International News

එංගලන්තයේ ලොරියක මළ සිරුරු 39 ක්

එංගලන්තයේ එසෙක්ස් හි ලොරි කන්ටේනරයක තිබී මළ සිරුරු 39 ක් සොයා ගනු ලැබිණි. ග්‍රේස් ප්‍රදේශයේ පිහිටි වෝටර්-ග්ලේඩ් නමැති කර්මාන්ත කලාපයේ තිබී මළ සිරුරු සොයා ගැනීමෙන් පසු ගිලන් රථ සේවය ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. ලොරියේ රියදුරු වූ විසිපස් හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතිකයකු අදාළ මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණි. ලොරි රථය බල්ගේරියාවේ සිට පැමිණ […]

International News

තායිලන්ත රජතුමා වල්ලභ කාන්තාව පදවියෙන් ඉවත් කලේ ඇයි

තායිලන්තයේ මහා වජිරලොංකොර්න් රජතුමා විසින් සිය වල්ලභ කාන්තාවක් වූ සීන්නීනාත් වොන්වෂිරාපක්දි(Sineenat Wongvajirapakdi) ඇය දැරූ තනතුරු සහ පදවිවලින් හිටිඅඩියේම ඉවත් කරනු ලැබීම රජපවුලේ නිරීක්‍ෂකයන් පවා අන්දුන් කුන්දුන් කිරීමට හේතුවිය. තායිලන්ත රජතුමා විසින් සිය විවාහක බිරිඳවන නව රැජිනට සමාන්තරව ‘සීන්නීනාත්’ සිය වල්ලභ කාන්තාවක් ලෙස නම් කරන ලද්දේ පසුගිය ජූලි මාසයේදීය. සීන්නීනාත් ඉන් අනතුරුව අග බිසව වන ‘සුතිදා’ රැජිනට සමාන තත්වයක් තමාටත් […]

International News

‘ස්ත්‍රිය’ ඉස්ලාමීය අන්තවාදීන්ට ‘රහසිගත අවියක්’

ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රවෘත්තියක් පළවෙද්දී කාන්තාවක් පිළිබඳව ලියැවී ඇත්නම් ඒ බොහෝ විට ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වූ ස්ත්‍රියක් පිළිබඳවය. එසේ නැතහොත් ත්‍රස්ත තර්ජනය සමනය කිරීමට මැදිහත්කාරියක ලෙස කටයුතු කරන කාන්තාවක පිළිබඳවය. නමුත් අන්තවාදය හා ක්‍රියාකාරීව සිටින හෝ ඊට සහයෝගය දෙන ස්ත්‍රීන් පිළිබඳව වාර්තා වූයේ කලාතුරකිනි. මෙම තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ ශමිමා බෙගම් නමැති නව යෞවනිය ඉස්ලාමීය […]

Technology

ගගනගාමීන්ට සඳ තරණයේදී අලුත් අභ්‍යවකාශ ඇඳුමක්

සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සදහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතිය, නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වනු ලැබීය. නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් විසින් ඊළග පරපුරේ ඇඳුම් කට්ටලය විශේෂ වැඩසටහනක් අතරතුරදී ප්‍රදර්ශනය කරන ලදී. The xEMU නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට […]

News Political

ප්‍රචාරක කටයුතු මෙහෙයවීම තහනම් කරන්න ඉල්ලා අධිකරණයට පෙත්සමක්

සිනමා ශාලාව තුළ සහ ප්‍රසිද්ධ ස්ථානවල ඩිජිටල් නාම පුවරු ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු මෙහෙවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. පෞද්ගලික සමාගමක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන් හතර දෙනා නම් කර තිබේ. පෙත්සම්කාර […]

Political Uncategorized

සජිත්ගේ රැලියකදී තරුණයෙකුට ගුටි

ඊයේ (22) පස්වරුවේ මාලඹේ නගරයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් පැවැත් විය. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනරැළිය අමතන අවස්ථාවේ  ස්වාධීන මාධ්‍යවේදියෙකු බව පවසමින් පුද්ගලයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දුන්නේය.

Local News

අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පිරිසක් ජා-ඇල දී අත්අඩංගුවට

නාවික හමුදාව විසින් අද (23) අළුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදාව විසින් ජා-ඇල මහ නගර සභාව අසල යොදා තිබූ  මාර්ග බාධකයේදී සැක කටයුතු වෑන් රථයක් පරික්ෂා කර තිබේ. එම වෑන් රථය වැඩිදුරටත් පරික්ෂා කිරීමේදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු මෙම […]

Local News

වසර පහට මෛත්‍රී යටතේ ආණ්ඩුකාරවරු 36 දෙනෙක්

ශ්‍රී ලංකාවේ පළාත් ආණ්ඩුකාරවරු ඉවත්කිරීම, ඉවත්වීම හා මාරු කිරීම පසුගිය කාලයේදී නිතරම මාධ්‍යවලින් ඇසුණු පුවතකි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එලෙස ආණ්ඩුකාරවරු අවස්ථා 36කදී මාරු කරන ලද අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් පදවිය හෙබැවූ ජනාධිපතිවරුන් අතරින් වැඩිම ආණ්ඩුකාරවරු පිරිසක් පත්කළ ජනාධිපතිවරයා ද ඔහුවේ. උතුරු සහ නැගෙනහිර එක් පළාතක් ලෙස ක්‍රියාත්මක වූ කාලයේ  2006 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ප්‍රකාර […]

Business News

සිගරට් බද්දක් අඩු කරයි

දුම්කොළවලින් හෝ දුම්කොළ ආදේශකවලින් නිෂ්පාදිත සුරුට්ටු, කට තබන පැත්ත උල්වූ සුරුට්ටු, සිගාරිලෝස් සහ සිගරැට් සඳහා පනවා තිබූ නිෂ්පාදන බදුවල වෙනසක් සිදුකර තිබේ. මේ අනුව දිග මිලි මීටර 67 ට වැඩි නමුත් දිග මි.මි. 72ට නොවැඩි සිගරැට් කාණ්ඩය සඳහා සිගරැට් 1,000 ක් සඳහා වන නව නිෂ්පාදන බද්ද රු. 33,000 ක් ලෙසින් නියම කර තිබේ. 2113/9 දරන […]

Local News News

පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තු වාර්තාවෙන් නිර්දේශ 8 ක්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව බදාදා (ඔක්තෝබර් 23) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න විසින් අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර ඉන් අනතුරුව එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෝ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට මාධ්‍ය හමුවකට එක් වූහ. එහිදී අදහස් දැක්වූ විශේෂ පාර්ලිමේන්තු තේරීම් […]