News Political

ප්‍රචාරක කටයුතු මෙහෙයවීම තහනම් කරන්න ඉල්ලා අධිකරණයට පෙත්සමක්

සිනමා ශාලාව තුළ සහ ප්‍රසිද්ධ ස්ථානවල ඩිජිටල් නාම පුවරු ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු මෙහෙවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. පෞද්ගලික සමාගමක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන් හතර දෙනා නම් කර තිබේ. පෙත්සම්කාර […]

Political Uncategorized

සජිත්ගේ රැලියකදී තරුණයෙකුට ගුටි

ඊයේ (22) පස්වරුවේ මාලඹේ නගරයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරන ජන රැලියක් පැවැත් විය. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජනරැළිය අමතන අවස්ථාවේ  ස්වාධීන මාධ්‍යවේදියෙකු බව පවසමින් පුද්ගලයෙක් ඔහුගෙන් ප්‍රශ්නයක් විමසීමට උත්සාහ කළ අවස්ථාවේ එහි රැස්ව සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දුන්නේය.

News Political

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 35ක්, වියදම කෝටි 400කට අධිකයි

නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු තරග වැදීමට නියමිතය. සදුදා (ඔක්: 07) උදෑසන රාජගිරිය මැතිවරණ කොමිසම් කාර්යාල පරිශ්‍රයේදී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම සිදුවූ අතර එහිදී තරගකරුවන් 35 දෙනෙක් නාම යෝජනා භාර දුන්හ. ඉරිදා (ඔක්: 06) දිනය වන විට ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂකයන් 41 දෙනෙකු […]