් සම`ග ඊයේ දිනයේ කොළඹ බන්ධනාගාරවල සියලූම නිලධාරීන් පීසීආර් පරීක්‍ෂණවලට ලක් කිරීමේ වැඩපිළිවෙළක් ද බන්ධනාගාර බලධාරීන් විසින් කි‍්‍රයාත්මක කරනු ලැබීය.

මේ දක්වා පොලිසියෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 785 ක් විය. ඒ අතර මෙතෙක් මූලාශ‍්‍රය නිශ්චිතව තහවුරු කර නොගත් පේරාදෙණිය පොලිසියේ රථවාහන රාජකාරියේ යෙදුණු පොලිස් නිලධාරියකු පෙරේදා හ`දුනාගෙන තිබේ.

මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත ගාල්ල මහාධිකරණය, මහෙස්ත‍්‍රාත් අධිකරණය, දිසා හා සිවිල් අභියාචනා අධිකරණ හා කම්කරු විනිශ්චය සභාව අද (18 වැනිදා* සිට දින තුනක කාලයක් වසා දැමීමට කටයුතු කළ බව ගාල්ල නීතිඥ සංගමයේ ලේකම් සමිත් තුෂාර මහතා පැවසීය.

බූස්ස අධි ආරක්‍ෂත බන්ධනාගාරයේ ර`දවා සිටි රැු`දවියකු ඇප ලබා නිවසට යෑමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී ඇති අතර ඔහු ඉකුත් 12 වැනිදා ගාල්ල අධිකරණයට පැමිණි නීතිඥයන් කිහිප දෙනකු හමුවී ඇති බවද නීතිඥ සංගමයේ ලේකම්වරයා පවසයි. ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් මත මෙසේ අධිකරණ සියල්ල වසා දැමීමට කටයුතු කර ඇත.

ගාල්ල යක්කලමුල්ල බටකැටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන බූස්ස බන්ධනාගාරයේ ඇප මත මුදා හැරිය පුද්ගලයාට බූස්ස බන්ධනාගාරයේ සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ අයකුගෙන් එය වැලෙ`දන්නට ඇතැයි ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

මීට පෙර හඳුනාගත් ආසාදිතයාගේ ආශි‍්‍රතයන් වූ තවත් හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමේ සිද්ධියක් හේතුවෙන් කුරුණෑගල තැපැල් අධිකාරී කාර්යාලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ඊයේ කටයුතු කෙරිණි.

මුල් ආසාදිතයාගේ ආශි‍්‍රතයන් වූ තැපැල් අධිකාරීවරුන් දෙදෙනකු, රියැදුරකු හා තවත් තිදෙනකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

මෙම ආසාදිතයන් අතරින් කුරුණෑගල තැපැල් නිලධාරීන් දෙනකු නිකවැරටිය තැපැල් කාර්යාලයට පරීක්‍ෂණ කටයුත්තක් ස`දහා පැමිණ තිබීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය ද ඊයේ දහවල් සිට වසා දමා ඇත.

මෙරට කොරෝනා ආසාදිත මානසික රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම ස`දහා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ ඒකක දෙකක් ස්ථාපිත කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් කටයුතු අරඹා තිබිණි.

Tags: covid 19

Share!
Tweet
Notice: Please check settings of Facebook API in Theme Options -> Advanced

admin

About the author

Leave a Reply Cancel reply

Popular
Recent
  • කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි..

    November 10, 2020

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යෝජිත “සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩ පිළිවෙලට” කැබිනට් අනුමැතිය ලැබේ.

    එංගලන්තයේත් කොරෝනා ජාවාරම්.

    -100 %
  • කොරෝනා මර්ධනයට අනිල් ජාසිංහ අද සිට යලි කැදවයි.. ...

    November 10, 2020

    Senior Journalist Priyath Liyanage passed away in ...

    February 12, 2013

    බදුර්දීන්ගේ දිගාමඩුලු ගෝලයා මන්ත්‍රී මුශාරෆ් ලාහුග ...

    February 12, 2013

Tag Cloud

airlanka anil jayasighe badudeen badurdeen bbc sinhala colombo covid covid 19 covid19 hospital priyath liyanage srilanka uk වත්තල 774කට කොවිඩ්

Archives

  • November 2020
  • February 2013

Custom text

Copyright © 2021 Design by www.sihaneth.com